ඔබේ BMI එක නිවැරදි ද?

ශරීරයේ බර,නිරෝගීතාව ගැන කතා කරන විට නිරන්තරයෙන්ම ඇසෙන අකුරු තුනක් තිබෙනවා. ඒතමා BMI. පොඩ්ඩක් හරියටම දැනගමු .මේ මොකද්ද ?

මොකද්ද මේ BMI?

උසට සරිලන බරක් තිබෙනවා දැයි පරික්ශා කරන සරලම ක්‍රමය වන්නේ මෙයයි.මෙයට සිංහලෙන් කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය.

කොහොමද BMI එක හොයාගන්නෙ?

මුලින්ම ඔබේ  බර කිලෝග්‍රෑම් වලින් අර ගන්න අරගෙන ඊළඟට ඔබේ  උස මීටර් වලින් මැන ගන්න. ඉන්පසු ඔබේ බර මීටර්වලින් ගෙන ඔබේ උසේ වර්ගයෙන් බෙදන්න එතකොට එනවා ඔබේ ශරීරයේ ස්කන්ධ දර්ශක අගය . එහෙමත් නැත්නම් BMI අගය . උදාහරණයක් විදිහට හිතන්න  බර කිලෝ ග්‍රෑම් 65 ක් කියලා. ඔබේ උස සෙන්ටි මීටර් 170 ක් කියලා. ඒ කියන්නේ මීටර් 1.7ක්. එය නැවත එම ගණනින් වැඩි කල විට එන වර්ගයේ පිළිතුරෙන් ඔබේ බර බෙදුවම පිළිතුරු ලැබෙනවා ඒ කියන්නේ කිලෝ ග්‍රෑම්22.49ක් තමා ඔබගේ බී එම් අයි අගය .

නියමිත බර කොහොමද හොයා ගන්නෙ?

BMI අගය 18.5ත් 25ත් අතර නම් ඔබට උසට සරිලන නිසි බරක් තිබෙනවා. නමුත් ඔබේ බර 18.5ට වඩා අඩු නම් අඩු නම් අඩු බර කාණ්ඩයට කන්දටත් 25 ට වඩා වැඩිනම් වැඩි නම් වැඩි බර කාණ්ඩයට ත් අයත් වෙනවා .

ඔන්න දැන් කවුරුවත් අවශ්‍ය නැහැ. උසට සරිලන බරක් තිබෙනවාද කියා ඔබටම සොයා ගන්නට පුලුවන්.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles