වයසට නොයා ඉන්න මෙන්න මේ දේවල් කාලා බලන්න

වයසට යනවා කියන දේ ගැන මතක් කරන්නත් කාන්තාවන් අකමැතියි. ඉතින් වයසට නොයා ලස්සනට ඉන්න නම් ඔබ රූපලාවණ්‍ය විතරක්ම අනුගමනය කරලා බෑ. හොඳ ආහාර රටාවකුත් හරිම වැදගත්. මේ වයස්ගත පෙනුම පාලනය කරන ආහාර යි.

බීටා කැරොටීන් සහ විටමින් C අඩංගු ආහාර 

කොළ පාට සහ කහ පාට එළවලු වර්ග වල බීටා කැරොටීන් සහ විටමින් C බහුලව අඩංගුයි. සමේ රැලි වැටීම්, අවපැහැ වීම් මේ ආහාර වලින් අවම වෙනවා.

චොකලට්

චොකලට් වල  ප්‍රතිඔක්සිකාරකයන් අඩංගුයි. එහි ඇති කොකෝවා  සම නිරෝගී කරමින්, සමේ සිනිඳු බව ආරක්ෂා කර සම පැහැපත් කරනවා.

අලිගැටපේර

අලිගැටපේර වලට  අහිතකර හිරු කිරණ නිසා හානි වූ සම සුවපත් කරන්නටත් සමේ වියළි බව නැති කරන්නටත් හැකියාව පවතිනවා.

කොළ කැඳ

සම ආරක්ෂා කිරීම, තරුණ බව රැක ගැනීමට කොළ කැඳවලින් මහත් සේවයක් ඉටු වෙනවා.

කුඩා කටු සහිත මාළු වර්ග

කුඩා කටු සහිත මාළු වර්ග වල අඩංගු ඔමේගා 3  තරුණ පෙනුම රැක ගන්න  හොඳම විසඳුමක්.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles