නත්තල් මේසයට විවිධ රස කේක් හදන්න කැමති ඔබට රසම රස වයිට් ලාවා චොකලට් කේක් එකක් හදන හැටි තමයි මේ.මෙය ඔබට අමුත්තන්ට සංග්‍රහ කරන්න අපුරුවට ගැලපෙනවා.
අවශ්‍ය දේවල්:
- වයිට් චොකලට් (White Chocolate) 115g
- බටර් (Butter) 115g
- කුඩු කළ සීනි (Powdered Sugar) 110g
- බිත්තර (Eggs) 3 (සම්පූර්ණ බිත්තර)
- බිත්තර කහමද (Yolk) 1 (වෙනමම බිත්තර කහමදයක්)
- පාන් පිටි මේස හැදි 6 (90g)
- බේකින් පවුඩර් (Baking Powder) තේ හැදි ½
- ගා ගත් ලෙමන් පොතු (Grated Lemon Zest) තේ හැදි ½
සාදා ගන්නා ආකාරය:
- පාන් පිටි සහ බේකින් පවුඩර් කලවම් කර පෙනේරකින් හලා පසෙකින් තියා ගන්න.
- වයිට් චොකලට් හා බටර් මික්ස් කර ඩබල් බොයිල් (Double Boil) ක්‍රමයට දිය කර ගන්න.
- එයට කුඩු කරපු සීනි එකතු කර සීනි දිය වෙනතුරු අතින් Whisk කරන්න.
- බිත්තර 2, බිත්තර කහමදය එකතු කර කලවම් වෙනතුරු හොඳට විස්ක් කරන්න.
- පාන් පිටි , ගා ගත් ලෙමන් පොතු හොඳින් මිශ්‍ර වෙනතුරු විස්ක් කරන්න.
- බටර් ගා ගත් පෝසිලින් කේක් කප් (Porcelain Cake Cups – Ramekins) හෝ සිලිකන් කේක් කප් (Silicon Cake Cups) , ඇලුමිනියම් ෆොයිල් කප් (Aluminum Foil Cups) ගෙන කේක් මිශ්‍රණය සමානව දමා ගන්න.
- 200°C / 400°F උෂ්ණත්වයට රත් කර ගත් අවන් එකේ විනාඩි 12 – 15ක් පමණ බේක් කර කේක් කප් වලින් ගලවන්න