චිත්තවේගීයව ඔබව සුව කර ගැනීම කියන්නේ එක් දිනයක තීරණයක් හෝ ක්‍රියාවලියක් නෙමෙයි. එය ඔබේ වේදනාව තේරුම් ගැනීම, ඔබේ හැඟීම් පිළිගැනීම සහ ඔබටම අනුකම්පාවෙන් සැලකීමට තෝරා ගැනීමේ මෘදු සහ අඛණ්ඩ ක්‍රියාවලියක්. ශාරීරික තුවාල වලට කාලය සහ සැලකිල්ල අවශ්‍ය වනවා සේම, චිත්තවේගීය තුවාල වලටද ඉවසීම, කරුණාව සහ දැනුවත්භාවය ඔබට අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වෙනවා.
බොහෝ අය සිතන්නේ සුව කිරීම කියන්නේ සිදු වූ යමක් අමතක කිරීම යනුවෙනුයි. නමුත් සැබෑ සුව කිරීම යනු අමතක කිරීම නෙමෙයි, එය තවදුරටත් ඔබව නොබිඳිමින් මතක තබා ගැනීමයි.
චිත්තවේගීයව ඔබව සුවපත් කිරීම ආරම්භ කිරීමට ප්‍රායෝගික සහ යථාර්ථවාදී ක්‍රම කිහිපයක් ගැනයි අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ
ඔබේ හැඟීම් පිළිගන්න
චිත්තවේගීය සුවය සඳහා පළමු පියවර අවංකකමයි. ඔබට නොදැනෙන දේ ඔබට සුව කිරීමේ හැකියාවක් නැති නිසා ඔබ ඔබට අවංක විය යුතුයි.
“මට රිදෙනවා.”
“මට කලකිරීමක් දැනෙනවා.”
“මට තරහයි.”
“මට තනිකමක් දැනෙනවා.”
“හරි” හෝ “වැරදි” හැඟීම් කියා යමක් නොමැත. ඔබේ හැඟීම් වලංගු වන්නේ ඒවා ඔබේ නිසාය. හැඟීම් යටපත් කිරීමෙන් තාවකාලික සහනයක් ලබා දිය හැකි නමුත්, වේදනාව බොහෝ විට ශක්තිමත් ලෙස නැවත ඔබ කරා පැමිණෙනවා . ඒවා විනිශ්චය නොකර ඔබේ හැඟීම් පිළිගන්න. ඒවා පිළිබඳව කතා කිරීම අපහසු යැයි හැඟෙනවා නම් ඒවා ලියා තබන්න.
දැනුවත්භාවය සුව කිරීමේ ආරම්භයයි
ස්වයං අනුකම්පාව පුහුණු වන්න
අපි බොහෝ විට අපට වඩා අන් අයට කරුණාවන්ත වනවා. අපි වැරදි කරන විට හෝ යම් සිත් වේදනාවකට මුහුණ දෙන විට, අපි අපටම දැඩි ලෙස දොස් පවරනවා.
නමුත් ත්තවේගීය සුවයට අවශ්‍ය වන්නේම ස්වයං අනුකම්පාවයි
“මම මේ වගේ ඇයි?” පවසනවා වෙනුවට මෙසේ කීමට උත්සාහ කරන්න,
“මම ඉගෙන ගන්නවා.”
“මම සටන් කිරීම හරි.”
“මම මට හැකි උපරිමය කරනවා.”
” මම තවදුරටත් ශක්තිමත් “
ඔබ ගැඹුරින් සැලකිලිමත් වන කෙනෙකු ලෙස ඔබට සලකන්න. සුව කිරීම ස්වයං විවේචනයෙන් නොව මෘදු පරිසරයක වර්ධනයෙන් ආරම්භ කරන්න
සෞඛ්‍ය සම්පන්න සීමාවන් සකසන්න
සමහර විට චිත්තවේගීය තුවාල නැවත විවෘත වන්නේ තත්වයන්ට හෝ මිනිසුන්ට අපට නැවත නැවත රිදවීමට අප විසින්ම ඉඩ දෙන බැවින් ය.
සීමාවන් නියම කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ ආත්මාර්ථකාමී බව නොවේ. එයින් අදහස් වන්නේ ඔබ ඔබේ මානසික සහ චිත්තවේගීය යහපැවැත්ම ආරක්ෂා කරන බවයි.
ඔබට කළ හැක්කේ:
- ඔබේ මානසික නිදහසට බාධ වන පුද්ගලයින් සමඟ සම්බන්ධතා සීමා කරන්න.
- ඕනෑවට වඩා පැහැදිලි නොකර “නැහැ” කියන්න.
