හවසට තේ බොන්න දෙයක් හදාගන්න කල්පනා කරන ස්මාර්ට් ලේඩීස්ලාට බොහොම පහසුවෙන් සරලව හදා ගන්න පුලුවන් දෙයක් තමයි ක්‍රීම් ක්‍රැකර් කට්ලට්ස්.
කට්ලට් පිරවුම සඳහා අවශ්‍ය දේ:
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට්
- පාන් පිටි
- බිත්තරයක්
- ලුණු
- වතුර
- බිස්කට් කුඩු
- තෙල්
සාදාගන්නා ආකාරය:
- සාමාන්‍ය කට්ලට්ස් පිරවුම සකස් කරගන්න.
- ඉන්පසු පාන් පිටි, බිත්තරයක්, ලුණු සහ වතුර කවලම් කර උකු මිශ්‍රණයක් සකසන්න.
- ක්‍රීම් කැකර් බිස්කට් එකක් ගෙන පිරවුම අතුරා ගන්න . ඒ මතින් තවත් බිස්කට් එකක් තබන්න.
- එය බැටරයේ තවරාගන්න.
- බැදගන්න.
මේ සරල ක්‍රමයෙන් සාමාන්‍ය කට්ලට්ස් වලටත් වඩා රසවත් ක්‍රීම් ක්‍රැකර් කට්ලට්ස් ඔබට සුළු වේලාවකින් හදා ගන්න පුලුවන්.
-නිබන්ධිකා-