ආදර මල්වල පාට කියන්නද? – 32

0
54

“අනේ මන්දා ආච්චි අම්මා මං නම් කියන්නේ වලව්වකට ලේලි කෙනෙක් වෙලා එන්න ලස්සන තිබ්බට විතරක් මදි. මේ වගේ ෆැමිලි එකකට මැච් වෙන කාස්ට් එකක් වගේම හොඳ සල්ලි බාගයක් තියෙන ෆැමිලි බැක්ග්‍රව්න්ඩ් එකකුත් තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් කොහෙන් හරි අහුලගත්තු හිඟන කෙල්ලෙක් වලව්වට ආවම මුළු පරම්පරාවේම නම්බුව ඉවරයිනෙ.”

වතුර වීදුරුවක් බොන්න හිතාගෙන කුස්සිය පැත්තට යන්න පල්ලෙහා තට්ටුවට බැස්ස ආකර්ෂාගේ කකුල් සාලේ මැදදීම එකපාරටම නතර වුණේ සෙලීනාගේ ඒ  වචන ටික කන් අස්සේ රැව්දෙද්දී. සෝෆා එකේ ඉඳගෙන උන්නු ආච්චි අම්මයි සෙලීනයි දෙන්නම මාරම ටොක්සික් බැල්මකින් කෙල්ල දිහා බලන් උන්නා. සෙලීනා තමන්ගේ දිග නියපොතු දිහා බල බල මාරම උද්දච්ච, ඒ වගේම පල් හිනාවක් දාගෙනයි ඒ කතාව කිව්වේ.

ආකර්ෂා වතුර වීදුරුවත් අතේ තියාගෙන, දතකට පූට්ටු කරගෙන සෙලීනා දිහා බැලුවේ හිතට ආපු මහා ලොකු කේන්තිය පාලනය කරගන්න උපරිම උත්සාහ කරමින්. හැබැයි කෙල්ලට උත්තරයක් දෙන්න ඉඩක් නොතියාම ආච්චි අම්මා ඊලඟ වචන ටික කියලා දැම්මා.

“ඔව් සෙලීනා, ඒක සහතික ඇත්ත. අපේ කවීන් කියන්නේ හැඟීම්වලට වහල් වෙලා, එක එක කෙල්ලන්ගේ ලස්සන මූණුවලට රැවටිලා තීරණ ගන්න මෝඩයෙක් නෙවෙයි. මිනිහා හොඳටම දන්නවා වලව්වේ ගෞරවය රැකගෙන, තමන්ගේ මට්ටමට ගැලපෙන කාත් එක්කද ඇත්තටම ජීවත් වෙන්න ඕනේ කියලා. සල්ලි, දේපල වස්තු කන්දරාව දැකලා වලව්වට රිංගගත්තට, කවදාවත් මේ වලව්වේ නියම අයිතිකාරිය වෙන්න කාටවත්ම බෑ හිතන තරං ලේසියෙන්” කියලා ආච්චි අම්මා කියද්දී ආකර්ෂාගේ මුළු ඇඟම එකපාරටම ගැස්සිලා වගේ ගියා.

මේ දෙන්න නිකන් හරියට කතාකරන්නෙ තමන් කවීන් එක්ක දාගත්තු ඩීල් එක ගැන දන්නවා වගේ නේද කියලා හිතෙද්දි කෙල්ලට පොඩ්ඩක් විතර අන්දුන්කුන්දුන් සීන් එකකුත් ඇඟට දැනුණා. ඒ වුණාට ඉතින් ඒක එහෙමම වෙන්න විදියක් නෑනෙ. කාටවත් දැනගන්න විදියක් නෑනෙ තමන් අතරෙ තියෙන්නෙ ඩීල් එකක් කියලා.

“ඒකනේ ආච්චි අම්මා… සමහරු හිතන් ඉන්නේ කවීන් එක්ක එක ගෙදර හිටිය පළියට හැමදේම හරි කියලා. නමට විතරක් ෆියන්සේ වුණාට වැඩක් නෑ, කවීන්ගේ හිතේ ඇත්තටම ඉන්නේ කවුද කියලා මුළු වලව්වම දන්නවා” සෙලීනා සෝෆා එකෙන් නැගිටලා ආකර්ෂා ළඟටම ඇවිත්, මූණටම එබිලා හිනා වුණේ මහ නින්දිත විදියට.

“ඉතින් නිකන් මෙහේ ඉඳලා තවත් ලැජ්ජා වෙන්නේ නැතුව, තමන්ගේ මට්ටම තේරුම් අරන් ආපු දිහාවකටම යන එක තමයි නේද හොඳ? එච්චට දෙයක්වත් තේරෙන්නෙ නැද්ද?!”

