රාත්‍රී ආහාරයට සුප් එකක් – Pumpkin soup
අවශ්‍ය දේවල්:
- වට්ටක්කා
- කැරට් අලයක්
- සිහින්ව ලියාගත්බී ළූණු
- සිහින්ව ලියා ගත් සුදු ළූණු
- ලුණු ස්වල්පයක්
- ක්‍රිම් චීස්
- බටර්
- වතුර
- පාස්ලි කොළ
- Fresh milk
සාදාගන්නා ආකාරය:
- වට්ටක්කා පොතු ඉවත් කර ඇට අයින් කට කොටු කපාගන්න.
- කැරට් අලය ද කුඩා කොටු කපා ගන්න.
- වට්ටක්කා, කැරට් භාජනයකට දමා එයට ජලය හා ලුණු එකතු කර තම්බා ගන්න
- තැම්බුණු වට්ටක්කා හා කැරට් බ්ලෙන්ඩරයට දමා ගන්න.එයට වට්ටක්කා හා කැරට් තැම්බූ ජලය හා ක්‍රීම් චීස් ද එකතු කරන්න. හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
- පෑන් එකක් ලිප තබා බටර් එකතු කර එයට ළූණු දමා බැද ගන්න.
- භාජනයක් ලිප තබා බ්ලෙන්ඩ් කර ගත් මිශ්‍රණය එකතු කරන්න. මිශ්‍රණයේ උකු ගතිය වැඩි නම් කිරි එකතු කරන්න.
- සුප් එක උතුරන විට බැද ගත් ළූණු එකතු කරන්න.
- බාගත් සුප් එකට පාස්ලි කොළ එකතු කරන්න