පොළොස් ව්‍යාංජනය වැඩියෙන් හුරු පුරුදු ඔබට ඊටත් වඩා රහට හදා ගන්න පුළුවන් පොළොස් අච්චාරුව තමයි මේ..
අවශ්‍ය දේවල්
- ළපටි පොළොස් ගෙඩි 2ක්.
- අමු මිරිස් 50g
- ඉඟුරු 25 g
- සුදු ළූණු 25 g
- රතු ළූණු100 g
- අබ 25 g
- වියළි මිරිස් කරල් 10 – 15ක් පමණ
- විනාකිරි කෝප්ප 1/2
- කහ කුඩු තේ හැදි 1/2
- ගොරකා කැබලි 4ක්
- සීනි තේ හැදි 2ක්
- දෙහි යුෂ
- ලුණු
සාදා ගන්නේ මෙහෙමයි..
- පොලොස්වල පොත්ත ඉවත් කර කැබලි වලට කපා ගන්න. ඉන් පසු එයට ගොරකා සහ ලුණු එකතු කර මෙලෙක් වනතුරු තම්බන්න.
- වියළි මිරිස් සහ අබ විනාකිරෙන් තලපයක් ලෙස අඹරා ගන්න.
- තැම්බූ පොලොස් වලට දෙහි ගෙඩියක යුෂ එක්කර ගලේ තබා යන්තමට අඹරා ගන්න.
- පොළොස් බඳුනකට දමා මිරිස් කුඩු සහ අඹරාගත් අබ තලපය එයට එකතු කරන්න.
- පසු අමු මිරිස්, ඉඟුරු, සුදු ළූණු, සහ ලුණු ද දමන්න. මෙයට ඉතිරි විනාකිරි, ලූනූ, සහ සීනි එක්කර විනාඩි 5ක් පමණ ලිප තබා උයා ගන්න.
- ලිපෙන් බා හොඳින් නිමා ගෙන බෝතලයක දමා කල් තබා ගන්න