“ඔයාට දැන් පුතාව මතක් වෙලා අඬන්න ඕනෙද?”
තමන්ගේ අවුරුදු හතරක පුංචි පුතා අතුරුදහන් වෙලා, මුළු පළාතම කලබල වෙලා ඉන්න වෙලාවක, අම්මා කෙනෙක් පිස්සියක් වගේ පාරක් පාරක් ගානේ දරුවව හොයනවා. අන්න ඒ වෙලාවේ, අල්ලපු ගෙදර ඉන්න අවුරුදු 11ක පුංචි ගෑණු ළමයෙක් ඒ අම්මා ගාවට ඇවිත්, මූණේ පිරුණු හිනාවකුත් තියාගෙන මේ වගේ ප්‍රශ්නයක් අහනවා.
අහිංසක පෙනුමක් තියෙන මේ පුංචි කෙල්ල මෙහෙම ඇහුවේ ඇයි කියලා කවුරුත් හිතුවේ නැහැ. හැමෝම හිතුවේ මේ දරුවෙක්ගේ නොදන්නාකමට අහපු ප්‍රශ්නයක් කියලා. හැබැයි මේක පිටිපස්සේ තිබුණු අතිශය භයානකම දේ තමයි, ඒ අම්මා පිස්සියක් වගේ පාරක් පාරක් ගානේ හොයපු දරුවව මරලා දාලා තිබුණේ, මේරි ඇවිත් අර ප්‍රශ්නය අහන්න මොහොතකට කලින් වීම!
අපායක් වුණු මේරිගේ ළමා කාලය
මේරි ෆ්ලෝරා බෙල් ඉපදුණේ 1957 මැයි 26 වෙනිද.
එයා ඉපදුණු දවසේ ඉඳලම එයාගේ ජීවිතය අවාසනාවන්ත එකක් වුණා. මේරිගේ අම්මා, බෙටී බෙල්, ඒ කාලේ නිව්කාසල් වල හිටපු ප්‍රසිද්ධ ගණිකාවක්. මේරි ඉපදුණු ගමන් බෙටී රෝහල් සේවකයින්ට කෑගහලා තියෙන්නේ “ඔය දේ මගෙන් අයින් කරගන්න!” කියලා. ඒ තරම් එයා පොඩි කාලෙ ඉඳලම මේරිව පිලිකුල් කරලා තියෙනවා.
මේරිගෙ ළමා කාලය ඇත්තටම අපායක් වගේ.
බෙටී මේරිව මරන්න හිතාගෙන පළමු මහලේ ජනේලයෙන් බිමට තල්ලු කරනවා, නිදි පෙති පොවනවා. ඒ මදිවට මේරිව සල්ලි වලට වෙනත් මානසික අස්ථාවර කාන්තාවකට විකුණලා පවා තියෙනවා. දරුණුම දේ තමයි, මේරිගේ අම්මා තමන්ගේ සේවාදායකයින්ට මේරිව ලිංගිකව අපයෝජනය කරන්න ඉඩ දීපු එක. මේරි මේ හැමදේම ඉවසාගෙන හිටියේ ඇතුළාන්තයෙන් “සයිකෝපාත්” ලක්ෂණ වර්ධනය කරගන්න ගමන්. පස්සෙ කාලෙක කුඩා වයසෙදිම මිනීමරුවෙක් වෙන්න තරම්ම මේරිට මෙන්න මේ පුංචි කාලෙ විඳ දරාගන්න වෙච්ච කරදර හේතු වෙලා තියෙනවා.
