කිහිප වතාවක් විවාහ වූ බොලිවුඩ් තරු

බොලිවුඩයේ ඕපාදූප කියන්නේ සාමාන්‍යයෙන් කිසිම දවසක පරණ වෙන කතන්දර නෙවෙයි. ප්‍රේම කතා නිරන්තරයෙන්ම වෙනස් වෙනවා වගේම බොලිවුඩයේ නළු නිළියන් එක විවාහයක රැඳෙන අවස්ථා ද අඩු තැන් තිබෙනවා. ප්‍රේමය හෝ මොනයම් කාරණාවක් නිසා විවාහයේ රැඳෙන්නට බැරිනම් දික්කසාද වීම හැරෙන්නට විකල්ප ඇත්තේ ද නෑ.

අද Gossip එක, දෙතුන් වතාවක් විවාහ වූ ජනප්‍රිය බොලිවුඩ් නලුවන් ගැන.

ධර්මේන්ද්‍ර

ප්‍රවීන බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර Apne Apne, Sholay, Dharam Veer සහ තවත් බොහෝ චිත්‍රපට නිසා අතිශය ප්‍රසිද්ධ වූ නළුවෙක්. ධර්මේන්ද්‍ර 1953 දී  පාකාෂ් කෞර් සමඟ විවාහ වූයේ ඔහු සිනමාවට පැමිණීමට පෙරයි.පසුව ඔහු ඉන්දියාවේ එවකට සිහින පෙම්වතිය වූ හේමා මාලිනී  සමඟ ආදරයෙන් බැඳී 1980 දී ඇය සමඟ විවාහ වුණා. එම ප්‍රේමය වෙනුවෙන් ඔහුට විශාල සටනක් දියත් කරන්නට වූ බවත් කියැවෙනවා.

සංජේ දත්

සංජේ දත්ගේ ජීවිතය ක්‍රියාදාම, ආදරය සහ ත්‍රාසජනක බවින් පිරී තිබෙන්නක්. සරලවම පැවසුවොත්  ඔහු බොලිවුඩ් චිත්‍රපටයකට සමාන කතාවක් ඇති සුපිරි තරුවක්. 

සංජේ දත් ප්‍රථම වරට 1991 දී විවාහ වූවා. ඒ නිළියක වන රිචා ෂර්මා සමඟයි. ඇය මොළයේ ගෙඩියක් හේතුවෙන් 1996 දී මිය ගියා. 1998 දී ඔහු නිරූපිකාවක් වන රියා පිල්ලෙයි සමඟ විවාහ වූ නමුත් පසුව 2005 දී ඔවුන් දික්කසාද වූවා ඉන් පසුව ඔහු Manyata සමඟ ආදරයෙන් බැඳී 2008 දී ඇය සමඟ විවාහ වුණා.

සායිෆ් අලි ඛාන්

ක්‍ෂේත්‍රයේ කීර්තියක් අත්කර ගැනීමට පෙර, සයිෆ් අලි ඛාන් ජ්‍යෙෂ්ඨ නිළි අම්රිතා සිං සමඟ ආදරයෙන් බැඳී තිබුණා, ඔහුගේ පළමු චිත්‍රපටය වන පාරම්පරා (1993) ටත් පෙර 1991 දී ඔවුන් විවාහ වූ නමුත් 2004 දී දික්කසාද වුණා. සාරා අලි ඛාන් සහ ඊබ්‍රහිම් අලි ඛාන් ඒ විවාහයෙන් ඔවුන්ට ලැබුණු දරුවන්

කරීනා කපූර් සමඟ වසර 4-5ක සබඳතාවයකින් පසු 2012 දී  ඇය සමඟ සායිෆ් විවාහ වුණා. ඔහුට ඒ විවාහයෙන් කුඩා පුතුන් දෙදෙනෙක් සිටිනවා.

අමීර් ඛාන්

අමීර් ඛාන් 1986 දී ඔහුගේ නව යොවුන් වියේ ආදරය වූ රීනා දත්තා සමඟ විවාහ වූ නමුත් පසුව ඔවුන් 2002 දී දික්කසාද වුණා. 

ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වන Lagaan (2001) අතරතුර, අමීර් එහි සහකාර අධ්‍යක්ෂ කිරන් රාඕ සමඟ ආදරයෙන් බැඳුණා.ඔවුන්  දෙදෙනා 2005 දී විවාහ වීමට තීරණය කළා. එහෙත්  2021 දී ඒ විවාහයත් දික්කසාදයකින් කෙළවර වුණා.

උදිත් නාරායන්

උදිත් බොලිවුඩයේ සෑම නළුවෙකුට පාහේ හඬ දුන් අසහාය ගායකයෙක්. ඔහු වෙනත් විවාහයකට යාමට පෙර තම පළමු බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීමට වෙහෙසුණේවත් නෑ. ඔහු තම පළමු බිරිඳ වන රන්ජනා ජා හැර ගියේ ඇය තම  සහකාරිය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්. භාර්යාවන් දෙදෙනෙකු සිටීම නිසා ඔහු විශාල ගැටළු වලට මුහුණ දුන්නා.ඔහුගේ පළමු බිරිඳගේ නීතිමය ක්‍රියාමාර්ගය හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ අවදානමට මුහුණ දීමෙන් පසු උදිත් සංහිඳියාවට කැමැත්තක් දැක්වූවා. ඔහු සමථයකට පත් වූ අතර එහිදී ඔහු තම පළමු බිරිඳ වන රංජනාට තම දෙවන බිරිඳ වන දීපා ගහත්රාජ්ට මෙන් බිරිඳකගේ ගෞරවනීය ස්ථානයක් ලබා දීමට එකඟ වී තිබුණා.

මේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය පමණයි. මේ හැම කෙනෙක්ම අග්‍රගන්‍ය කලාකරුවන් වන අතර ඒ අයගේ පෞද්ගලික ජීවිත ඔවුන්ගේ නිර්මාණ රස විඳින්නට බාධාවක් නොවන බව අප අමතක කළ යුතු නෑ.

Related Articles

Don't Miss


Latest Articles