බොලිවුඩයේ ජනප්‍රියම තුන්කොන් ප්‍රේමයේ සැඟවුණු සත්‍ය කතාව.

බොලිවුඩයේ ජනප්‍රියතම ආදර කතාවකට හිමිකම් කියන යුවලක් ලෙස අමිතාබ්- ජයා බච්චන් යුවළ හඳුන්වන්න පුලුවන්.මේ වෙනකොට මුණුබුරන් පවා ඉන්න මේ ජෝඩුව දැන් ජීවිතේ සැඳෑ සමයට ළඟා වෙලා ඉන්නේ.

මේ ආදර කතාවට තුන්වැනියෙක් හිටිය බව එදා සිටම බොලිවුඩයේ පැවතෙන ඕපාදූපයක්.ඒ ජනප්‍රිය නිළියක් බවත් නොකියාම බෑ.

රේඛා අමිතාබ් ආදර කතාව බොලිවුඩයේ අවාසනාවන්ත ආදර කතාවක් බව තවම විචාරකයන් පවසනවා.

ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වෙන්නේ ‘දෝ අංජානේ’ (1976) චිත්‍රපටයේ රූගත කිරීම්වලදී.මේ වෙනකොට අමිතාබ් ජයා සමඟ විවාහකයි.ඒත් අමිතාබ් සහ රේඛා රේඛාගේ මිතුරියකට අයිති බංගලාවක දී රහසිගතව මුණ ගැහුණු බව කියනවා.රහස් ප්‍රේමය ලෝකයට හොරෙන් ගලා යන්නේ ඒ ආකාරයෙන්.ඉන්පසු තවත් චිත්‍රපටි කිහිපයකටම රංගනයෙන් එක් වෙන ඔවුන් අතර සම්බන්ධතාවය තර වූ බව පැවසෙනවා.

1978 වසරේ ගංගා කී සෝගන්ද් චිත්‍රපටයේ රූගත කිරීම් වෙනවා. එක්තරා සිදුවීමකින් පසු අමිතාබ් රේඛා පෙම් සබඳතාවයේ ඇත්ත නැත්ත මාධ්‍ය දැඩිව ප්‍රශ්න කරනවා. රූගත කිරීම් අතර සාමාන්‍ය නළුවෙකු විසින් විහිළුවක් නිසා අමිතාබ් සහ ඒ නළුවා අතර දරුණු ගැටුමක් ඇති වෙනවා.ඕනෑම කෙනෙක්ට විහිළු කරන එක තමන්ට ප්‍රශ්නයක් නොවුණත් රේඛාට විහිළු කිරීම තමන්ට ප්‍රශ්නයක් බව අමිතාබ් පවසා තිබෙනවා.

ඉන්පසු නැවත මාධ්‍යය කටකතා ගැන සෙවීම පටන් ගන්නවා.රහස් සම්බන්ධතාව ගැන ප්‍රශ්න කරනවා.මෙය අමිතාබ් වගේම රේඛාත් තරයේ ප්‍රතික්ෂේප කරනවා.එහෙත් .මේ කතාව ඇසුරෙන් යෂ් චොප්රා “සිල් සිලා”ලෙස චිත්‍රපටියක් නිපදවනවා.පුදුමයට කාරණාව වෙන්නේ මෙහි අමිතාබ්ගේ බිරිඳගේ චරිතය රඟපාන්න ජයා එකඟ වෙනවා. අමිතාබ්ගේ රහස් පෙම්වතියගේ චරිතයට රේඛා එකතු වෙනවා.එහෙත් ඉන්ටර්විව් එකකදී යෂ් චොප්රා මේ සම්බන්ධතාවය සත්‍යයක් බව පවසා .

මේ වගේ දැඩි ඕපාදූප පැතිර යද්දී ජයා භච්චන් කරන්නේ අපූරු දෙයක්. ශක්තිමත් ගැහැනියකට මිස එවැන්නක් කිසිවෙකුට කරන්න අපහසුයි.ඇය රේඛාට රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරනවා.ඉන්පසු ඇය ඉතා පැහැදිලිව රේඛාට පවසන්නේ මෙවැන්නක්.

“ඕනෑම දෙයක් වෙන්න පුලුවන්.ඕනෑම කට කතාවක් නිර්මාණය වෙන්න පුලුවන්.නමුත් මම සැමියා අත් හරින්නේ නෑ..”