“සම්බාහනය” නමින් ආ මරණය
1968 මැයි 25 වෙනිදා තමයි මේරි එයාගෙ පළමු බිල්ල ගත්තේ. ඒ අවුරුදු 4ක් වයස පුංචි මාර්ටින් බ්‍රවුන්ව. මාර්ටින් එදා සෙල්ලම් කරමින් ඉන්නකොට මේරි එයාව රවට්ටගෙන පාලු ගොඩනැගිල්ලක උඩ තට්ටුවකට එක්කගෙන යනවා. එතනදී මේරි එයාගේ අමුතු “සම්බාහන” ක්‍රමයක් පාවිච්චි කරනවා. මාර්ටින්ගේ බෙල්ල හරිම මෘදු විදිහට අතගාන ගමන්, එකපාරටම තමන්ගේ මුළු ශක්තියම දාලා ඒ පුංචි උගුර මිරිකලා අල්ලගන්නවා. මාර්ටින්ට හුස්ම ගන්න බැරි වෙලා දඟලද්දී මේරි ඒක දිහා බලාගෙන හිටියේ පුදුම සතුටකින්.
පුදුම දේ තමයි, ඒ මරණයෙන් පස්සෙත් එයාට කිසිම බයක් දැනුණේ නැති එක. එයා මාර්ටින්ගේ මළ සිරුර අසල තිබුණු රුධිරය පිසදාලා, කිසිම දෙයක් වුණේ නැහැ වගේ එතනින් මාරු වුණා. මරණ පරීක්ෂණයේදී මාර්ටින්ගේ බෙල්ලේ ලොකු තැලීම් ලකුණු තිබුණේ නැති නිසාත්, එයාගේ කටින් කෙළ බේරිලා තිබුණු නිසාත්, ඩොක්ටර්ස්ලා මුලින් හිතුවේ මේක අහම්බෙන් වුණු මරණයක් කියලා.
හැබැයි මේරිට මේකෙන් පස්සේ මිනීමැරුම ගැන මාරම “පිස්සුවක්” ඇති වුණා. නෝර්මා කියන එයාගෙ සඟයා එක්ක මේරි ඒ ළඟ තිබ්බ නර්සරි එකකට පැනලා ඒකේ තිබුණු බඩු මුට්ටු විනාශ කරලා, කොළ කෑලි වල මෙහෙම ලියලා තිබ්බා.
“අපි තමයි මාර්ටින් බ්‍රවුන්ව මැරුවේ. අපි ආපහු එනවා.”
හැබැයි පොලිසිය හිතුවේ මේක කවුරුහරි දඟ ළමයෙක් කරපු විහිළුවක් කියලයි.
බ්‍රයන් හෝව්ගේ බිහිසුණු අවසානය
මාර්ටින්ව මරලා සති නවයකට පස්සේ, ජූලි 31 වෙනිදා මේරි එයාගෙ දෙවැනි බිල්ල විදිහට 3 හැවිරිදි බ්‍රයන් හෝව්ව තෝරාගත්තා. මේරි බ්‍රයන්ව රවට්ටගෙන ගියේ “ටින් ලිසී” කියලා හඳුන්වන පාලු බිම් කඩකට. එතනදීත් එයා බ්‍රයන්ගේ බෙල්ල මිරිකලා එයාව මරලා දැම්මා. හැබැයි මේ පාර මේරි මරණයෙන් විතරක් නැවතුණේ නැහැ.
එයා තමන් ගාව හංගගෙන හිටපු රේසර් තලයක් අරගෙන බ්‍රයන්ගේ සිරුර විකෘති කරන්න පටන් ගත්තා.
එයා බ්‍රයන්ගේ බඩේ බ්ලේඩ් එකෙන් ඉතාම ගැඹුරට ‘M’ අකුරක් කැපුවා. ඒකෙන් එයා අදහස් කළේ “Mary” (මේරි) කියන එකයි.
ඒ වගේම එයා බ්‍රයන්ගේ ලිංගික අවයව තියුණු කතුරකින් කපලා විකෘති කරලා තිබුණා.
බ්‍රයන්ගේ කලවා ප්‍රදේශයට සහ බඩට උල් ආයුධයකින් කිහිප සැරයක්ම ඇනලා තිබුණා.
මේරි බ්‍රයන්ගේ කොණ්ඩයත් තැනින් තැනින් කපලා දාලා තිබුණේ මාරම අමුතු විදිහකට.
