ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සිරුරේ බර අඩුකරන අත් බෙහෙත් කිහිපයක්

කෙට්ටු වෙලා සිරුර හැඩ කරගන්න අපි බොහෝ දේවල් කරනවා.ඩයට් ප්ලෑන්, එක්සයිස් කිරීම් වගේ දේවල් අතරට කළ හැකි දෙයක් ගැන තමයි අද ඔබට කියන්න අපි හිතුවේ.

මේ අපේ සිංහල අත් බෙහෙත් අතර තියෙන සිරුරේ මහත අඩු කරන දේවල්.මේ දේවල් වලින් ඔබේ සිරුරට හානියක් නොවෙන නිසාම මේ දේවල් අත්හදා බලන්න ඔබට අවිශ්වාසයක් නැතුවම පුලුවන්.

උදෑසන පානය කළ හැකි දේවල්

උදේ අවදි වූ විගස මඳ රස්නය සහිත වතුර වීදුරුවක් පානය කිරීම ඉතා හොඳයි.මෙය ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න වගේම මල බද්ධය අඩු කරන්නත් හේතුවක්.මාසයක් පමණ මෙය නොකඩවා කිරීමෙන් සිරුරේ බර අඩු කරගන්න පුලුවන්.

වතුර වීදුරුවකට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර උදෑසන හිස් බඩට පානය කිරීමත් සිරුරේ බර අඩු කරන්න හේතුවක්.හැබැයි මෙයත් මාස කිහිපයක් නොකඩවා සිදු කළ යුතුයි.

උදෑසන ආහාරය ලෙස කැඳ වර්ගයක් පානය කිරීමත් එයට ඉඟුරු ඉස්ම මිශ්‍ර කිරීමත් බර අඩු වෙන්න හේතුවක්.

කරපිංචා බ්ලෙන්ඩර් කර සාදාගත් යුෂ කෝප්ප බාගයක් සහ දෙහි ගෙඩි බාගයක ඉස්ම මිශ්‍ර කර උදේට පානය කරන්න. ඔබට ගෑස්ට්‍රයිටිස් නැතිනම් ගම්මිරිස් ස්වල්පයක් ද එකතු කරන්න.

රෑ නින්දට පෙර කළ හැකි දේවල්

දිනපතා නින්දට යාමට පෙර මඳ රස්නය සහිත වතුර වීදුරුවකට දෙහි යුෂ තේ හැදි බාගයක් සහ මී පැණි තේ හැන්දක් එකතු කර පානය කරන්න.

දිනපතා ගත හැකි අත් බෙහෙතක්

ප්‍රධාන ආහාර වේල් තුනට පසු සුදුළූණු සහ ගොරකා තම්බා ගත් වතුර අඬු කෝප්පයක් පානය කරන්න.මෙය ආහාර දිරවීමට, මේද අවශෝෂණයට හේතුවක්.

ස්නානයට පෙර අබ තෙල් ඇඟේ ගල්වා සම්බාහනය කර උණුසුම් ජලයෙන් ස්නානය කිරීමත් කෙට්ටු වෙන්න හොඳ අත්බෙහෙතක් බව පැවසෙනවා.

මීට අමතරව ගෝවා සලාදයට දෙහි යුෂ එකතු කර ආහාරයට ගැනීමත් බර අඩු වෙන්න හේතුවක්.

බර අඩු කරන එළවළු වර්ග

පිපිඤ්ඤා
ගෝවා
බෝංචි
රාබු
බණ්ඩක්කා
නෝකෝල්
පතෝල
පුහුල්

බර අඩු කරන පළතුරු වර්ග

කොමඩු
දෙහි, දොඩම්, ලෙමන්
ජම්බු
අඹ

මේවා ආහාරයට ගැනීමත් ඔබේ සිරුරේ බර පාලනයට හේතුවක්.

ඔබට අපි නිරන්තරයෙන් රැගෙන එන ආහාර පාලන ක්‍රම, ව්‍යායාම කරන අතරේ මේ දේවල් කරලා බලන්න. මේ අත් බෙහෙත් වලටත් ඔබේ සිරුරේ බර පාලනය කරලා ඔබට සිහින් සිරුරක් ලබා දෙන්න පුලුවන් වෙයි.

Related Articles

Don't Miss


Latest Articles