ළතෙත් ආදර හැඟුම් ගංගා – 57

*තාරානාත් දහම් වංශනායක*

කෙනෙක්ට තමන් ආදරේ කරන කෙනෙක්ව නැතිවෙන්න තියෙන හොඳම විදිය තමයි මරණය හන්දා නැති වෙන එක.

මං එහෙම කිව්වම ඔයාලා නිකන් මහ අමුතු විදියට ඒක දිහා බලන්න පුළුවන්.

ඔයාලා මගෙන් අහන්න පුළුවන් “තමන් ආදරේ කරන කෙනෙක් මැරෙනවා කියන එක නැතිවෙන්න හොඳම විදිය වෙන්නෙ කොහොමද?” කියලා. මරණය කියන්නෙ ශාරීරිකව අපි ඈත්වෙන එකක්. ඒකත් හිතට අරගෙන එන්නේ මාර වේදනාවක්. ඒ උනාට තමන් ආදරේ කරපු කෙනා තමන්ව දාලා ගියේ රවට්ටලා, වෙන කෙනෙක් එක්ක එක්කහුවෙලා, රණ්ඩුවෙලා, ගැලවෙන්න බලාගෙන නෙවෙයි කියන එකම අර “ආදරේ කවදාවත් මාව දාලා ගියේ නෑ” කියන ඇශුවරන්ස් එක අපිට දෙනවා. 

ඒ කිව්වෙ කෙනෙක් මැරුණම ඒක අන් බෙයාරබල් කියන දේ ඇත්තක්. හැබැයි ඒ වේදනාව පිරිසිඳු වේදනාවක්. ඒ වගේම ඒක ෆයිනල්. ඒක කවදාවත් පරණ වෙලා පණුවො ගහලා, කුණු වෙන්නෙ නැති විදියෙ තුවාලයක් හිත අස්සෙ තියාගෙන ඒක ආය ආය මතක් කරන වේදනා විඳිනවා වගේ කතාවක්. මොකද කොච්චර ලොකු වේදනාවක් ඒ තුවාලෙ හන්දා ලැබුණත්, ඒ වෙන්වීම හන්දා ලැබුණත් ඔයා එක දෙයක් ටක්කෙටම දන්නවා. 

ඒ තමයි “එයාලා ගියේ එයාලට යන්න වෙච්ච හන්දා මිසක් යන්න ඕන වෙච්ච හන්දා නෙවෙයි” කියන එක. 

අන්න ඒ නිසාම නාද්‍යාගෙයි අහස්ගෙයි අහිමිවීම කියන්නෙ මට දරාගන්න ලේසි වෙච්ච දෙයක් නෙවෙයි. මං උන්නෙ ඒ හැඟීම දරාගන්න බැරුව. 

මම එංගලන්තයෙන් පිටත් වුණේ හරියට පිස්සෙක් වගේ. තාත්තගේ ට්‍රීට්මන්ට් වැඩ ටික ලොකු නැන්දට භාර දීලා තිබ්බ හන්දා වගේම ඔෆිස් එකේ වැඩ ටිකත් භාර දීල තිබ්බ නිසාම  මගේ හිතේ තිබ්බේ එකම එක ගින්දරයි. මට මගේ ගෙදරවත් පුරුදු තාලෙට ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ගෙදර හැම තැනම තිබ්බේ හිස් බවක්. මම ඇවිත් හිටියේ මගේ ආදරේ තිබ්බ තැනට නෙවෙයි, ඒක නැති වෙච්ච තැනකට කියන එක මට හොඳටම දැනුනා කිව්වොතින් හරියටම හරි.

ලංකාවට ආවට පස්සෙත් මම නාද්‍යාගේ ෆෝන් එකට කී පාරක් කතා කළාද කියලා මට මතක තිබ්බෙ නෑ. මම නාද්‍යාගෙ ෆෝන් නම්බර් එක තිබ්බ ටෙලි කමියුනිකේශන් සෙන්ටර් එකට ගියාම ඒ මිනිස්සු කිව්වේ විධිමත් ලීගල් ඩොකියුමන්ට් එකක් නැතුව ඒක කරන්න විදියක් නෑ කියන එක. 