ආච්චි අම්මගේ සහ සෙලීනාගේ ඒ ඒකාබද්ධ ප්‍රහාරය ඉස්සරහා ආකර්ෂා මාරම විදිහට මානසිකව වැටුණා කිව්වොතින් හරියට හරි. කෙල්ලගේ ඇස්වලට කඳුළු උනන්න හැදුවත්, ඒකි ඉස්සරහා අඬලා තමන්ගේ දුර්වලකම පෙන්නන්න ආකර්ෂාට ඕන වුණේ නැහැ.

“මීට වඩා තේරෙන්නෙ විදියක් නෑ? මීට වඩා තේරෙන්න තව ටිකක් වැඩියෙන් තේ බොන්න ඕන. මේ හලෝ ඔහේ හිතන් ඉන්නෙ ඔහේට විතරයි කට බලියං කියවන්න පුළුවන් කියලද? තමුන් දන්නවද මං කවුද කියලා? උඩැක්කිය වගේ මෙතන නටන්න එන්න එපා හොඳේ මං ඉස්සරහා. කවීන් දන්නවනම් කවීන් ඉන්න ඕන මොන ගෑනි එක්කද කියල අහවල් එහෙකටද මිනිහා මාව මේ ගේ අස්සට වද්දගත්තෙ කියලා තේරෙනෙ නැත්තෙ මට නෙවෙයි. මෙන්න මේ ළමාතැනීටයි රට ඉඳන් ආපු උඩැක්කියටයි තමයි. ආයෙ මෙතන මට සද්ද දාන්න හිතන්න එපා හොඳේ. එළොව පොල් පෙන්නන්නෝ මං මෙහෙ ඉඳන් මට අනං මනං ටෝක්ස් දාගෙන ආවොත්” කියලා ආකර්ෂා උපරිම ධෛර්යය අරන් සෙලීනාගේ මූණටම උත්තරේ දීලා, වතුර වීදුරුවත් එතනම තියලා ආපහු හැරුණා. කෙල්ල පඩිපෙළ දිගේ වේගයෙන් දුවලා ගිහින් තමන්ගේ කාමරේට වැදුණේ මුළු ඇඟම කේන්තියටයි ලැජ්ජාවටයි ගැහෙද්දී, මේ හැම නින්දාවක්ම තනියම දරාගන්න බැරුව හිත ඇතුළෙන් මහා ලොකු අසරණකමක් දැනෙද්දීමයි. නාකිච්චියි සෙලීනා මල හෝන්තුවයි එක දෙක කරලා කවීන් ගෙ කණේ මේව තියාවිද කියන බය ඒ එක්කම කෙල්ලගෙ හිතට ආවෙ නැතුව නෙවෙයි.

“මං ගැන අනං මනං කිව්වොත් බලාගමුකො. ජයරත්න එකෙන් පෙට්ටි දෙකක් ඕඩර් කරලා තමයි එහෙම උනොත් මං ඕකුන් දෙන්නට ආයෙ අමතන්නෙ”

දවල් වෙච්ච හැම සේරම ජරමර අස්සේ හිත හොඳටම පෑරිලා තිබ්බ ආකර්ෂා, රෑ තනියම කාමරේට වෙලා ඇඳ විට්ටමට හේත්තු වෙලා මුළු ලෝකෙටම දෙහි කප කපා තමයි උන්නේ. සෙලීනයි ආච්චි අම්මයි කියපු ඒ දරුණු කතා හිත අස්සේ ඇනි ඇනි කෙල්ලව මාරම විදිහට රිද්දලා තිබ්බේ.

ඔන්න ඔහොම කේන්තියෙන් පුපුර පුපුර ඉන්න අතරේ තමයි එකපාරටම කාමරේ දොර හීන් සැරේ ඇරිලා, කාටත් හොරෙන් කවීන් ඇතුළට රිංගුවේ. ආකර්ෂා කවීන්ව දැක්ක ගමන් රවාගෙන ඇඳෙන් නැගිටලා අහකට හැරුණා.

“ඔයා මොකටද දැන් මෙතනට ආවේ? යන්න අර සෙලීනා කුමාරි ගාවට. එයා ඇති බලාගෙන තමුසෙ කෝපි එකක් හදන් එනකල්” ආකර්ෂා ඉණට අත් දෙක තියාගෙන තමයි කතාව පටන් ගත්තෙ.

කවීන් හොර හිනාවක් දාගෙන කෙල්ල ළඟට කිට්ටු වුණේ අදත් ආච්චි අම්මයි සෙලීනයි කෙල්ලට මොනාහරි කියන්න ඇති කියලා හිතාගෙනමයි.

