සෙලීනා කාමරෙන් පිටවෙලා යනවත් එක්කම කෑම කාමරේ අස්සෙ ඉතුරු උනේ මාරම ලොකු සයිලන්ස් එකක්.
තවදුරටත් තමන්ට කතා කරන්න දෙයක් නෑ වගේ ලේඩි කලම්බු සෙවන් කිසි සද්දයක් බද්දයක් නැතුව කෑම කද්දි ආකර්ෂටත් සිද්ද උනා සද්ද නැතුව ඉන්න. ඒ උනාට හිත තිබ්බෙ නම් එහෙම සයිලන්ස් වෙන්න බලාගෙන නෙවෙයි.
නාකිච්චි එක්ක මෙතෙන්ට වෙලා ඉන්න අමාරු හන්දා තමයි කෙල්ල කවීන්ගෙයි වික්‍රමසිංහගෙයි කෑම පිඟන් දෙක අරගෙන ඒ දෙක දීලා එන්න ගියේ. ඒ කෑම පිඟන් දෙක කාමරෙන් තියලා ආයෙම වතාවක් තමන්ට කෑම බෙදාගෙන යන්න කාමරෙන් එළියට එද්දිත් ලේඩි කලම්බු සෙවන් තවමත් මොනා හරි දෙයක් ගැන ලොකුවටම කල්පනා කර කර තමන්ගේ තේ කෝප්පෙ දිහා බලාගෙන ඉද්දී, ආකර්ෂාට ඇහුණා මොකක් හරි වයිබ්‍රේට් වෙන සද්දයක්. තමන්ගෙ ෆෝන් එක තමන් ඒ වෙද්දිත් කාමරේ අස්සෙ දාලා ආව කියලා මතක තිබ්බ එකේ ඒ වයිබ්‍රේට් වෙන්නෙ මොකද්ද කියලා ආකර්ෂා වට පිට බලද්දි තමයි කෙල්ල දැක්කෙ සෙලීනා ගෑනිට තිබ්බ කලබලේටයි, ලේඩි කලම්බු සෙවන් ප්‍රශ්න අහන එකට බය වෙච්ච පාරටයි ෆෝන් එක අමතක වෙලා දාලා ගිහින් කියන එක.
“අම්මටසිරි මේක නම් දෙයියෝ දුන්න චාන්ස් එකක්” කෙල්ල හිතින් මුමුණගත්තාට මොකෝ ලේඩි කලම්බු සෙවන් ඉන්න තැනක ඔය ෆෝන් එක අතට අරගෙන බලන්න ගියොත් ඔක්කොම ප්ලෑන්ස් දෙල් වෙන විත්තිය දන්න හන්දා කරන දෙයක් කරන්න වෙන්නෙ හොරෙන් කියන එක කෙල්ල දැනගෙන උන්නා. අන්න ඒ හන්දා තමයි කෙල්ල නිකන් ඔලුව වටේ අත දාලා නාහෙ අල්ලන්න හදනවා වගේ සෙලීනා වාඩිවෙලා උන්න පැත්තට ගිහින් කෑම බෙදාගන්න ප්ලෑනක් ගැහුවෙ. හැබැයි ලේඩි කලම්බු සෙවන් උන්න බර කල්පනාවෙ හැටියට ගෑනිට නම් ඒක එච්චර මීටර් උනේ නැති පාටයි. ලේඩි කලම්බු සෙවන්ගෙ අවධානෙ වෙන පැත්තක තියෙන්නෙ කියලා තේරිච්ච හන්දා කෙල්ල කරේ හීන් සැරේ තමන්ගෙ එක ඇඟිල්ලකින් සෙලීනාගෙ ෆෝන් එක ටච් කරපු එක. මොකෝ කලු වෙලා තිබ්බ ස්ක්‍රීන් එක ඕපන් කරගත්තොත් විතරයි තමන්ට මොනාහරි දැනගන්න පුළුවන් වෙන්නෙ කියන එක කෙල්ල දැනං උන්නා.
කෙල්ලගේ ඇඟිල්ල වැදිච්ච හැටියෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ලාවට පත්තු වුණා. හැබැයි සෙලීනා ඒකට ෆේස් අයිඩී එකක් දාලා ලොක් කරලා තිබ්බ හන්දා කෙල්ලට ඒක ඇතුළට රිංගන්න පුළුවන්කමක් තිබුණේ නෑ.
