මනුජ ශක්තිමත්ව හිඳිමින්, සින්දූපා ගේ මානසිකත්වයද ශක්තිමත්වම තබා ගන්නට උත්සාහ කලේය. සින්දූපා ගේ අකමැත්තෙන් ඇයව අන් අයෙකු හා විවාහකරවීම සිදු කල නොහැකි බව ඇයට පැහැදිලි කරමින්, පලමුව සුවපත්ව සිටීම වැදගත් බව ඇයට අවධාරණය කලාය
එම සති අන්තයේ මනුජ කොළඹ ගියා වුවද, සින්දූපා දකින්නට යන්නට අවස්ථාව සකසා නොගෙන උන්නේය
” අපි මේ කුණාටුව පොඩ්ඩක් අඩුවෙනකල්, සයිලන්ට් එකේ ඉන්නෝනා කෙල්ල…”
මනුජගේ ස්වරයෙන්ම නිවී සින්දූපා ඉවසාගත්තාය.
දියණියව මඟ නොහැරි සිටින්නට මනුජට අමතර වෙහෙසක් ගන්නට සිදු වෙමින් තිබුණි. දියණියට නිරතුරු මනුජ තුරුලේම සිටින්නට අවැසි නිසාම, ඇයගේ සිත රිදෙන වචනයක් හෝ නොපවසා ඇයව රැක ගනිමින්, මනුජගේ විසරිත මානසිකත්වය එක් අරමුණක තබ ගැනීම පහසු වූයේ නැත.
විශ්ව හා සමඟ වූ සම්බන්ධතා මනුජම නවතා දැමුවේය. විශ්ව මනුජ හමුවෙන්නට කිහිඔඅ වතාවක්ම උත්සාහ කලද සාර්ථක වූයේ නැත. අවසානයේ විශ්ව මනුජ සොයා කඳවුරටම ගියේය.
” මං ගෙදරට ආවම උඹ ගේ ඇතුළේ ඉඳන් නෑ කියලා අර ඇන්ටි ලවා කියවනවානේ… මං මෙහෙට ආවේ උඹ මෙහෙවත් ඉන්නවාද බලන්න…”
විශ්ව දැඩි, ඍජු ඇණුම්පදයකින්ම දමා ගැසුවේය. මනුජ විශ්වට හිඳ ගන්නට සන් කලේය.
” කියපං… මම බිසි….”
“මාත් මේ වැඩ නැතුවට ආවා නෙවෙයි…”
“,ඇයි ආවේ එහෙනම් ..?”
” එතකොට එහෙමද උඹ ?”
” මං හින්දා උඹට ප්‍රශ්න කිව්වේ උඹමනේ… ඉතින් මම පැත්තකට වුනා… කොහොමටත්, මිනිස්සුන්ගේ ජීවිතවලට අසීමාන්තිකව වාත වෙන පුරුද්ද මගේ නෑ කියලා උඹ දන්නවනේ…”
“බලු කතා කියන්නෙපා බං… උඹ මාව මඟෑරලා ක්ලබ් එකේ සෙට් වෙලා තියෙනවා පෙරේදා…උඹ ගෲප් එකට පානිවිඩේ නොදා පර්සනල් අරුන්ට කියලා……”
” විශ්ව, උඹට කියන්න ඕනි දේ කියලා යමං…. “
“උඹ මට ඔහොම කරනවානම් කරහං මනුජ… මං කොච්චරක් හිර වෙලාද කියලා තේරුම් ගන්න බැරිනම් උඹ ඔහොම නෙවෙයි කොහොම කරත්, උඹේ යාලුකම නැති වෙන එක ගැන මම හිතන්නේ නෑ…”
මනුජ කිසිත් නොපවසා උන්නේය
