බෙල්ල පිටුපස කුදු ස්වභාවය හෙවත් back neck hump නැති කරන ව්‍යායාම.

කාන්තාවන් බොහෝ දෙනෙක් back neck hump නිසා අපහසුතාවයට පත් වෙනවා. මෙයට හේතුව බෙල්ල පිටුපස ඇති කුදු ස්වභාවය නිසා කාන්තාවන්ගේ upper body සුන්දරත්වයට හානිවීමයි.බෙල්ල හා පිටුපස open වූ සාරි හැට්ටයක් හෝ සාමාන්‍ය බ්ලවුස් එකක්,ගවුමක් ඇන්දාම එහි සුන්දරත්වයට හානි කරන්න මේ බෙල්ලෙ පිටුපසින් ඇති අනවශ්‍ය කුදු ස්වභාවයට හැකියි.

Back neck hump ඇති වන හේතු .

වැරදි ඉරියව්

ස්මාර්ට් ෆෝන්ස්, ලැප්ටොප් හෝ පරිගණක භාවිතා කරන වැරදි ඉරියව් නිසා බෙල්ල පිටුපස කුදු ගතියක් ඇති වෙනවා.මෙය ඔබේ පෙනුමට ඇති කරන්නේ බොහෝ අවලස්සනක්.

මේදය තට්ටුවක් තැන්පත් වීම

කාන්තාවන් ගේ සිරුරේ අනවශ්‍ය මේදය වේගයෙන් තැන්පත් කරන ස්ථාන කීපයක් තියනවා.බෙල්ල පිටුපසත් එවැනි ස්ථානයක්.අනවශ්‍ය මේදය තැන්පත් වීමෙන් මේ කුදු ස්වභාවය ඇතිවෙනවා

මීට අමතරව.

  • ජාන ගැටළු
  • තරබාරුව

මීට හේතු වෙනවා.

මුලින්ම අපි කතා කරන්නේ රාත්‍රී නින්දට ඇඳට යන්නට පෙර සහ ඇඳේ සිට මේ සම්බන්ධයෙන් කළ හැකි ව්‍යායාම කිහිපයක් ගැනයි.

Easy Peasy Tablet Exercises

  • ඔබ ඇඳේ මුනින් අතට දිගා වී මුහුණට කෙලින් ටැබ්‍ එක හෝ ෆෝන් එක තබා ගන්න.
  • එහි යම් වීඩියෝ එකක් ක්‍රියාත්මක කරවා මුහුණ මත වැලමිටි වලින් ඔසවා ගත් අත් දෙක තබා ගන්න.
  • කෙලින් කර ගත් හිසින් විනාඩි පහක් වීඩියෝ එක නරඹන්න.

Arm up/ Tilt head exercises

  • මුනින් අතට දිගා වී හිඳිමින් ම යම් මුහුණ තරමට උස යමක් ගෙන එහි අතක් තබා ගන්න.
  • බිම බලමින් නැවත නිශ්චිත මට්ටමක උසක් දෙස බලන්න.
  • අනෙක්පස හැරී මෙය කරන්න.
  • දෙපසටම වාර දහය බැගින් සිදු කරන්න.

කොට්ටයක් මත විනාඩි දහයක් නිදා ගැනීම.

  • බෙල්ල පිටුපස මස් ඇති වීම හෙවත් Neck hump තත්වයට ඔබ කොට්ට භාවිතා කිරීම නොකළ යුතුයි.
  • ඒ නිසා ඉතා පැතලි කොට්ටයක් ගෙන එය මත විනාඩි දහයක් උඩු අතටනිදා ගන්න.
  • ඉන්පසු කොට්ටය ඉවත් කර හොඳින් නිදා ගන්න.

මීට අමතරව ඔබට පහත ව්‍යායාම ද කරන්න පුලුවන්

YWTL exercises

අත් දෙක ඉහළට ඔසවා YWTL ආකාරයට පහතට ගනිමින් තත්පර විස්සක් එක ඉරියව්වක පැවතීමයි.

රූපසටහන ආධාරයෙන් ඉරියව් සකසා ගන්න.

Pull Arm /tile head

දෙඅත් පිටුපසට තදින් අල්ලා ගන්න
ඉහළ බලන්න.හුස්ම ගන්න.
මෙය කිහිප වතාවක් කරන්න

Arm up/Turn and tilt

බිත්තියකට ඉහළට ඔසවා ගත් වම් අත හේත්තු කරගන්න.
වැලමිට කෙලින් තබා ගන්න
හිස හරවා බලා තත්පර තිහක් ඉන්න.
එය තුන්වාරයක් කරන්න.
දකුණු පසටද එය සිදු කරන්න.

අත් වලින් කරන ව්‍යායාම

  • අත් දෙක වැලමිටෙන් නවා පපුව ඉදිරියේ තබා ගන්න.
  • උරහිස් සහ පිට ප්‍රදේශය හොඳින් ක්‍රියාත්මක වන සේ ඉදිරියට පසුපසට අත් ක්‍රියා කරවන්න.
  • අත් දෙක උරහිසෙන් නවා ගන්න
  • ඇඟිලි උරහිස් වලින් තබා ගන්න
  • හොඳින් උරහිස් ඉදිරියට සහ පහලට කරකවන්න
  • අත් දෙක දිග හැර ගන්න
  • දෑත් ඉහළට සහ පහළට කරකවන්න.

මේ සරල ව්‍යායාම Neck hump තත්ව වලට පමණක් නොවෙයි. බෙල්ලේ වේදනා සමනයටත් ගැලපෙනවා.

Related Articles

Don't Miss


Latest Articles