හැබැයි ඉස්සෙල්ලා ෆෝන් එක වයිබ්‍රෙට් කරගෙන ඇවිත් තිබ්බ මැසේජ් එක මොකද්ද කියලා නොටිෆිකේශන් පැනල් එකෙන් කියවගන්න පුළුවන්කම තිබ්බ හන්දා දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා කියන කතාව ඇත්තක් විත්තිය කෙල්ල ඒ වෙලාවෙ තහවුරු කරගත්තා.
ඒ මැසේජ් එක ඇවිත් තිබුණෙ මුකුත් නමක් විදියට සේව් කරල නැති ෆේස් ඉමොජි එකක් විතරක් දාලා සේව් කරලා තිබිච්ච නම්බර් එකකින්. ඒ නම්බර් එක මොකද්ද කියලා බලාගන්න පුළුවන්කමක් නැති හන්දා කවුද ඒ මැසේජ් එක එව්වෙ කියන එක දැනගන්න විදියක් කෙල්ලට තිබුනෙ නැති උනාට මැසේජ් එක කියවගන්න ලැබිච්ච එක ලොකු දෙයක් විදියට තමයි කෙල්ල භාරගත්තෙ.
“වැඩේ හරිද? අරකි සැක කරේ නැද්ද? ආයෙ සෙනසුරාදා රෑට මං එන්නම්.”
ඒ වචන ටික කියවපු ගමන් ආකර්ෂාගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. පපුව ඩග් ඩග් ගාලා ගැහෙන්න ගත්තේ මහා කුතුහලයකින් වගේම තරහකින්. අරකි කියලා මුන් මේ කතා කරන්නේ තමන් ගැන විත්තිය කෙල්ලට තේරෙන්න තප්පරයක්වත් ගියේ නෑ. එතකොට එදා රෑ ඔෆිස් කාමරේ ඇතුලෙ මොන මොනවද ඩාන්ස් එකක් දැම්මෙ සෙලීනා විතරක් නෙවෙයි, මේ මැසේජ් එක දාපු නන්නාඳුනන එකාත් එක්ක එකතු වෙලා කියන ගැටපදේ කෙල්ලට එවෙලෙ ලෙහාගන්න පුළුවන් වුණා. ඒ කෙනා කවුරු උනත් උන් දෙන්නා එකතු වෙලා මේ ගේ ඇතුළේ ලොකු ප්ලෑන් එකක් රන් කරනවා විතරක් නෙවෙයි, ඒ හොර වැඩේ ඊළඟ පියවර ක්‍රියාත්මක කරන්න මුන් සෙනසුරාදා රෑටත් ලෑස්ති වෙනවා කියන එක කෙල්ලට දැනගන්න පුළුවන් වුණා.
තවත් තප්පරයක්වත් ඒ ෆෝන් එක දිහා බලාගෙන හිටියොත් කාට හරි මීටර් වෙන බව දන්න හන්දා, ආකර්ෂා ටක් ගාලා තමන්ගේ කෑම පිඟන් ටිකත් අරන් සාලෙන් මාරු වුණේ පපුව ඩිග් ඩිග් ගාද්දි. කෙල්ල ඉක්මනට අඩි තියලා කාමරේට ඇතුළු වෙලා දොර වහගන්නකම්ම ඇඟ ඇතුළෙන් වෙව්ල වෙව්ල උන්නෙ.
කාමරේ ඇඳන් දෙක උඩ වික්‍රමසිංහයි කවීනුයි දෙන්නම පණ නැතුව වැටිලා ඉන්නවා. කෙල්ල කෑම පිඟන් දෙක මේසෙන් තියලා, කවීන් නිදාගෙන ඉන්න ඇඳ අයිනෙන් වාඩි වුණේ එක එක විකාර ඔළුව අස්සෙන් හිතන ගමන්. ෆෝන් එකේ තිබ්බ මැසේජ් එක වගේම, ඊට කලින් ලේඩි කලම්බු සෙවන් කෑම මේසේදී කියපු ඒ වචන ටික කෙල්ලව ඇත්තටම ශොක් කරවලා තිබුණෙ.
