පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු දෙයක්.ගෙවත්තෙන් සොයා ගන්නා දේ සමඟ මිශ්‍ර කර පරිප්පු ව්‍යාංජන සකසන ආකාරය අපි අද ඔබට ගෙන එන්නට සිතුවේ ඒ නිසා

තිබ්බටු සහ පරිප්පු ව්‍යාංජනය

අවශ්‍ය දේවල්:

තිබ්බටු 200g

පරිප්පු 100g – 150g

ලියා ගත් රතු ළූණු

කෑලි වලට කපා ගත් තක්කාලි ගෙඩි ½ ක්

චොප් කර ගත් සුදුලූණු බික්

කපා ගත් අමු මිරිස් කරල්

කරපිංචා

කහ කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

තුනපහ

මිරිස් කුඩු

කෑලි මිරිස්

මිටි කිරි

ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:

පරිප්පු සෝදාගෙන පහේ වර්ග සහ ලුණු දමා වතුර කෝප්ප තුනක් පමණ එකතු කර අඩු ගින්දරේ පිස ගන්න

ඉන්පසු වතුර හිඳී ගිය පසු තිබ්බටු,ළූණු,සුදු ළූණු,මිටි කිරි එකතු කරන්න.

විනාඩි පහකට පසු තක්කාලි සහ කෑලි මිරිස් එකතු කර ගන්න.

කතුරුමුරුංගා මල් සහ පරිප්පු ව්‍යාංජනය

අවශ්‍ය දේවල්:

කතුරුමුරුංගා මල්

පරිප්පු ටිකක්

ලියා ගත් අමු මිරිස්

ලියා ගත් බී ලූණු

රම්පෙ, කරපිංචා

⁣මිරිස් කුඩු ස්වල්පයක්

තුනපහ කුඩු ස්වල්පයක්

උළුහාල් ටිකක්

ලුණු, ගොරකා

මිටි කිරි අඩු කෝප්ප 1ක්

සාදාගන්නා ආකාරය:

මුලින්ම කතුරුමුරුංගා මල් වල රේණු සහ නාරටි ඉවත් කර සෝදා පිරිසිදු කර ගෙන වතුර බේරීමට තබන්න.

පරිප්පු තැම්බෙන්න තියන්න. එයට කතුරුමුරුංගා මල් සහ මිටි කිරි හැර අනෙක් සියල්ලම දාන්න.

පරිප්පු තැම්බුණු පසු කතුරුමුරුංගා මල් එකතු කර ලිපේ ගින්දර අඩු කර ටික වෙලාවක් පිස ගන්න.

මිටි කිරි එකතු කර අවශ්‍ය පමණට හින්දා ගෙන ලිපෙන් ඉවත් කරගන්න.

  • පරිප්පු සහ කොහිල දළු ව්‍යාංජනය

අවශ්‍ය දේවල්:

කොහිල දළු මිටියක්

පරිප්පු

සිහින්ව ලියා ගත් රතු ළූණු

හීනියට කපා ගත් අමු මිරිස්

කපා ගත් සුදු ළූණු

රම්පේ

කරපිංචා

මිරිස් කුඩු

තුනපහ කුඩු

කහ කුඩු ස්වල්පයක්

ලුණු

දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ

මිටි කිරි අඬු කෝප්ප ½ ක් පමණ

සාදා ගන්නා ආකාරය:

කොහිල දළු හොඳින් පිරිසුදු කර වතුර බේරෙන්නට තබන්න.

අතින් කැබලිකඩා ගන්න

පරිප්පු සෝදා කොහිල දළු සමඟ ඇතිලියකට දමා ගන්න.

අනෙකුත් දේවල් එකතු කරගන්න.

පහේ වර්ග එකතු කර දිය කිරෙන් පිස ගන්න.

දිය කිරි හිඳුණු පසු මිටි කිරි එකතු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles