පලතුරු අනුභව කිරීමට නිවැරදි ක්රමය: වඩා හොඳ සෞඛ්යයක් සඳහා සරල පුරුදු
පළතුරු යනු ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කළ හැකි සෞඛ්ය සම්පන්නම ආහාර තේරීමක්. ඒවා විටමින්, ඛනිජ ලවණ, තන්තු, ප්රතිඔක්සිකාරක සහ ස්වාභාවික සීනි වලින් පිරී ඇති අතර ශරීරයට ශක්තිය ලබා දෙමින් සමස්ත සෞඛ්යයේම යහපැවැත්මට ද සහාය වෙනව. කෙසේ වෙතත්, ඔබ පලතුරු තෝරා ගන්නා, සකස් කරන ආකාරයන් සහ පරිභෝජනය කරන ආකාරයෙන් ඔබට ඒවායින් ලැබෙන ප්රතිලාභවල වෙනසක් ඇති කළ හැකියි.
ඒ නිසා පලතුරු පරිභෝජනය කළ යුතු නිවැරදිම ආකාරය පිළිබඳවයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ.
විවිධ පලතුරු අනුභව කරන්න
විවිධ පලතුරු විවිධ පෝෂ්ය පදාර්ථ සපයන අතර පලතුරු වර්ග එකක් හෝ දෙකක් පමණක් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට ලැබෙන විටමින් සහ ප්රතිඔක්සිකාරක පරාසය සීමා වෙනවා.
උදාහරණයක් ලෙස,
පැඟිරි පලතුරු – විටමින් C
කෙසෙල් – පොටෑසියම්
බෙරි වර්ග – ප්රතිඔක්සිකාරක
පැපොල් – ආහාර ජීර්ණ එන්සයිම
ඇපල් – තන්තු
පෝෂණ ප්රතිලාභ උපරිම ලෙස ලබා ගැනීම සඳහා සතිය පුරා විවිධ වර්ණවලින් යුත් පලතුරු ඔබේ ආහාරයට එකතු කර ගැනීමට සැලකිලිමත් වන්න.
යුෂ වෙනුවට පලතුරු ආහාරයට ගන්න
සම්පූර්ණ පලතුරු වල ස්වභාවික තන්තු අඩංගු වන අතර එය ශරීරයට සීනි අවශෝෂණය කර ගැනීම මන්දගාමී කරනවා. එයින් ඔබට පූර්ණ බවක් දැනීම සහ සෞඛ්ය සම්පන්න ආහාර ජීර්ණයට සහාය වීමද සිදු වෙනවා. නැවුම් පලතුරු යුෂ වල පවා බොහෝ විට තන්තු අඩු ප්රමාණයක් අඩංගු වන අතර විශාල ප්රමාණවලින් පරිභෝජනය කිරීමට පහසු උනත් එමඟින් අතිරික්ත සීනි ප්රමාණයක් ශරීරයට එකතු විය හැකියි.
එම නිසා හැකි සෑම විටම, පලතුරු පානය කිරීම වෙනුවට පලතුරු ආහාරයට ගැනීම තෝරා ගන්න.
පලතුරු හොඳින් සෝදන්න
ඔබ යම් පලතුරක් ලෙළි ඉවත් කර ආහාරයට ගැනීමට සූදානම් වුවත් , කෑමට පෙර සෑම විටම පිරිසිදු ගලා යන ජලයෙන් පලතුරු සෝදන්න. සේදීම මතුපිට රැඳී ඇති අපිරිසිදුකම, බැක්ටීරියා සහ පළිබෝධනාශක අපද්රව්ය ඉවත් කිරීමට උපකාරී වනවා.
පිරිසිදු ජලය සාමාන්යයෙන් ප්රමාණවත් බැවින් සබන් හෝ ඩිටර්ජන්ට් භාවිතා කිරීමෙන් වළකින්න.
ආහාරයට ගත හැකි සම අනුභව කරන්න
බොහෝ පලතුරු වල සමෙහි වටිනා පෝෂ්ය පදාර්ථ සහ තන්තු අඩංගු වනවා. ඇපල්, පෙයාර්ස්, මිදි සහ පේර වැනි පලතුරු වර්ග එයට හොඳම උදාහරණ වනවා.
කෙසේ වෙතත්, කෑමට පෙර ඒවා හොඳින් සෝදන්න. ඒවායේ සම ඝන, හානි වූ හෝ ඉටි හෝ රසායනික ද්රව්ය සමඟ ඉදවා ඇත්නම් පමණක් සම ඉවත් කර ආහාරයට ගන්න.
ප්රෝටීන් හෝ සෞඛ්ය සම්පන්න මේද සමඟ පලතුරු පරිභෝජනය කරන්න
ප්රෝටීන් හෝ සෞඛ්ය සම්පන්න මේද ප්රභවයක් සහිත පලතුරු අනුභව කිරීම ඔබට දිගු කාලයක් පූර්ණව සිටීමට සහ රුධිරයේ සීනිවල වේගවත් වැඩිවීම අඩු කිරීමට උපකාරී වනවා.
සෞඛ්ය සම්පන්න සංයෝජන ලෙස,
රටකජු බටර් සමඟ ඇපල් පෙති.