මෙය නිකම්ම කතාවක් වෙන්නේ නෑ.ජයා එය එලෙසම ඉටු කරනවා.රේඛාට කිසිදා තමන්ට “මිසිස් බච්චන්” වෙන්න බැරි බව වටහා ගන්නවා.එහෙත් ඔවුන් රහසේ විවාහ වූ බව පවා මාධ්‍ය මඟින් හෙළි කරා.ජයා භච්චන් සහ අමිතාබ් එක නිවසක ජීවත් වුණත් ඔවුන් දික්කසාද බව ප්‍රබල ලෙස පැතිර යනවා.රේඛා සහ අමිතාබ් රහසේ විවාහ වූ බව පවා පැතිරෙනවා.

මෙය තහවුරු වෙන්නට තවත් අපූරු සිදුවීමක් සිදු වෙනවා.ඒ 1980 වසරේදී පැවැති රිෂී කපූර් සහ නීතුගේ විවාහ උත්සවය සඳහා රේඛා සහභාගි වෙන්නේ ඉන්දියානු විවාහක කාන්තාවන් මෙන් සින්දූර් සහ මංගල සූත්‍රයක් පැළඳගෙනයි.
මාධ්‍ය මනාලිය වූ නිතූට වඩා රේඛා ගැන විමසිලිමත් වෙනවා.නමුත් ඇය එක ප්‍රශ්නයකටවත් පිළිතුරු දෙන්නේ නෑ.

1984 වසරේ ෆිල්ම් ෆෙයාර් සඟරාවට රේඛා ආන්දෝලාත්මක ප්‍රකාශයක් නිකුත් කරනවා.ඒ මේ ආදර කතාව අමිතාබ් ප්‍රතික්ෂේප කිරීම ගැනයි.

“ඔහු මොකටද ඒ වගක් පිළි ගන්නේ. ඔහුට ඔහුගේ තත්ත්වය, පවුල, දරුවන් ආරක්ෂා කර ගන්න වෙනවා අනිත් කාරණාව කෙනෙකුගේ ආදරය ගැන ප්‍රසිද්ධියේ හෙළිකරන්නේ මොකටද? මම ඔහුට ආදරය කරනවද ඔහු මට ආදරය කරනවද කියන එක ඇත්තටම කාටවත් මොකටද?මේ ගැන හොයන එක තමයි අද ලොකුම කාර්යය.කමක් නෑ ඒ ඔබේ කැමැත්තනෙ”

රේඛාට අමිතාබ්ගේ ජීවිතයේ පෙම්වතිය හෝ තවත් ගැහැනියක වෙන්නට අවශ්‍ය වන්නේ නෑ.ඇය ජයාවත් ස්වේතා සහ අභිෂේක්වත් හැර දමා තමන් වෙතට එන්නට අමිතාබ්ට බලපෑම් කරනවා.නමුත් එය ඉටු වන්නේ නෑ.සරාගී ගිනි සිලුව වූ රේඛා වෙත නිස්කලංක ගැහැනියක වූ ජයා හැර දමා යන්නට අමිතාබ් ඉදිරිපත් නොවුණේ ඇයිදැයි යන ප්‍රශ්නය තවමත් රහසක්.එයට පිළිතුරු අමිතාබ් මිස කිසිවෙකුත් දැන සිටිය නොහැකියි.

රේඛා පසුව විවාහ වන්නේත් ඒ නිසා වෙන්න ඇති.එහෙත් ඇගේ සැමියා සියදිවි නසා ගන්නවා.රේඛාගේ විවාහය එහෙම අසාර්ථක වුණත් අමිතාබ්ගේ පවුල් ජීවිතය ලෝකයට පෙනෙන්නට හෝ ඉතාම සාර්ථකයි.දුවකුගේ සහ පුතෙකුගේ දෙමාපිය යුවළක් වෙන්න අමිතාබ්ට සහ රේඛාට හැකි වෙලා තියෙනවා.පුතු වූ අභිෂේක් ජනප්‍රිය නිළියක වූ අයිශ්චර්යා සමඟ විවාහ වී සාර්ථක පවුලක් ගෙවනවා.

විවාහක මිනිසෙකුගේ සිත පැහැර ගන්නා අනතුරුව ඔහුගේ කාමිනිය බවට පත්වන බොහෝ ගැහැනුන්ගේ ඉරණම රේඛාට ද පොදුයි.ජයා ආරාධ්‍යා වැනි මිණිබිරියන් සමඟ තමන්ගේ කුටුම්භයක් දරා හිඳිනවා.

රේඛා තවමත් බොලිවුඩයේ ආදරණීය මතකයන් රැසක් සිතේ රඳවා සඟවා හිඳින ගැහැනියයි.

Related Articles

Don't Miss


Latest Articles