ළමුන් සඳහා සරල උදෑසන ආහාර වට්ටෝරු

උදෑසන ආහාරය කියන්නේ දරුවෙකුගේ දවස ප්‍රබෝධමත්ව තබා ගැනීමට අත්‍යවශ්‍යම දෙයක්.එමගින් දරුවන්ට ශක්තියෙන්, අවධානයෙන් සහ හොඳ සෞඛ්‍ය සම්පන්න බවකින් යුතුව දවස ආරම්භ කිරීමට සහ දවස ගත කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් ශාරීරික වර්ධනයට, මොළයේ වර්ධනයට සහ ක්‍රියාශීලී ඉගෙනීමට සහාය වනවා. ඒ නිසාම ඔබ ඔබේ දරුවාගේ උදෑසන ආහාර වේල නිවසේදීම සකස් කිරීමට වගේම ඒ සඳහා පෝෂ්‍යදායී අමුද්‍රව්‍ය භාවිතා කිරීමත් වැදගත්. මේ ලිපියෙන් සෞඛ්‍ය සම්පන්න, රසවත් සහ ඉක්මනින් සකස් කළ හැකි පහසු උදෑසන ආහාර වට්ටෝරු පහක් සහ ඒවායේ පෝෂණ ප්‍රතිලාභ  ගැන අපි ඔබට කියනවා.

Banana pancakes 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ඉදුණු කෙසෙල් 1

බිත්තර 1

පිටි මේස හැඳි 2

ලුණු ස්වල්පයක්

තෙල් හෝ බටර් ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි 

පිරිසිදු බඳුනකට කෙසෙල් ගෙඩිය එකතු කර ගෑරැප්පුවක් මගින් එය හොඳින් පොඩි කරන්න.

ඉන්පසුව එයට බිත්තර එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර කරන්න

දැන් එම මිශ්‍රණයට පිටි සහ ලුණු එකතු කර මිශ්‍රණය මෘදු වන තෙක් මිශ්‍ර කරන්න.

පෑන් එකක් රත් කර තෙල් හෝ බටර් ස්වල්පයක් එකතු කරන්න

එයට මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන වක්කර රන්වන් පැහැ වන තුරු දෙපැත්තම පිස ගන්න.

පිළිගන්වන විට අවශ්‍ය නම් , ජෑම් , මී පැණි හෝ පලතුරු වර්ගයක් සමග පිළිගන්වන්න 

පෝෂණ ප්‍රතිලාභ

මෙම ආහාර වේල ස්වභාවික ශක්තිය සහ දරුවාගේ වර්ධනය සඳහා ප්‍රෝටීන් සපයන අතර උදෑසන කාලයේදී දරුවාව පූර්ණව හා ක්‍රියාශීලීව තබා ගැනීමට උපකාරී වනවා.

Vegetable egg omelet 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

බිත්තර 1

සිහින්ව කපාගත් කැරට්

සිහින්ව කපා ගත් බෝංචි 

සිහින්ව කපාගත් ළූණු

සිහින්ව කපාගත් නිවිති 

ලුණු ස්වල්පයක්

බටර් ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

බඳුනකට බිත්තරය කඩා දමා හොඳින් ගසා ගන්න

එයට සිහින්ව කපන ලද එළවළු සහ අවශ්‍ය පමණට ලුණු එකතු කරන්න

පෑන් එකක් ලිප තබා එයට බටර් එකතු කර මිශ්‍රණය පෑන් එකට වක්කර ඔම්ලට් එක දෙපැත්තම හොඳින් පිස ගන්න 

පිළිගන්වන විට අවශ්‍ය නම් ටෝස්ට් කල පාන් පෙති සමග පිළිගැන්විය හැකියි 

පෝෂණ ප්‍රතිලාභ

බිත්තර වල සහ පෝෂණ සංඝටක මොළය සහ මාංශ පේශි වර්ධනයට සහාය වන අතර එළවළු ප්‍රතිශක්තිය සහ අවධානය වැඩි දියුණු කරන විටමින් ශරීරයට සපයනවා.