යෝගට් සමඟ කෙසෙල්.
චීස් සමඟ බෙරි.
ඇට වර්ග කිහිපයක් සමඟ පැපොල්
මෙම සංයෝජන ප්රධාන ආහාර වේල් අතර ගත හැකි කෙටි ආහාර වේල් ලෙස ලබා ගත හැකියි.
අමතර සීනි එකතු කිරීමෙන් වළකින්න
නැවුම් පලතුරු ස්වභාවිකවම පැණිරස වන අතර එකතු කළ සීනි, සිරප් හෝ පැණිරස ක්රීම් අවශ්ය වන්නේ නැහැ. සීනි එකතු කිරීමෙන් සිදු වන්නේ අමතර පෝෂණයක් ලබා නොදී කැලරි ප්රමාණය වැඩි කිරීමයි. එම නිසා හැකි සෑම විටම පලතුරේ ස්වාභාවික රසය භුක්ති විඳිමට වග බලා ගන්න.
සමබර ආහාර වේලක කොටසක් ලෙස පලතුරු අනුභව කරන්න
පළතුරු පෝෂ්යදායී වන නමුත් ඒවා එළවළු, සම්පූර්ණ ධාන්ය වර්ග, ප්රෝටීන් සහ සෞඛ්ය සම්පන්න මේද වෙනුවට භාවිතා නොකළ යුතුය. සමබර ආහාර වේලක් මඟින් ඔබේ ශරීරය නිසි ලෙස ක්රියාත්මක වීමට අවශ්ය සියලුම පෝෂ්ය පදාර්ථ සපයන බැවින් විවිධ ආහාර කාණ්ඩවල ආහාර ඇතුළත් වර්ණවත් ආහාර වේලක් සෑම විටම ලබා ගන්න
පලතුරු නිසි ලෙස ගබඩා කරන්න
පලතුරු නිසි ගබඩා කිරීම නැවුම් බව සහ පෝෂණ ගුණය පවත්වා ගැනීමට උපකාරී වනවා.
බෙරි, මිදි සහ කැඩුණු පලතුරු ශීතකරණයේ තබන්න.
කෙසෙල්, අඹ සහ අලිගැට පේර ඉදවන තෙක් කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න.
කැපූ පලතුරු වාතය රහිත බහාලුම්වල තබා දින කිහිපයක් ඇතුළත පරිභෝජනය කරන්න.
පලතුරු අනුභව කිරීම පිළිබඳ පොදු මිථ්යාවන්
මිථ්යාව – ආහාර ගැනීමෙන් පසු පලතුරු කිසි විටෙකත් අනුභව නොකළ යුතුය.
සත්යය – ඔබේ ආහාර වේලෙහි සමස්ත ගුණාත්මකභාවය එය ලබා ගන්නා වේලාවට වඩා වැදගත් වන බැවින් ආහාර වේලකට පසු පලතුරු අනුභව කිරීම ඉතා සුදුසු වනවා
මිථ්යාව – පලතුරු වල සීනි අඩංගු බැවින් මිනිසුන් ඒවා වළක්වා ගත යුතුය.
සත්ය – සම්පූර්ණ පලතුරු වල ඇති ස්වාභාවික සීනි තන්තු, විටමින් සහ ප්රතිඔක්සිකාරක සමඟ එන අතර ඒවා රසකැවිලි සහ සීනි සහිත පාන වර්ගවල ඇති එකතු කළ සීනිවලට වඩා බෙහෙවින් ශරීරයට ගුණදායකය.
මිථ්යාව – පළතුරු යුෂ සම්පූර්ණ පලතුරු තරම්ම සෞඛ්ය සම්පන්නයි.
සත්යය – සම්පූර්ණ පලතුරු සාමාන්යයෙන් වැඩි තන්තු ප්රමාණයක් සපයන අතර යුෂ වලට වඩා තෘප්තිමත් බවක්ද සපයයි.
නිවැරදි ආකාරයෙන් පලතුරු අනුභව කිරීම යනු සංකීර්ණ නීති අනුගමනය කිරීමක් නොවේ. එහි සරල අර්ථය වන්නේ නැවුම්, සම්පූර්ණ පලතුරු තෝරා ගැනීම, විවිධ වර්ණ භුක්ති විඳීම, ඒවා නිසි ලෙස සේදීම, අනවශ්ය සීනි එකතු කිරීමෙන් වැළකී සිටීම සහ සමබර ආහාර වේලක කොටසක් ලෙස ඒවා ඇතුළත් කර ගැනීමයි.
පලතුරු ඔබේ ආහාර වේලෙහි සහ සුලු කෑමවල කොටසක් බවට පත් කර ගැනීමෙන්, ඔබේ ප්රතිශක්තිකරණ පද්ධතියට නිසි ලෙස ක්රියා කිරීම, ආහාර දිරවීම වැඩි දියුණු කිරීම ඔබේ හදවත ආරක්ෂා කිරීම, සහ ඔබේ ශරීරයට දිනපතා අවශ්ය ස්වාභාවික පෝශ්ය පදාර්ථ ලැබීම සිදු වනවා.











