පියයුරු පිළිකා අවදානම අඩු කරන ස්වභාවික ආහාර.

ලෙඩ වෙන්න කලින් පරිස්සම් වෙමු..

කාන්තාවන් අතර බහුලව පැතිර යන රෝගයක් ලෙස පියයුරු පිළිකා හඳුනා ගන්න පුලුවන්. වැදගත් ම කරුණු වෙන්නේ අවධානමට පෙර සූදානම. කලින්ම රෝග ලක්ෂණ හඳුනා ගැනීමටත් පිළිකා අවධානම අඩු කරන ස්වභාවික ආහාර වර්ග ගැනීමත් මෙහිදී වැදගත්. මේ ලිපියෙන් කියන්නේ එසේ පිලිකා අවදානම අඩු කරන ආහාර වර්ගයි.

කහ

කහ, පියයුරු පිළිකා, පෙනහළු සහ සමේ පිළිකා වැනි විවිධ වර්ගවල පිළිකා සමඟ සටන් කරන ඖෂධයක්. ඒ වගේම පිළිකා සෛල ව්‍යාප්ත වීම මන්දගාමී කරන අතර පිළිකා සෛල වර්ධනය වීම අවම කරන්නත් සටන් කරනවා. ඔයාගේ එදිනෙදා ආහාර වේල් පිළියෙළ කර ගනිද්දී කහ එකතු කර ගන්න අමතක කරන්න එපා.

සැමන්

සැමන් කියන්නේ ඔමෙගා-3 මේද අම්ල අඩංගු මත්ස්‍ය වර්ගයක්. පිළිකා වර්ධනය අවම කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න ඔමේගා 3 අඩංගු ආහාර සහාය වෙනවා. ඒ වගේම සැමන් කියන්නේ ප්‍රෝටීන් හා විටමින් B12 සහ D අඩංගු ආහාරයක්. මේ සියළුම පෝෂ්‍ය පදාර්ථ පිළිකා සෛල වර්ධනය පාලනය කිරීම හා පිළිකා වළක්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෙනවා. සැමන් හැරුණහම ඔමේගා 3 අඩංගු අනෙකුත් මත්ස්‍ය වර්ග විශේෂයෙන් කටු සහිත කුඩා මාළු අනිවාර්යෙන් අහාර වේලට එකතු කර ගන්න.

තක්කාලි

පියයුරු පිළිකා වලින් ආරක්ෂා වීමට තක්කාලි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ඉවහල් වෙන බව වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන දෙයක්. තක්කාලි වල අඩංගු ලයිකෝපීන් කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. පිළිකා සෛල වර්ධනය නතර කිරීමෙන් පියයුරු පිළිකා ඇති වීම වැලැක්වීමට ප්‍රබලව මෙය උදවු වෙනවා. පියයුරු පිළිකා හැරුණම පෙනහළු හා අස්ථි පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා ඇති කරන සෛල අඩපණ කිරීම සඳහා ලයිකෝපීන් ප්‍රයෝජනවත් වෙනවා.

සුදු ළූණු

පියයුරු පිළිකා වැළැක්වීම සඳහා සුදුළූණු වල අඩංගු සල්ෆර්, ෆ්ලේවර්න් සහ ෆ්ලේවනොල්ස් කියන පොෂ්‍යයන් උපකාරී වෙනවා. ඒ වගේම මුඛය, ආමාශය හා මහ බඩවැල ආශ්‍රිත පිළිකා සෛල දුර්වල කරනවා.

බ්‍රොකෝලි

බ්‍රොකෝලි වල පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇති සංඝටක අඩංගු වෙනවා. විශේෂයෙන් ඒ මඟින් පියයුරු පිළිකා සෛල වර්ධනය මර්දනය කරනවා. ඒ වගේම ගැබ්ගෙල සහ පුරස්ථි පිළිකා වැනි පිළිකා වලිනුත් ඔයාව ආරක්ෂා කරනවා. බාකෝලි වගේම ඔයාගේ එදිනෙදා ආහාර වේලට ගෝවා, කොළ ගෝවා, වට්ටක්කා වැනි ආහාර එකතු කර ගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here