කුස්සියේ තියන සමහර අමුද්‍රව්‍ය භාවිතා නොකරම කල් ඉකුත් වෙනවා.අන්න ඒ වගේ දේවල් භාවිතා කරලා පපඩම් හදා ගන්න හැටි ගැනයි මේ කියන්නේ
අවශ්‍ය දේවල්:
- උඳු පිටි 500g
- සූදුරු තේ හැදි 1
- අසමෝදගම් ඇට තේ හැදි 1
- බේකින් සෝඩා තේ හැදි 1/4
- ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
- තෙල් ටිකක්
සාදා ගන්නා ආකාරය:
- භාජනයක් ගෙන එයට තෙල් හැර අනෙක් සියල්ල දමා ගෙන එකට මිශ්‍ර කර ගන්න.
- දැන් ටික ටික වතුර එකතු කරමින් අතේ ඇලෙන ගතිය අඩු රොටි මිශ්‍රණයක් ආකාරයට හොඳින් අනා ගන්න.
- පැය 2ක් පමණ පොලිතීන් ඉටි කවරයකින් (Cling film) පිටි මෝලිය (ඩෝ එක/පිටි ගුලිය) ආවරනය කර පසෙකින් තබා ගන්න.
- පසුව පිටි මෝලිය ගෙන එහි තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.
- දැන් බරින් වැඩි රෝලින් පින් එකක් (Rolling Pin), මෝල් ගසක් වැනි යමක් ගෙන එයින් මිටියකින් ගසන ආකාරයට පිටි මෝලිය මදක් මෘදු වන තුරු පිටි මෝලියට ගසා ගන්න.
- ඉන් පසුව පිටි මෝලිය කුඩා බෝල වලට කඩා ගන්න.
- පසුව රෝලින් පින් එක භාවිතා කර හීනියට තුනී කර ගන්න.
- දවස් දෙකක් තද අව්වේ හොඳින් වියළීමට තබා ගෙන තෙතමනය, සුළං නොවදින සේ අසුරා ගන්න