- ඔබට අධික ලෙස දුකක් හෝ කේන්තියක් දැනෙන විට ඔබ වෙනුවෙන් ඉඩක් ගන්න.
- ඔබේ සාමය ආරක්ෂා කර ගැනීම චිත්තවේගීය පරිණතභාවයේ කොටසක් බැවින් එය පුහුණු වන්න.
- ඔබේ හැඟීම් නිර්මාණශීලීව ප්‍රකාශ කරන්න
සුව කිරීම සැමවිටම සංවාද හරහා සිදු වන්නේ නෑ. සමහර විට එය සිදු වන්නේ ප්‍රකාශනය හරහාය.
ඔබ,
- ඔබේ සිතුවිලි ගොනු කරන්න.
- කවි හෝ කෙටි සටහන් ලියන්න.
- යමක් ඇඳීම, පින්තාරු කිරීම හෝ නිර්මාණය කීරිම කරන්න
- ඔබේ මනෝභාවයට ගැලපෙන සංගීතයට සවන් දෙන්න
නිර්මාණාත්මක ප්‍රකාශනය හැඟීම් වලට ආරක්ෂිතව නිදහස් වීමක් ලබා දෙනවා . හැඟීම් නිදහස් වන විට, ඒවා මෘදු වීමද වනවා.
කුඩා දෛනික සුව කිරීමේ පුරුදු ගොඩ නඟන්න
චිත්තවේගීය සුව කිරීම ගැඹුරු සංවාද හෝ විශාල අවබෝධයන් ගැන පමණක් නොවේ. එය කුඩා, ස්ථාවර පුරුදු ගැන ද වේ.
උත්සාහ කරන්න,
- ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම.
- කෙටි වෙලාවක් ඇවිදීම.
- නිසි නින්දක් ලබා ගැනීම.
- හුස්ම ගැනීමේ අභ්‍යාස පුහුණු කිරීම.
- හොඳ අන්තර්ගතයක් සහිත පොත් කියවීම
ඔබේ ශරීරයට ඔබෙන් සහාය දැනෙන විට, ඔබේ හැඟීම් ආරක්ෂිත වීම නිරායාසයෙන්ම සිදුවනවා.
සමාව දෙන්න ,ඔබේම වේගයකින්
සමාව දීම බොහෝ විට බොහෝ දෙනා වරදවා වටහා ගන්නවා . එයින් අදහස් කරන්නේ හානිකර හැසිරීම් වලට සමාව දීම නොවේ. එයින් අදහස් කරන්නේ ඔබ විසින් උසුලන අධික චිත්තවේගීය බර මුදා හැරීමයි.
සමාව දීමට කාලය ගත විය හැකිය. සමහර විට එය ආරම්භ වන්නේ: “මේ වේදනාව මාව පාලනය කිරීම නැවැත්වීමට මම සූදානම්” යැයි ඔබ විසින් ඔබටම පවසා ගැනීම මගිනුයි.
ඔබට සෙමින් සුව වීමට අවසර ඇති අතර ඒ සඳහා නියමිත කාලයක් හෝ දිනයක් නොමැත.
අවශ්‍ය විට සහාය පතන්න
සුව වීම යනු සියල්ල තනිවම කිරීම නොවේ. විශ්වාසවන්ත මිතුරෙකු, උපදේශකයෙකු හෝ වෘත්තිකයෙකු සමඟ කතා කිරීම මගිනුත් ඔබට ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කළ හැකියි. සමහර විට ඔබේ කතාව එවැන්නෙකු සමඟ බෙදා ගැනීම මගින් ඔබට එය නව දෘෂ්ටිකෝණයකින් දැකීමට උපකාරී වනවා.
උදව් ඉල්ලීම ශක්තිමත්කමක් මිස දුර්වලකම නොවන බව ඔබ පිළිගත යුතුයි
සමහර දිනවල ඔබට ශක්තිමත් බවක් දැනුනත් සමහර දිනවල ඔබට ඔබ බිඳෙන සුලු බවක් දැනෙනු ඇත.මේ ආකාර දෙකම ඔබේ ගමනේ කොටසකි. සුව කිරීම ආරම්භ වන්නේ ඔබ ඔබේ සාමය ඔබේ වේදනාවට වඩා වැදගත් බව ඔබ තීරණය කළ මොහොතේ සිටයි. ස්වයං අවබෝධය සඳහා ඔබ ගන්නා සෑම කුඩා පියවරක්ම ඔබ වර්ධනය වන බවට ඉතා සාක්ෂියක්