 “ඇයි අනේ… මං මගේ නෝනාව බලන්න ආවම මොකද? සෙලීනාට ඕන මඟුලක් කරගන්න කියලා මං ආවේ මගේ මැණිකව බලන්න”

“අනේ මේ… මට තමුසෙගේ මැණික කතා වැඩක් නෑ හරිද? ෂොපින් මෝල් එකේදී අරකි ඇඟේ එල්ලෙද්දී මාර හැපී නේද? තව ටිකක් වෙලා හිටියා නම් ඒකිගේ හෑන්ඩ් බෑග් ටිකයි සෙරෙප්පු ටිකයි සේරම බෙල්ලේ එල්ලාගෙන මෙතන ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ ඉන්න තිබ්බා තමුසෙට. මාව මෙතන නිකන් තර්ඩ් වීල් එකක් කරලා දාලා දැන් එනවා මෙතන නලවන්න. යනවා යන්න මෙතනින් යන්න” ආකර්ෂා අත් දෙකත් පද්ද පද්ද, මූණත් බෙරි කරගෙන බණිද්දී කවීන්ට මාරම විදිහට හිනා ගියා. කෙල්ල කේන්ති ගියාම මාරම කියුට් කියලා මිනිහට හිතුණා.

“හරි හරි… මං වැරදියි තමයි. ඉතින් දැන් මට දඬුවම් කරන්නකෝ. ඔයා දෙන ඕන දඬුවමක් මං භාරගන්නවා, ආආආආආදරෙන්” කවීන් තවත් ලං වෙලා මාරම සෙල්ලක්කාර විදිහට කිව්වා.

“දඬුවම් කරන්න? සෙලීනගෙ ඇඟේ ගැට ගහලා දෙන්නවම මූදට දාන්න තියෙන්නෙ. ලැජ්ජ නැති මිනිහා” ආකර්ෂා තවදුරටත් බණින්න හිතාගෙන ඇඟිල්ලක් දික් කරලා කෑගහන්න හැදුවා විතරයි…

කවීන් එකපාරටම කෙල්ලගෙ ඒ දික් කරපු අතින් අල්ලලා, කිසිම ගාණක් නැතුව කෙල්ලව තමන්ගේ පැත්තට මාරම වේගෙන් ඇදලා ගත්තා.

හිතාගන්නවත් බැරි වෙච්ච ඒ ක්ෂණික ඇදීමත් එක්ක ආකර්ෂා ගිහින් වැදුණේ කෙළින්ම කවීන්ගේ ඒ ශක්තිමත්, උණුසුම් පපුව අස්සේ. කෙල්ලට බය වුණු පාරට “මොන මගුලක් කරනවද මන්දා” කියලා ගාලා කෑගැහෙන්න ගියත්, කවීන් එකපාරටම තමන්ගේ අනික් අතින් කෙල්ලගෙ හීනි ඉණ වටේ දාලා, තවත් තදින් තමන්ගේ ඇඟට කිට්ටු කරගත්තා.

“දැන් ඇති බැන්නා. මෙච්චර වෙලා බැන්න එකේ සද්දෙට වලව්වේ අනිත් අයටත් ඇහැරෙයි” කවීන් මාරම ආදරණීය, ගොරෝසු හඬකින් කෙල්ලගේ කනට කරලා මුමුණද්දී ආකර්ෂාගේ මුළු ඇඟම එකපාරටම හිරිවැටිලා ගියා. කෙල්ලගේ හිතේ තිබ්බ හැම කේන්තියක්ම එක තත්පරයෙන් දිය වෙලා ගියේ කොල්ලගේ ඒ කටහඬේ තිබිච්ච මොකක් හරි තේරුං ගන්න බැරි ෆීලින් එකක් හන්දා.

කවීන් හිමින් සැරේ ආකර්ෂාගේ රතු වුණු කම්මුල් දෝතට ගත්තා. කොල්ලගේ උණුසුම් හුස්ම තමන්ගේ මූණට වදිද්දී, ආකර්ෂාට මේ මුළු ලෝකෙම, වලව්වේ ප්‍රශ්න, සෙලීනාව, ලේඩි කලම්බු සෙවන්ව සේරම අමතක වෙලා ගියා වගේ දැනුණා. කවීන් මාරම හැඟීම්බරව ආකර්ෂාගේ ඇස් දෙක දිහා බලලා, ඊටපස්සේ හිමින් සැරේ පහළට ඇවිත් කෙල්ලගෙ ඒ රෝස පාට තොල් පෙති උඩ තමන්ගේ තොල් තියලා, මාරම රොමෑන්ටික් හාදුවකින් කෙල්ලව සනසන්නම හදද්දීම…

හරියටම ඒ ආදරණීය, උණුසුම් තත්පරයේදීම, මුළු කාමරේම එකපාරටම සීතල කරගෙන කාමරෙන් එළියෙ කොරිඩෝ එක පැත්තෙන් මහා භයානක, ගුප්ත සද්දයක් ඇහෙන්න ගත්තා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here