පස්සේ කාලෙක හෙළි වුණා බ්‍රයන් මැරුණට පස්සෙත් මේරි ඒ මළ සිරුරට දිගින් දිගටම වධ දීලා තියෙනවා කියලා. බ්‍රයන්ගේ සිරුර සොයාගන්න කොට එයාගෙ ඇස් අඩවන් වෙලා තිබුණා. නෝර්මා සාක්ෂි දෙද්දී කිව්වා, මේරි බ්‍රයන්ගේ මළ සිරුරේ නිල් පැහැ ගැන්වුණු තොල් අල්ලලා බලලා “මට මෙහෙම කරන්න ආසයි” කියලා කිව්වා කියලා.
ළමයි 1,200කගෙන් ප්‍රශ්න කිරීම
පුංචි බ්‍රයන්ගේ සිරුර හම්බවුණාට පස්සේ මුළු නගරයම කලබල වුණා.
පොලිස් නිලධාරීන් සියයකට වඩා වැඩි පිරිසක් මේ පරීක්ෂණයට ආවා. අගෝස්තු 2 වෙනිදා වෙද්දී විතරක් ඒ අවට හිටපු පොඩි ළමයි 1,200කට වඩා වැඩි පිරිසකගෙන් පොලිසිය ප්‍රශ්න කළා.
මේ අතරේ අගෝස්තු 1 වෙනිදා පොලිසියට මේරිවයි නෝර්මාවයි හම්බවෙනවා. මොකද බ්‍රයන් මැරෙන්න ටික වෙලාවකට කලින් මේ දෙන්නා බ්‍රයන් එක්ක සෙල්ලම් කරනවා මිනිස්සු දැකලා තිබුණා. ප්‍රශ්න කරද්දී නෝර්මා හිටියේ මාරම කලබලෙන්, ඒත් මේරි පුදුම විදිහේ නිශ්ශබ්දතාවයකින් හැමදේම දිහා බලාගෙන හිටියා. මුලින් මේ දෙන්නා එක එක බොරු කතා කීවත්, බ්‍රයන් එක්ක එදා දවල් සෙල්ලම් කළා කියලා අන්තිමේදී පිළිගත්තා.
ඊළඟ දවසේ මේරිගෙන් ආයෙත් ප්‍රශ්න කරද්දී එයා අමුතුම කතාවක් ගෙතුවා. එයා කිව්වා අවුරුදු 8ක විතර වෙනත් පිරිමි ළමයෙක් බ්‍රයන්ට ගහනවා එයා දැක්කා කියලා. ඒ ළමයාගේ ඇඟේ තණකොළ ගෑවිලා තිබුණා කියලත්, එයා ළඟ කතුරක් තිබුණා කියලත් මේරි විස්තර කළා.
මේරි තවදුරටත් කිව්වා, “මම දැක්කා එයා ඒ කතුරෙන් පූසෙක්ගේ වල්ගයක් කපන්න හදනවා. හැබැයි ඒ කතුරේ එක කකුලක් ඇද වෙලා නැත්නම් කැඩිලා තිබුණේ,” කියලා.
අන්න එතනදී තමයි මේරිට වැරදුණේ!
මොකද අපරාධය වුණු තැන තිබිලා කැඩුණු කතුරක් හම්බවුණු බව දැනගෙන හිටියේ පොලිසිය විතරයි.
මේරි ඒ රහස දැනගත්තේ කොහොමද?
ප්‍රධාන රහස් පරීක්ෂක ඩොබ්සන්ට ඒ වෙලාවෙම තේරුණා සැබෑ මිනීමරුවා මේරිම තමයි කියලා. ඒ වගේම මේරි නම කියපු අර පිරිමි ළමයා ඒ වෙලාවේ ගුවන් තොටුපළේ හිටපු බවට සාක්ෂි හම්බවුණා.
