ඔයාට ප්රශ්නයක් ආවම, ඔයාගේ partner කොහොමද හැසිරෙන්නේ?ඔයා අඬන වෙලාවක එයා මොනවද කරන්නේ?
දෙන්නා අතර disagreement එකක් ආවම එයා කතා කරන්නේ කොහොමද?
ඔයාට ටිකක් තනියම ඉන්න ඕනෙ කිව්වම ඒකට ගරු කරනවද?
ඇත්තටම, partner කෙනෙක්ගේ තියෙන ලොකුම Green Flag එක කියන්නේ එයා කොච්චර romantic ද, කොච්චර gifts දෙනවද, නැත්නම් කොච්චර sweet things කියනවද කියන එක විතරක්ම නෙවෙයි.
ප්රශ්නයක් ආවම එයා හැසිරෙන විදිහෙනුත් එයා Green Flag එකක්ද Red Flag එකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්.
මොකද ආදරේ ලස්සනට පේන්නේ හැමදේම හොඳින් තියෙන දවස්වල විතරක් නෙවෙයි. ජීවිතේ ටිකක් අමාරු වෙන වෙලාවක, දෙන්නා අතර ගැටලුවක් ඇති වෙන වෙලාවක, එයාගේ ඇත්තම ස්වභාවය පේන්න පටන් ගන්නවා.
ඒ නිසා partner කෙනෙක්ගේ Emotional Maturity එක හඳුනාගන්න පුළුවන් මේ ලක්ෂණ ටික ගැන බලන්න.
1. ප්රශ්නයක් ආවම කතා කරන්න පුළුවන්
හොඳ partner කෙනෙක් ප්රශ්නයක් ආවම ඒක මඟහරින්නේ නැහැ. ඒ වගේම කෑගහලා, අපහාස කරලා, අනෙක් කෙනාව වැරදිකාරයෙක් කරලා ප්රශ්නය විසඳන්නත් උත්සාහ කරන්නේ නැහැ.
“ඔයාට මේක කොහොමද දැනුණේ?”
“අපි මේක කොහොමද විසඳගන්නේ?”
වගේ දේවල් අහලා, දෙන්නාටම තේරෙන විදිහට කතා කරන්න උත්සාහ කරනවා.
හැම disagreement එකක්ම fight එකක් වෙන්න ඕනෙ නැහැ.
2. ඔයාගේ Boundaries වලට ගරු කරනවා
ඔයා එයාගේ partner වුණා කියලා, ඔයාට 24/7 access එකක් තියෙන්න ඕනෙ කියලා අදහස් වෙන්නේ නැහැ.
ඔයාට තනියම ඉන්න ඕනෙ වෙලාවක් තිබුණොත් ඒකට ගරු කරනවා. ඔයාගේ පෞද්ගලික අවකාශය, මිතුරන්, වැඩ සහ ආශාවල් පාලනය කරන්න උත්සාහ කරන්නේ නැහැ.
ආදරේ කියන්නේ කෙනෙක්ව අයිති කරගැනීම නෙවෙයි. කෙනෙක්ගේ නිදහසටත් ගරු කරමින් ළඟින් ඉන්න එක.
3. තමන්ගේ වැරදි පිළිගන්න පුළුවන්
“මං වැරදි.”
මේ වචන කියන්න සමහර අයට හරිම අමාරුයි.
හැබැයි Emotionally mature partner කෙනෙක්ට තමන්ගේ වැරැද්ද පිළිගන්න පුළුවන්. Sorry කියන්නේ ප්රශ්නය ඉක්මනින් ඉවර කරන්න විතරක් නෙවෙයි. ඒ වැරැද්ද ආයෙත් නොවෙන්න තමන්ගේ හැසිරීම වෙනස් කරන්නත් උත්සාහ කරනවා.
මොකද සැබෑ apology එකක් වචනවලින් විතරක් නෙවෙයි, හැසිරීමෙනුත් පේනවා.
4. ඔයාගේ හැඟීම්වලට ඉඩ දෙනවා
ඔයා දුකෙන් ඉන්නකොට,
“ඕක ගැන ඔච්චර හිතන්න එපා.”
“ඒක සුළු දෙයක්නේ.” කියලා ඔයාගේ feelings පොඩි කරලා දාන කෙනෙක් වෙනුවට, ඔයාට ඇහුම්කන් දෙන්න උත්සාහ කරන කෙනෙක් තමයි හොඳ partner කෙනෙක් කියන එකෙන් අදහස් වෙන්නෙ.
හැම වෙලාවකම solution එකක් දෙන්න ඕනෙ නැහැ.
සමහර වෙලාවට,
“මට තේරෙනවා. මං ඔයා එක්ක ඉන්නවා.” කියන එකම ඇති.
5. අමාරු වෙලාවක තමන්ව පාලනය කරගන්න පුළුවන්
Stress එකක් ආවම හැමෝම perfect විදිහට හැසිරෙන්නේ නැහැ. ඒක සාමාන්යයි.
හැබැයි කෝපය නිසා අනෙක් කෙනාව බය කරන එක, අපහාස කරන එක, silent treatment දීලා දඬුවම් කරන එක හෝ හැම ප්රශ්නයක්ම drama එකක් කරන එක healthy relationship එකක ලක්ෂණ නෙවෙයි.
Emotionally mature කෙනෙක් තමන් upset වෙලා ඉන්න බව දැනගන්නවා. අවශ්ය නම් ටික වෙලාවක් අරගෙන calm වෙලා, පස්සේ ප්රශ්නය ගැන කතා කරනවා.
හැඟීම් තියෙන එක ප්රශ්නයක් නෙවෙයි. ඒ හැඟීම් handle කරන විදිහයි වැදගත්.
6. Relationship එක ගැන වගකීමක් තියෙනවා
හොඳ relationship එකක් තනියම කෙනෙක්ට විතරක් ඉස්සරහට කරගෙන යන්න බැහැ.
දෙන්නාගේ අනාගතය ගැන කතා කරන්න, වගකීම් බෙදාගන්න, ප්රශ්න ආවම දෙන්නා එකතු වෙලා විසඳුම් හොයන්න කැමති partner කෙනෙක් තමයි දිගුකාලීනව වටින්නේ.
එයා “මම” කියන තැනින් එහාට ගිහින්, “අපි මේක කොහොමද කරන්නේ?” කියලා හිතනවා.
අන්තිමට, partner කෙනෙක් Green Flag partner කෙනෙක්ද කියලා හොයනකොට බලන්න ඕන එයා ඔයාට කොච්චර ආදරේ කරනවාද කියන එක විතරක් නෙවෙයි.
ප්රශ්නයක් ආවම එයා ඔයාට කොහොම සලකනවාද කියන එකත් අනිවාර්යෙන්ම බලන්න ඕන.
මොකද හොඳ දවස්වල ආදරේ කරන එක ලේසියි.
අමාරු දවසකත් ඔයාගේ feelings වලට ගරු කරමින්, කතා කරමින්, තමන්ගේ වැරදි පිළිගෙන, දෙන්නාගේ relationship එක වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වීම තමයි ඇත්තම Emotional Maturity එක.
ඒ නිසා ඔයාගෙන්ම එක ප්රශ්නයක් අහන්න:
“මගේ partner එක්ක ප්රශ්නයක් ආවම මට ආරක්ෂිතව මගේ හිතේ තියෙන දේ කියන්න පුළුවන්ද?”
ඒකට “ඔව්” කියන්න පුළුවන් නම්, ඒකම ලොකු Green Flag එකක්.










