අවශ්‍ය දේවල්:
- සිනි ග්‍රෑම් 500
- වතුර ලීටර් 1
- ඉදුනු අන්නාසි ග්‍රෑම් 250
- දෙහි ගෙඩි 1
සාදාගන්නා ආකාරය:
- අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.
- පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.
- සීනි හා වතුර භාජනයක දමා ලිප තබා අඩුවන තෙක් හැඳිගාමින් හිඳෙන්නට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
- දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
- මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට දමා පිළිගන්වන්න.