අගෝස්තු 4 වෙනිදා නෝර්මාගේ අම්මයි තාත්තයි පොලිසියට කතා කරලා කිව්වා, “අනේ අපේ දුවට ඇත්ත කියන්න ඕනෙලු” කියලා. නෝර්මා රහස් පරීක්ෂකයාට කිව්වා, මේරි තමන්ව එක්කගෙන ගිහින් බ්‍රයන්ගේ මළ සිරුර පෙන්නුවා කියලා. මේරි ඒ දරුවව මරලා ඒකෙන් සතුටක් ලැබූ හැටිත්, බ්ලේඩ් එකකින් බඩ සීරූ හැටිත් නෝර්මා ඔක්කොම වමෑරුවා. නෝර්මා බ්ලේඩ් එක හංගලා තිබුණු තැනත් පෙන්නුවා. එයා ඇඳපු චිත්‍ර, ඩොක්ටර්ස්ලා මළ සිරුරේ දැකපු තුවාල වලට හරියටම ගැලපුණා.

අගෝස්තු 5 වෙනිදා පාන්දර පොලිසිය මේරිගේ ගෙදරට ගියා. එතකොට මේරි හිටියේ මාරම තරහෙන්. එයා පොලිසියට කෑගහලා කිව්වා, “ඔයාලා මාව බ්‍රේන්වොශ් කරන්න හදනවා. මම ලෝයර් කෙනෙක් අල්ලලා ඔයාලගෙන් බේරෙනවා,” කියලා.
ඊට පස්සේ නෝර්මා ආයෙත් කිව්වා බ්‍රයන්ව මරන වෙලාවේ තමන් එතන හිටපු හැටි. බ්‍රයන්ව තල්ලු කරලා බෙල්ල මිරිකන ගමන් මේරි නෝර්මාට කියලා තියෙන්නේ, “මගේ අත් දැන් හිරිවැටිලා වගේ, දැන් ඔයා ඇවිත් ඉතුරු ටික කරන්න,” කියලා. ඒ වෙලාවේ බය වුණු නෝර්මා එතනින් පැනලා ගිහින් තියෙනවා.
අන්තිමේදී විද්‍යාත්මක පරීක්ෂණ වලිනුත් මේරිව කොටු වුණා.
බ්‍රයන්ගේ ඇඳුම් වල තිබුණු අළු පාට කෙඳි වර්ගයක් මේරිගේ ඇඳුමකට හරියටම ගැලපුණා. ඒ වගේම බ්‍රයන්ගේ සපත්තු වල තිබුණු තද රතු පාට කෙඳි නෝර්මාගේ සායට ගැලපුණා. පුදුම දේ තමයි, මාස දෙකකට කලින් මැරුණු මාර්ටින් බ්‍රවුන්ගේ සිරුරේ තිබුණෙත් අර අළු පාට කෙඳි වර්ගයමයි. ඒ කියන්නේ ඝාතන දෙකටම මේරි සම්බන්ධ බව ස්ථිර වුණා.
1968 දෙසැම්බර් මාසයේදී උසාවිය තීරණය කළා මේරි බෙල් මිනීමැරුම් දෙකටම වැරදිකාරිය කියලා. වෛද්‍යවරු කිව්වේ එයා “සයිකෝපාත්” කෙනෙක් කියලා. එයාට වසර 12ක සිර දඬුවමක් ලැබුණා. එයා හිරේ ඉද්දී පවා එයාගෙ අම්මා මේරිගේ ජීවිත කතාව සල්ලි වලට පත්තර වලට විකුණලා පළිගත්තා.
1980 දී වයස අවුරුදු 23 දී මේරි නිදහස ලැබුවා. එයාට ලෝකයෙන් හැංගිලා ජීවත් වෙන්න අලුත් නමක් සහ අනන්‍යතාවයක් ලැබුණා. පස්සේ කාලෙක එයා දියණියකගේ අම්මා කෙනෙක් වුණා.
පුදුම සහගත දේ තමයි, නිදහස් වුණාට පස්සේ මේරි බෙල් කිසිම වැරැද්දක් නොකර සාමාන්‍ය විදිහට ජීවත් වුණ එක. එයා ඔප්පු කළා කොයි තරම් අඳුරු අතීතයක් තිබුණත්, නිවැරදි පුනරුත්ථාපනයකින් කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් කියලා.