” සින්දූපා ගේ තාත්තා අපේ නංගිව ගොඩ ගන්න වියදම් කලා කියලා උඹ දන්නවා… ඒ නැතත්, ඒ සිද්දියට අපිට උදව් කල මාමා සින්දූපා ගේ තාත්තා කියලා උඹ දැනගන්න ඕනි ……ඒ මනුස්සයා මාව හිර කරන්නේ ඒ වචන දෙක තුනෙන් බං…. මං මාර අසරණයි…. සින්දූව පන්නලා උඹට ගෙනල්ලා දෙන්න බැරිකමක් නෙවෙයි තියෙන්නේ…”
“අනේ හු$*& ..මේ… උඹ පන්නලා ගෙනල්ලා දෙනකල් ඉන්නෝනි නෑ මට… තෝ බලපංකෝ විශ්ව මම කවුද කියලා… මට ඕනි නම් ගිහින් මේ මොහොතේ මම කෙල්ලව උස්සන් එනවා.. මේ ඉවසන්නේ ඒ තාත්ත ඉන්න තැන මාත් ඉන්න බව දන්න නිසා….. උඹ ඒ නිසා මට නිදහසට කාරණා කියන්න අවශ්‍ය නා.. උඹ උඹේ වැඩක් බලාගනින්….මට පුලුවන් මේවා බලාගන්න…”
” ප්‍රශ්නේ ඒක නෙවෙයි මනුජ… “
“මොන මඟුලක්ද බං කියන්නේ ?”
” නිර්ධා මට කතා කලා…”
මනුජ විමතියෙන් බලා උන්නේය. එවැනි වැකියක් ඇසුනාදැයි තහවුරු කරගන්නට මෙන් , කිසිවක් නොවිමසාම බලා උන්නේය.
” නිර්ධා කතා කලා…”
“මොකක්ද කියන්නේ ?”
“දරුවාගේ කස්ටඩි ඉල්ලන්න ඒකි එනවලු.. උඹ වෙන ගෑණියෙක් එක්ක සෙට් වෙනවා නම්, දරුවා උඹ ළඟ තියන්න බෑලු… උඹත් එක්ක හරියට ඒ ගැන කතා කරලා ඒකිට කියන්න කිව්වා… ඒ උඹ දෙන තීරණේ මත, ඒකි මෙහෙ එන එක තීරණය කරන බව කිව්වා…”
මනුජ සිනාසුනේය. එලෙස නම්, සින්දූපා ගේ පියාගේ සැලැස්ම එලෙස දිග හැරී ඇත. විශ්වද ඒ බව සඟවමින් කතා කලාට, ඔහුද ඒ ගැන දන්නවා විය යුතුය. ඔවුන් ගේ තුරුම්පු මෙතරම් ඉක්මනින්, එතරම් අපහසු ඉමක් කරා විසිරී ඇත
” ඉතින්.. උඹ දැන් දොස්තරකමට අමතරව තෝල්ක මුදලිකමුත් කරනවාද?”
මනුජ සරදමින්ම ඇසුවේය. විශ්ව ඉන් සිත රිදවා නොගෙන සිටින්නට උත්සාහ කලේය. මෙවෙලෙහි තම රිදවීම පසෙක තමා කලගුණ සැලකීම වෙනුවෙන් අවධානය යොමු කර යුතුව ඇත.
” මං නිර්ධා ගේ පණිවිඩේ උඹට කිව්වෙ..”
” හරි. එල… තෑන්ක්ස් … දැන් පලයං… ආයේ එක එකාගෙ පණිවිඩ අරගෙන මගේ ඉස්සරහට ආවොත්…. තෝව මරනවා විශ්ව මම…”
මනුජ එලෙසින් පවසා නැගිට්ටේය. විශ්ව එතැනින් පිටතට ගියේ මනුජ පිටව ගොස් සෑහෙන්න වෙලාවකිනි. වසර විස්සකට පැරණි මිතූරුකමක්, මෙලෙසින් පාවා දෙන්නට සිදුවීම දෛවයේ සරදමක් ලෙස දැනෙන්නේය.
