Flat tummy එකකට ව්‍යායාම

උදරයේ මේදය කියන්නේ බොහෝ කාන්තාවන්ට තියෙන ගැටළුවක්. හැඩට ඉන්න ආස හැඩ ඇඳුම් අඳින්න ආස කාන්තාවන්ට බාධාවක් වෙන මේ උදරයේ මේදය ඉවත්කරගෙන flat tummy එකක් ලබාගන්න පුළුවන් ව්‍යායාම ගැනයි අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ . හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ නම් මේ ව්‍යායාම නිසි ආකාරයට , දිනපතා හෝ සතියේ තෝරාගත් දින කිහිපයක සිදු කරන්නත් ඔබ මතක තියාගන්න ඕනේ 

Plank 

උදරයේ මේදය අඩු කරගන්න ඔබට නිරත වෙන්න පුළුවන් හොඳම ව්‍යායාමය තමයි මෙ. මුලින්ම ඔබ ඔබේ වැලමිට බිම තබා අත් වල ඇඟිලි එකතු කර ගන්න .කකුල් වල ඇඟිලි ආධාරකයක් ලෙස තබාගෙන උදරයෙන් ඉහලට එස වෙන්න. මතක තියාගන්න මේ අවස්ථාවේදී ඔබේ පසුපස ප්‍රදේශය පපු ප්‍රදේශය ඉතා සෘජුව තියෙන්නට වගෙම ඔබ ඉතා හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නටත්  ඕනෑ. මේ ඉරියව්වෙන් විනාඩි දෙකක් පමණ සිට විවේකයක් ලබා ගන්න. විනාඩි දෙක බැගින් කට්ටල තුනක් පමණ මේ ඉරියව්ව අනුගමනය කරන්න.

Side plank

ඉහත ව්‍යායාමයේ ම තවත් වෙනස් ඉරියව්වක් තමයි මේ. මුලින්ම ඔබ ඔබේ දකුණු පැත්තට වැතිරෙන්න. මේ අවස්ථාවේදී ඔබේ දකුණු පාදය මතින් වම් පාදය තිබිය යුතුයි.ඔබේ දකුණු වැලමිට ආධාරකයක් ලෙස තබාගෙන ශරීරය සෙමෙන් ඉහලට ඔසවන්න. ඉන්පසුව ඔබේ වම් අත ඉහලට ඔසවා ඔබේ ශරීරය යට  දෙසට ගෙනවිත් නැවත ඉහලට ඔසවන්න.මේ ආකාරයට 8 – 12 වතාවක් කරන්න. ඉන් පසුව මද විවේකයක් ගෙන වම්පසට වැතිරී එම ඉරියව්ව ම අනුගමනය කරන්න. මේ ආකාරයෙන් කට්ටල තුන බැගින් ව්‍යායාමය සිදු කරන්න

Boat pose 

මේ ව්‍යායාමයේ දිනපතා නිරතවීම මගින් ඔබට ඉතා ඉක්මනින් ඔබේ උදරයේ මේදය අඩු කරගන්න පුලුවන්. මුලින්ම ඔබ බිම වාඩිවෙන්න. ඉන්පසුව ඔබේ ශරීරය V හැඩයක් ගන්නා ලෙස ඔබේ කකුල් ඉහලට ඔසවා කෙලින් කර තබාගන්න. ඔබේ දෑත් කකුල් දෙසට දිගු කර සෘජුව තබා ගන්න. මෙම ව්‍යායාමය කරන අතරතුර ඔබේ උදරය ලිහිල්ව සහ සමතලා ලෙස තබා ගන්නත් මතක තබාගන්න.මෙය ඔබේ මූලික මාංශ පේශීන් ඉලක්ක කරගෙන කරන ව්‍යායාමයක් නිසා එය මාංශ පේශීන් ශක්තිමත් කරන අතරම ඔබේ සමබරතාවයද වැඩිදියුණු කරනවා 

Bicycle crunch 

Flat tummy එකක් ලබා ගන්න වෙහෙසෙන කාන්තාවන් අතර තවත් ජනප්‍රියම ව්‍යායාමයක් වගේම ඉතා පහසුවෙන් නිරත වෙන්න පුළුවන් ව්‍යායාමයක් තමයි මේ. මුලින්ම ඔබ පහසුවෙන් බිම වැතිරෙන්න. ඉන්පසුව ඔබේ දෑත් පිටුපසට ගෙන හිස පිටුපසින් තබාගන්න. ඉන්පසුව ඔබේ දෙපා අංශක 90 ක ට පමණ ඉහලට ඔසවා බයිසිකල් පදින ආකාරයෙන් දෙපා ක්‍රියාත්මක කරන්න. දොළොස් වතාවක් පමණ දෙපා දෙකටම කට්ටල තුන බැගින් මේ ව්‍යායාමය සිදු කරන්න

Lying leg lift 

මෙය ඉතා පහසු වගේම හොඳ ප්‍රතිඵල ලබා දෙන ව්‍යායාමයක්. මුලින්ම ඔබ පහසුවෙන් බිම වැතිරෙන්න. ඉන්පසුව ඔබේ දෙඅත්ල ඉණ යටින් තබාගන්න.මේ අවස්ථාවේදී ඔබේ දෙපා සෘජුව තිබිය යුතුයි.දැන් ඔබේ දෙපා සෙමෙන් ඉහලට ඔසවන්න. අංශක 90 ක් පමණ වනතුරු දෙපා ඉහලට ඔසවා මද වේලාවක් රඳවා තබා ගන්න. මෙය ඔබේ දරාගැනීම අනුව තප්පර තිහත් විනාඩි එකහමාරක් අතර කාලයක් තබා ගත හැකියි.ඉන්පසුව දෙපා සෙමෙන් නැවත බිමට ගෙන එන්න.මේ ආකාරයට 15 වතාව බැගින් විවේක ගැනීමත් සමග කට්ටල තුනක් සිදු කරන්න. 

මේ ව්‍යායාම ක්‍රම 5 ඔබට නිවසේ දී ඉතා පහසුවෙන්ම කරන්න පුළුවන් ව්‍යායාමයි. ඔබ මෙම ව්‍යායාම වල දිනක් දෙකක් නිරත වූවාට ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.ඒ නිසා ඉතා ක්‍රමානුකූලව මේවායේ නිරත වන අතරතුර සෞඛ්‍යය සම්පන්න සහ සමබර ආහාර වේලක් වගේම ඉතා හොඳින් වතුර පානය කිරීම ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි  

Related Articles

Don't Miss


Latest Articles