Cheese and chicken toast 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

පාන් පෙති 2

චීස් පෙත්තක්

කුඩාවට කපාගත් කුකුල් මස් 

බටර්

ලුණු සහ ගම්මිරිස් 

හදන්නේ මෙහෙමයි

කුඩාවට කපාගත් කුකුල් මස් ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් තම්බා ගන්න

පාන් පෙති දෙකට බටර් ස්වල්පයක් තවරන්න

පෙති දෙක අතරට චීස් සහ තම්බාගත් කුකුල් මස් තබන්න.

හොඳින් ටෝස්ට් කරගන්න

පෝෂණ ප්‍රතිලාභ

මෙම ආහාර වේල මගින් ඉක්මන් ශක්තිය, ශක්තිමත් අස්ථි සඳහා කැල්සියම්, ප්‍රෝටීන් සහ දරුවන්ට උදෑසන කාලයේදී ක්‍රියාශීලීව සිටීමට උපකාරී වනවා.

Fruit yogurt bowl

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ග්‍රීක් යෝගට් කෝප්ප 1

කුඩාවට කපාගත් කෙසෙල්

කුඩාවට කපාගත් ඇපල්

කුඩාවට කපාගත් පැපොල්

කුඩාවට කපාගත් ස්ට්‍රෝබෙරි

මී පැණි ස්වල්පයක් ( අවශ්‍ය නම් ) 

හදන්නේ මෙහෙමයි 

බඳුනකට ග්‍රීක් යෝගට් එකතු කරන්න

ඉන්පසුව කුඩාවට කපා ගත් පලතුරු එකතු කරන්න.

පලතුරු පොඩි නොවන සේ ඉතා මෘදු ලෙස මිශ්‍ර කරන්න.

අවශ්‍ය නම් මී පැණි එකතු කරන්න

පෝෂණ ප්‍රතිලාභ

යෝගට් සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණයට සහාය වන අතර පලතුරු ප්‍රතිශක්තිය සහ සමස්ත සෞඛ්‍යය වැඩි කරන විටමින් සපයනවා

Milk & oats porridge 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ඕට්ස් කෝප්ප 4/1

කිරි කෝප්ප 1

ලුණු හෝ සීනි ස්වල්පයක්

කුඩාවට කපාගත් කෙසෙල් ගෙඩි 1

කුඩාවට කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 3

මී පැණි ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි 

ඕට්ස් සහ කිරි පෑන් එකකට එකතු කර මිශ්‍ර කරන්න

ඉන් පසුව එය විනාඩි 5-7 ක් අඩු තාපයක් මත නොනවත්වා හැඳි ගාමින් පිස ගන්න 

අවශ්‍ය පරිදි ලුණු හෝ සීනි එකතු කර ගන්න

ඕට්ස් සහ කිරි හොඳින් පිසුණු පසුව පිරිසිදු බඳුනකට එකතු කරන්න.

මදක් නිවුනු පසුව එයට කුඩාවට කපාගත් කෙසෙල් සහ ස්ට්‍රෝබෙරි එකතු කරන්න 

අවශ්‍ය නම් පිළිගැන්වීමට පෙර මී පැණි එකතු කරන්න 

පෝෂණ ප්‍රතිලාභ

ඕට්ස් ආහාර දිරවීම සඳහා තන්තු සපයනවා. කිරි, ප්‍රෝටීන් සහ කැල්සියම් ලබා දෙන අතර දරුවන්ට දිගුකාලීන ශක්තියක් ලබා දෙනවා. පලතුරු මගින් ශරීරයට අත්‍යවශ්‍ය විටමින් ද ලබා දෙනවා

කුඩා දරුවන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරන මට්ටම වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිකරන මට්ටමට වඩා අඩු බැවින් ඔවුන්ට ඉතා ඉක්මනින් ලෙඩ රෝග වැළදීම සිදුවනවා. එම නිසා ඔවුන්ට ලබා දෙන ආහාර පිළිබඳව දෙමව්පියන් වශයෙන් ඉතා සැලකිලිමත් විය යුතුයි. මේ ලිපියෙන් අපි ඔබට ගෙන ආවේ උදෑසන ආහාරය සඳහා ඔබට ඉතා සරලව සහ පහසුවෙන් සකස් කර ගත හැකි ඉතා පෝෂ්‍යදායී රෙසිපි කිහිපයක් ගැනයි.

Related Articles

Don't Miss


Latest Articles