” මට සමාවෙයං බං…. මට සමාවෙයං …. උඹටයි, සින්දූපා නංගිටයි දෙන්නාටම වඩා මෙවෙලේ මම අසරණයි බං…. උඹලා දෙන්නත් මට පුප්පනවා…මාමාත් මට පුප්පනවා….. අන්තිමේදි මට එල්ලෙන්න වෙන්නේ…..”
විශ්ව උන්නේ ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් බරපතලම ගැටලුවකට මැදි වෙමිනි.
මනුජ සින්දූපා ගේ ඇමතුමට පිළිතුරු දුන්නේ ඔහු උන් පීඩනය පසෙකට තබමිනි.
” කෙල්ල…”
“ම්ම්ම්ම් ….. “
“!කාලා බීලාද ? ‘
“කෑවා මනුජ….ඔයා ?”
” කාලා උන්නේ සින්දූ ….”
” තාත්තාගෙ යාලුවාගේ පුතෙක් ගැන මම කීවේ අර…… එදා හොස්පිට්ල් එකට එන්නත් උන්නේ.. රට ඉඳලා එනවා කිව්වේ…”
“මතකයි…”
“අද එයා එනවලු මාව බලන්න …”
“හ්ම්ම්ම්…”
“කතා කරලා යන්න…ලු…”
“ඒකට කමක් නෑ සින්දූ.. එන්න දෙන්න.. කතා කරලා යන්න නේ…”
“දුක් වෙන්නෙපා… මම … ඔයාටයි ආදරේ…”
“මං ජීවිතේ සෑහෙන්නම අහිමිවීම් දරාගත්ත මිනිහෙක් සින්දූ… මගේ වැරදි හින්දා වේවා.. එහෙම නොවේවා… කවදාවත්ම අතාරින්න නොඋන්න දේවල් මම අතෑරලා දැම්මා… මගේ දෛවයේම ලියවිලා තියෙන දෙයක් ඒ…”
“ඔහොම කියන්නේ ඇයි කියන්නකෝ.. මම එහෙම වෙන්නේ නෑ… අපිට මේක පුලුවන් …”
“අපි තවම දැනගෙනත් මාස දෙකක් පැන්නේ නෑ සින්දූ ..”
“ඔයා දන්නවාද ? සමහර දේවල් තියෙනවා… එව්ව… කාලය ඉක්මවන දේවල්… කාලය කියන්නේ ඒ හැඟීම් වලට අදාලම දෙයක් නෙවෙයි….. ඒක නෙවී.. මම උදේ දෝණිට කතා කලා…..”
මනුජගේ මුව අග්ගිස්සෙන් සිනහවක් වැටුණේය. ඇවිලෙන ගිනි දැල් මැද පවා සිනහවක් ගෙන එන්නට වචනයකට හැකි වීම කෙතරම් ද ?
” සාරතී ආන්ටිට අරගෙන කතාකලේ.. එයාට මාව මතකයි…”
” ම්ම්ම්ම්…..”
“මං කතා කලාට කමක් නෑනේ…?”
“මගෙන් අහන්නේ? ඔයාගෙත් නේ…”
මනුජට ඉබේම එලෙස කියවුනේය. අරමුණ එකම වූ කල , දේවල් මෙහෙමද විය හැකිය.
” මං අද චුට්ටක් ඇවිද්දා…”
“අවුලක් නෑනේ?
“නෑ…”
” මෙහෙ මගේ හොඳම යාලුවෙක් ඉන්නවා ෆිසියෝ කෙනෙක්… මෙහේ ආවම ඌත් මීට් වෙමු…”
” හා..”
යලි දියතලාවේ යෑම කෙතරම් අපහසු ඉලක්කයක්ද දැන දැනම, සින්දූපා මනුජට නොරිදෙන්නට එලෙස කීවාය