“ඔය එක එක්කෙනා ගහන්න ඉන්න ප්ලෑන් මට දැනගන්න ලැබුණොත් මං ඒක ලේසියෙන් අතාරින්නේ නෑ”
“නාකිච්චි එහෙම කිව්වේ සෙලීනාට විතරක්මද?” කියලා ආකර්ෂා තමන්ගෙම නළල අතගාගන්න ගමන් හිතින් ඇහුවා. කෙල්ලගේ හිත ඇතුළට පරාණ බයක් රිංගුවේ අන්න ඒ වෙලාවේ. ලේඩි කලම්බු සෙවන් කියන්නේ ලෙහෙසියෙන් පරාද කරන්න පුළුවන් ගෑනියෙක් නෙවෙයි. සෙලීනා මහ රෑ වතුර බොන්න යනවා කියලා කිව්ව දේ පවා ඔත්තු බලන්න තරම් ඇස් ඒ නාකිච්චිට තියෙනවා නම්, තමන් මේ කවීන්ට දිනපතා කිරි එකට දාලා දෙන වස ගැනත් ඒකි මොනවා හරි ඉව කරලද දන්නේ නෑ කියලා කෙල්ලට සැක හිතුණ එක වැරදි නෑ.
කාමරේ පුරාම පැතිරිලා තිබ්බ සයිලන්ස් එක අස්සේ ආකර්ෂා කවීන්ගේ කෙට්ටු වෙච්ච මූණ දිහා බැලුවා.
“මේ පවුල විනාස කරලා මගේ පලිය ගන්න මං ආවේ මාරම ලොකු ප්ලෑනක් ඇතුව. හැබැයි මං හිතුවට වඩා මේක ඇතුළේ එක එක සීන් වැඩි වෙලා. මට සෙලීනාව විතරක් නෙවෙයි, අර සෙනසුරාදා රෑ එන්න ඉන්න එකාවයි, හැමදේටම පිටිපස්සෙන් ඉඳන් හොට දාන නාකිච්චිවයි කන්ට්‍රෝල් කරන්නත් වෙනවා මගේ ප්ලෑන් එක හරියට එක්සිකියුට් කරන්න නම්. ඕන් නැතිසෙල්ලම් දාලා අහුවුණොත් මුන් මාව පණ පිටින් වළලයි කියලා කෙල්ල තමන්ටම කියාගත්තෙ වික්‍රමසිංහ පවුල විනාස කරන්න කලින් තමන්ට මේ හැම එකෙක්ගෙන්ම මාරම පරිස්සම් වෙන්න වෙනවා නේද කියලා තේරිච්ච හන්දා.
දැන් කෙල්ලට තියෙන්නේ සෙනසුරාදා වෙනකම් දවස් ගණන් කර කර බලාගෙන ඉන්න එක විතරයි.
ඒ ලැබුණු දවස් ටික අස්සේ ආකර්ෂා තමන්ගේ ප්ලෑන් එක දිගටම කරගෙන ගියා. දවසෙන් දවස, වේලෙන් වේලට කවීන් දිය වෙලා යන හැටි කෙල්ල බලාගෙන උන්නේ මාරම සන්තෝසෙකින්. මුල් දවස්වල ඇඟේ පතේ අමාරුවක් විතරක් තිබ්බ කවීන්ට දැන් ඇඳෙන් නැගිටගන්නවත් පණක් තිබුණේ නෑ. මිනිහගේ කම්මුල් ඇතුළට කිඳා බැහැලා, ඇස් වටේ කළු වෙලා, හරියට නිකන් හුස්ම ගන්න ඒත් මැරිච්ච මිනිහෙක් වගේ දවසෙන් දවස කෙට්ටු වෙලා යනවා කෙල්ල ඇස් දෙකෙන්ම දැක්කා.
හැමෝටම පේන්න කවීන් වෙනුවෙන් පණ ඇරගෙන සාත්තු කරන ගෑනි විදිහට රඟපාන අතරේ, කෙල්ලගෙ ඇස් දෙක තිබ්බේ සෙලීනා මොනවද කරන්නෙ කියලා බලන ගමන්. සෙලීනාත් වෙනදා වගේ නෙවෙයි, තමන්ගේ ෆෝන් එක අතින් අතාරින්නේ නැතුව මාරම නොඉවසිල්ලකින් දවස් ගෙවන විත්තිය ආකර්ෂාට මීටර් වුණේ අන්න ඒ හන්දා.
කවින්ලගෙ මුළු වලව්වම එළියෙන් බලද්දි මාරම සයිලන්ස් එකේ තිබුණට, ඇතුළෙන් පුපුරන්න ලෑස්ති වෙන ගිනි කන්දක් වගේ කියලා කෙල්ල දැනගෙන උන්නා.
ගිනි කන්ද ඒ විදියට පුපුරන්න බොයිල් වෙද්දි ආකර්ෂා හිත හයිය කරගෙන බලාගෙන හිටියේ සෙනසුරාදා රෑ අන්ධකාරෙ මේ මුළු වලව්වම වහගන්න වෙලාව එනකම්!



