වේගයෙන් වෙනස් වෙන ලෝකයේ ස්මාර්ට් ගැහැණු ඕනෑම දේකට ඔට්ටුයි. ඉතින් තමන්ගේ ගමන් බිමන් යන්න දැන් ගොඩක් කාන්තාවන්ට වාහන තියෙනවා. අද අපි කාන්තාවන්ට ගැළපෙන වාහන ගැන කියන්න හිතුවේ ඒකයි. පරිස්සමින් ඩ්‍රයිව් කරන්න වගේම ස්මාර්ට් පෙනුමක් දෙන වාහන ගැන කියවලාම බලන්න.
2020 අවුරුද්දේ ට්‍රෙන්ඩ් වෙලා තියන කාර් වලින් කාන්තා පාර්ශවයේ ට්‍රෙන්ඩ් එක ලෙස හඳුන්වන්නේ මේ වර්ග හතර.
කාන්තාවන් වාහනයක් තෝරා ගන්නකොට ස්ටයිලිෂ් බව, පරිස්සම, නඩත්තු කිරීමේ හැකියාව, ඩ්‍රයිව් කිරීමේ පහසුව සහ සැපපහසුකම වගේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරනවා.

මේක කාන්තාවන්ට ගැලපෙන වාහනයක් වෙන්න හේතුවක් තමයි Hatchback මොඩල් එකක් වීම. ඊට අමතරව වාහනයේ ප්‍රමාණය සහ පෙනුම හරිම ආකර්ෂනීයයි. මේ වාහනයට හයිබ්‍රිඩ් තාක්ෂණය එක්ක එකතු කරපු 1490ක එන්ජින් ධාරිතාවයක් සහිතව සිලින්ඩර් හතරක in-line water-cooled DOHC එන්ජින් එකක් පවතිනවා. සැප පහසුවත් ඉස්තරම්. ඩ්‍රයිව් කරද්දී තියෙන Smooth ගතිය නිසා පදවන්න කිසිම අමාරුවක් නැති වාහනයක්.

Hatchback මොඩල් එකක් වීන අපිට වඩාත් හොඳින් ගැලපෙනවා. ඔටෝ ගියර් පද්ධතියක් තිබීම වගේම මේ කාර් එකත් හරිම Smooth. ඩ්‍රයිව් කරන්න ගොඩක් ලේසියි.පෙනුමත් හරි හුරුබුහුටියි. මේ වර්ගයේ Facelift සහ Non Facelift විදියට මොඩල් දෙකක් තියෙනවා. කාන්තාවන්ට Non Facelift මොඩල් එක වඩාත්ම ගැලපෙනවා.

හුරුබුහුටි පෙනුම සහ Hatchback මොඩල් එකක් ඇති ඔටෝ ගියර් පද්ධතියක් සහිත වාහනයක්. හයිබ්‍රිඩ් තාක්ෂණය, හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තිබීම වගේම කාර් එක ඇතුලත පෙනුම හරිම ලස්සන වීම මෙහි විශේෂතා වෙනවා. ඒ වගේම පදවන්න හරිම පහසුයි.

ඔටෝ ගියර් සිස්ටම් එකක් තියෙන වාහනයක් සහ Hatchback මොඩල් එකක් වීම අපට පහසුවක්. මේ වාහනය සාමාන්‍ය බජට් එකක වීම රැකියාවේ මුල් කාලයේ ඉන්න ස්මාර්ට්ලේඩි කෙනෙක්ට මේ කාර් එක තෝරා ගන්න හොඳ හේතුවක් හැටියට හඳුන්වන්න පුලුවන්. පෙනුමත් ලස්සනයි.

මේ කාර් එකත් මුලින්ම වාහනයක් ගන්න හිතන ස්මාර්ට්ලේඩි කෙනෙක්ගේ බජට් එකට හරියටම හරියන එකක්. Hatchback පෙනුම සහ Curvy පෙනුම නිසා හරි ස්මාර්ට් පෙනුමක් තියන වාහනයක්. ඔටෝ සහ මැනුවල් වර්ග දෙකෙන්ම එන කාර් එකක්.
ASEAN NCAP සේෆ්ටි රේටින්ග් එක තරු පහෙන් හතරක්ම මේ කාර් එක දිනාගෙන තියෙනවා. කාන්තාවන්ට හරියටම හරියන වර්ගයේ එකක්

උසස් මට්ටමේ රැකියාවක යෙදෙන තරමක් ස්මාර්ට් වැඩි කාන්තාවකට අපූරු හොඳ වාහනයක්. ජිප් මොඩලයට අයිති මෙයත් අපිට අවශ්‍ය හැම පහසුකමක්ම ලබා දෙන අපූරු මොඩල් එකක්.

වෘත්තීය මට්ටමේ පෙනුමක් තියෙන මේ වාහනේ විධායක ශ්‍රේණියේ කාන්තාවන්ට ඉතාම කදිමට ගැලපෙනවා.ආරක්ෂාව සම්බන්ධ පරීක්ෂණ වලින් ඉහළින්ම සමත් වෙච්ච වාහනයක්.
කාන්තාවන් සම්බන්ධ අන්තර්ජාතික සඟරා, වෙබ් අඩවි මේ කාලයේ අපිට ගැලපෙන trend එක විදියට හඳුන්වන වාහන තමයි මේ. ඔබ මුලින්ම වාහනයක් ගන්නකොට මේ බ්‍රෑන්ඩ් ගැනත් මතක තියා ගන්න.
හැබැයි, දැනට කරන රැකියාව සහ ඔබේ ආදායම එක්ක ට්‍රෙන්ඩ් එකට හරියට කාර් එකක් ගන්න බැරි වුණාට දුක් වෙන්න එපා.බජට් එකට ගැළපෙන කාර් එකක් අරන් ස්මාර්ට් විදියට ඩ්‍රයිව් කරන්න. තමන්ගේ සිහින හඹා යන හැම ගැහැනියක්ම ස්මාර්ට් ලේඩි කෙනෙක්. ඒ නිසා ඔබේ අනාගත සිහින වෙනුවෙන් තමයි මේ ලිපිය ලියැවුණෙත්.
රිය අනතුරු වැඩි ලංකාවේ මොන වාහනයක් ඩ්‍රයිව් කරත් පරිස්සමින් ඩ්‍රයිව් කරන්න.
සුබ ගමනක්!
කාන්තාවන් අතර ජනප්‍රිය ලෝකයේ දැනට තියන වාහන ට්‍රෙන්ඩ් මොනවද?
1. Volkswagen Beetle 2. Kia Forte 3. Ford Fiesta 4. Vauxhall Tigra-
Volkswagen Beetle -
Kia Forte -
3. Ford Fiesta -
Vauxhall Tigra
ලංකාවේ අපිට ගැලපෙන කාර් මොනවද?
1. Toyota Aqua (Prius c)

2. Toyota Vitz

3.. Honda Fit

4.Perodua Axia

5. Kia Picanto

6. KIA Sorento

7. Honda Grace