අන්න ඒ හන්දමයි මම නාද්‍යා දරුවා එක්ක මෙහෙම මිසින් කියලා පොලිසියට කම්ප්ලේන් කරන්න හිතුවෙ.  ඒත් ඒ හැමදේටම කලින්  මම මංජු එක්ක කතාකරන්න හිතුවෙ මිනිහා මොනවහරිම දන්නවා කියන එක තේරිච්ච හන්දා.

“මංජු උඹයි මමයි දන්නෙ අද ඊයෙ නෙවිනෙ. අපි දෙන්නා දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක හන්දා වගේම නාද්‍යා හන්දත් අඳුරගත්ත මිනිස්සු. එහෙමෙකේ උඹට හේතුවක් තියෙන්න විදියක් නෑ මචං මගෙ කෙල්ලටයි දරුවටයි මොකද උනේ කියලා මගෙන් හංගන්න. 

නාද්‍යා කියලා ගියා නම් උඹට මට කියන්නෙපා කියලා එයාලා ගිය තැන හරි මචං අවුලක් නෑ මං පොරොන්දු වෙනවා උඹව අල්ලලා දෙන්නෙ නෑ කියලා. මට කියපං, මම හොයාගත්තා වගේ ගිහින් කතා කරන්නම්.

උඹට ඒකත් කරන්න බැරිනම් අඩුම ගානෙ මට කියපං මචං මෙහෙම එකපාර අන්තරස්දාන වෙලා යන්න තරම් නාද්‍යාට තිබ්බ ප්‍රශ්නෙ මොකද්ද කියලා?”

“සර්… මම ඇත්තටම කිසිම දෙයක් දන්නේ නෑ සර්. මම දිවුරලා කියන්නම්. මොකටද අනික මම සර්ට බොරු කියන්නේඒ? ආයෙ මොනව අරගන්නය එහෙම බොරු කියලාආඅ?.” කියලා මංජු ඇදලා පැදලා නිකන් අත් ගස්සල පද්දලා කියද්දිත් මං උන්නෙම “බොරු කියන්නෙපා යකෝ” කියන වෝනින් එක මගෙ ඇස් අස්සෙන් මංජු දිහාවට එළියට විසික්කරලා දාන ගමන්.

“ හරි බොරුවක් නෙවෙයි නම් උඹ කියපං. උඹ ඇත්තටම දන්නේ නැත්නම් නාද්‍යා ඇයි ගියේ, කොහෙද ගියේ කියලා ඇයි උඹ මෙච්චර බය වෙලා ඉන්නේ? “

“බයවෙන්නෙ නැද්ද මේ මෙහෙම ඇවිල්ලා කොච්චර නෑ කිව්වත් මරං කන්න හදද්දි. ඇයි යකෝ අපිත් මිනිස්සුනෙ. මෙහෙම මේ එක එක්කෙනා ඇවිල්ල උන්ගෙ ගෑනු ගැන අපෙන් අහද්දි අපිත් කන්ෆියුස් වෙනවනෙ?” කියලා මංජු කියද්දි මට ඌ කියන්නෙ ඇත්ත කියලා හිතනවට වඩා වෙන දෙයක් කරන්න තිබ්බේ නෑ. හැබැයි ඌ මොනවා කිව්වත් මංජු කිසිම දෙයක් නොදන්නවා කියන එක මට විශ්වාස කරන්න පුලුවන් උනේ නෑ. මට තේරුණා ඌ වෙන කාට හරි බය වෙලා කියන එක. ඒ වගේම නාද්‍යා වගේම මංජුව බයවෙන්නත් හේතු වුනේ එකම දේ කියන එක. මේක නාද්‍යා මංජු එක්ක එක්කහු වෙලා ගහපු ප්ලෑන් එකක් කියන එක.

“හරි දැන් උඹට මටනෙ මේක කියන්න බැරි නේද? මම පොලිසිය එක්ක මෙතනට ආවොත් උඹට ඔය උත්තරේ දෙන්න විදියක් නෑනෙ. එදාට මම වමාරගන්නම්කො ඇත්ත මොකද්ද ,” කියලා මම ඌට අවසන් නිවේදනේ දුන්නෙ එහෙම කරන්න හිතාගෙන නෙවෙයි. හැබැයි එහෙම කිව්වොතින් හරි ඌ බයවෙලා මට ඇත්ත කියාවි කියලා හිතිච්ච හන්දා.

ඒත් මංජු කියන්නෙ මම හිතුව ජාතියේ පුතයෙක් නෙවෙයි කියන එක මට තේරුණේ කින්ඩි හිනාවක් එක්ක මංජුගෙ කටෙන් ඊළඟට එලියට විසි වෙච්ච වචන පේළියක් එක්ක.

“පොලිසිය නෙවෙයි ඉතින් හමුදාව එක්කන් ආවත් මට කියන්න තියෙන්නෙ මම දන්නෙ නෑ කියන එක තමයි සර්. විස්වාස නැත්තම් ඉතින් ඇවිත් බලන්නකො” කියලා මංජු කිසි ගාණක් නැතුව කියද්දි මං බැලුවෙ උගේ ඒ බයක් ගෑවිච්ච නැති වචන වල තිබ්බ බය නැතිකම උගේ ඇස් අස්සෙත් පේන්න තියෙනවද කියලා.

මංජු එක්ක මේක කතාකරලා තේරුමක් නැතිවෙච්ච තැන ඇත්තටම මට ඉතුරුවෙලා තිබිච්ච එකම ඔප්ශන් එක උනේ පොලිසියට යන එක. ගිහින් කියන එක මම කසාද බඳින්න උන්න ළමයයි, දරුවයි අතුරුදහන් වෙලා කියන එක. පොලිස් කේස් වලට අත දාන එක ලොකු ප්‍රශ්නයක් කියලා තේරූනත් ඒ විදියට ඇරෙන්න නාද්‍යාවයි අහස්වයි හොයාගන්න වෙන විදියක් මට නෑ කියලා තේරිච්ච හන්දම මමයි, අමරසූරියයි පොලිසියට යන්න ලෑස්ති වුණා. ඒත් මම උන්නෙ පොඩ්ඩක් පැකිලෙන ගමන්. මම පොලිසියට යන එකෙන් මට නාද්‍යාව හොයාගන්න පුලුවන් බව දැනගෙන උන්නත් නාද්‍යාට ඕන මගෙන් ඈත්වෙන්න, හැංගිලා යන්න නම් මම පොලිසියට යන එකෙන් ඒ චාන්ස් එක එයාට නැතිවෙනවා කියන එකත් මට මතක් උනා.

“ඇත්තටම නාද්‍යා මෙහෙම ඩිසිශන් එකක් ගත්තෙ එයාට මොකක් හරි හේතුවක් හන්දා මගෙන් ඈත්වෙන්න උවමනා නිසානම් මම එයාව හොයාගෙන යන එකෙන් එයාට කරන්නෙ ලොකුම ලොකු වරදක් නේද?” කියන ප්‍රශ්නෙ උඩ තට්ටුවෙ ඉඳලා පල්ලෙහා තට්ටුවට පඩිපෙල බහින ගමන් උන්න මගේ කකුල් පටලවන්න හේතුවුනා කිව්වොතින් හරියටම හරි/

පුරුදු බිමේත් පය පැටළුනේ අන්න ඒ උත්තර නැති ප්‍රශ්නෙ හන්දා.

එහෙම සිතුවිලි දහස් ගාණක් අස්සෙ හිරවෙලා උන්න මාව තිගස්සවගෙන වගේ තමයි ගෙදර ඩෝර් බෙල් එක රින්ග් උනේ.

ඒ රින්ග් වීම පිටිපස්සෙ උන්නෙ කවුද බලන්න හිතාගෙන තමයි මම දොර දිහාවට ඇවිදන් ගියේ.

මම දොර ඇරියෙත්, අපි දෙන්නට දෙන්නා අපි දෙන්නගෙ මූණ බලාගෙන උන්නෙත් කතා කරගෙන වගේ.

කවදාවත් ආය දකින්න ලැබෙන එකක් නෑ කියලා මම හිතුව ඒ මූණ ආය දකින්න ලැබුණම මෙච්චර දවසක් මගේ හිත අහපු ප්‍රශ්නවලට උත්තර හිතාගන්න පුළුවන් උනත් ඊටත් වඩා ප්‍රශ්න මගේ හිතේ ගොඩ ගැහුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles