උදේ හයයි.
එලාම් එක තුන්වෙනි පාරටත් වැදිලා ඉවරයි. ඇඳෙන් හරියට නැගිටින්නත් කලින් අද කරන්න තියෙන වැඩ ටික මතක් වෙන්න පටන් අරන් ඉවරයි. Office එකට යන්න ඕන. ළමයිව ඉස්කෝලෙ යවන්න ඕන. උදේ කෑම හදන්න ඕන. දවල්ට කෑම pack කරන්න ඕන. හවස ආවම ආයෙත් උයන්න ඕන.
“අද නම් මොනවහරි ලේසි දෙයක් හදාගන්න ඕන”
ගොඩක් ගෙවල්වල දවස පටන්ගන්නේ ඔන්න ඔය වගේ අදහසකින්.
ඒ නිසාම දැන් ගොඩක් අය එකපාර කෑම ටිකක් වැඩිපුර උයලා, පොඩි පොඩි containers වලට දාලා fridge එකේ තියාගන්න එක පුරුද්දක් කරගෙන තියෙනවා.
අද හදපු පරිප්පු එක හෙටත් තියෙනවා. අද උයපු chicken curry එක අනිද්දාත් තියෙනවා. බත් ටිකක් ඉතුරු වුණාම ඒක විසි කරන්නෙත් නෑ. Fridge එකට දාලා පහුවදා රත් කරලා කනවා.
Specially jobs වලට ගිහින් එන අයට, පොඩි දරුවෝ ඉන්න ගෙවල්වලට, පිටරට ඉන්න අපේ අයට මේක හරිම පහසු ක්‍රමයක්.
හැබැයි මෙතනදි ගොඩක් දෙනෙක්ට එන එක ප්‍රශ්නයක් තියෙනවා.
“මේ විදිහට කෑම fridge එකේ තියලා ආයෙත් රත් කරලා කෑවම පෝෂණය අඩු වෙනවද?”
ඇත්තටම බලද්දි කතාව හිතන තරම් සරල හොඳයි හෝ නරකයි එකක් නෙමෙයි.
කෑම හරියට ගබඩා කරන විදිහ, කොච්චර කාලයක් තියාගන්නවද, කොහොමද ආයෙත් රත් කරන්නේ කියන දේවල් ගොඩක් වැදගත්.
ඒත් මේක පිටිපස්සෙ good news එකකුත් තියෙනවා.
හරියට කළොත්, කලින් උයපු කෑම නැවත භාවිත කරන එකෙන් පෝෂණය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නෑ. ඇත්තටම සමහර අවස්ථාවල ඒකෙන් අපිට වාසියකුත් තියෙනවා.
පෝෂණය එකපාරට නැති වෙන්නේ නෑ
කෑමක් උයලා fridge එකේ තියලා පස්සේ රත් කළාම “මේකේ පෝෂණය ඔක්කොම ඉවරයි” කියලා හිතන එක හරිම සාමාන්‍ය අදහසක්.
හැබැයි ඒක එහෙමමයි කියලා කියන්න අපිට බෑ.
ආහාරයේ තියෙන පෝෂණ කොටස් හැම එකක්ම එකම විදිහට වෙනස් වෙන්නේ නෑ.
උදාහරණයක් විදිහට protein වගේ පෝෂණ කොටස්වල ලොකු වෙනසක් සිදුවෙන්නේ නෑ. ඒත් සමහර vitamins, විශේෂයෙන්ම vitamin C සහ ඇතැම් B vitamins වගේ ඒවා, ආහාරය හදන විදිහ සහ ගබඩා කරන විදිහ අනුව යම් ප්‍රමාණයකින් අඩු වෙන්න පුළුවන්.
ඒ නිසා වැදගත් වෙන්නේ, “Fridge එකේ තිබ්බද නැද්ද?” කියන එක විතරක් නෙමෙයි. “කොහොමද තිබ්බේ?” කියන එක.
හැබැයි මෙතන තියෙන interesting කතාවක් තියෙනවා
බත්, අල, pasta, ඉඳිආප්ප, පාන් වගේ පිෂ්ටය වැඩි කෑම ගැන මේක තවත් interesting.
මේ වගේ කෑම උයලා, කූල් කරලා, පස්සේ ආයෙ රත් කරනකොට resistant starch කියලා හඳුන්වන පිෂ්ටය වැඩි වීමක් වෙන්න පුළුවන්.
මේ resistant starch එක අපේ සාමාන්‍ය ජීර්ණ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම පහසුවෙන් බිඳින්න බැරි නිසා ආහාරයෙන් carbohydrate ශරීරයට අවශෝෂණය වෙන ආකාරයට බලපෑමක් ඇති කරන්න පුළුවන්.
ඒ නිසා සමහර අවස්ථාවල මේ ක්‍රියාවලිය රුධිරයේ සීනි පාලනයට සහ ආහාරයෙන් ලැබෙන carbohydrate ප්‍රතිචාරයට හිතකර වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් පෙන්නලා දීලා තියෙනවා.
ඒ කියන්නේ අද උයපු බත් එක හෙට fridge එකෙන් අරගෙන කන එක හැම වෙලාවෙම නරක දෙයක් කියලා හිතන්න ඕන නෑ.
පාන්වලටත් මේ කතාව අදාළ වෙනවා. පාන් හොඳින් ගබඩා කරලා, පස්සේ toast කරලා කන එකෙන් resistant starch සම්බන්ධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.
හැබැයි මෙතනින් “බත් fridge එකේ දාගෙන කන එකෙන් බර අඩු වෙනවා” වගේ සරල නිගමනයකට යන්නත් බෑ. ආහාරයේ ප්‍රමාණය, ingredients, portion size සහ සමස්ත ආහාර රටාව වැදගත් වෙනවා.
එහෙනම් fridge එකේ කෑම තියාගන්න ඕන කොහොමද?
මේක තමයි ඇත්තටම වැදගත් කොටස.
සතියකට සෑහෙන්න කෑම එක දවසක උයලා fridge එකට දානවා නම්, “fridge එකේ තියෙන නිසා safe” කියලා හිතලා ඕන තරම් දවස් තියාගන්න එක හොඳ අදහසක් නෙමෙයි.
සාමාන්‍යයෙන් උයපු කැම ඉක්මනින් කූල් කරලා fridge එකට දාන එක වැදගත්. උයලා පැය දෙකක් ඇතුළත refrigeration කරන්න කියන මූලික ආහාර සුරක්ෂිතතා උපදෙසත් මෙතන වැදගත්.
Fridge එක 4°C හෝ ඊට අඩු උෂ්ණත්වයක තියාගන්න එකත් වැදගත්.
කෑම දවස් ගණනක් තියාගන්නවා වෙනුවට දින කිහිපයක් ඇතුළත පාවිච්චි කරන්න. ගොඩක් කාලයක් තියාගන්න ඕන නම් freezing කරන එක වඩා සුදුසු විකල්පයක් වෙන්න පුළුවන්.
ඒ වගේම කෑම containers වලට දානකොට ලොකු container එකකට ඔක්කොම දානවට වඩා, කෑම අවශ්‍ය portion වලට වෙන් කරලා තියාගන්න එක හොඳ පුරුද්දක්.
එතකොට හෙට කන්න ඕන ප්‍රමාණය විතරක් එළියට ගන්න පුළුවන්.
“ඔක්කොම රත් කරලා ආයෙත් fridge එකට දාන” පුරුද්ද ගැන මොකද හිතන්නෙ?
මේක ගොඩක් ගෙවල්වල වෙන දෙයක්.
Fridge එකෙන් curry එකේ container එකම එළියට ගන්නවා. ඔක්කොම රත් කරනවා. කන්න ඕන ටික අරගන්නවා. ඉතුරු ටික ආයෙත් fridge එකට දානවා.
ඒක ආයෙ ආයෙ කරනවට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා.
කන්න ඕන ප්‍රමාණය විතරක් එළියට අරගෙන රත් කරන්න. ඉතුරු ටික fridge එකේම තියාගන්න. එහෙම කළාම කෑම නැවත නැවත උෂ්ණත්ව වෙනස්වීම්වලට ලක් වෙන එක අඩු කරගන්න පුළුවන්.
එළවළු කපන විදිහත් වැදගත්
තවත් පොඩි දෙයක් තියෙනවා. එළවළු fridge එකේ තියාගන්න කලින් ඒවා ගොඩක් පොඩි කෑලිවලට කපලා තියාගන්න එක හැම වෙලාවෙම හොඳම ක්‍රමය නෙමෙයි.
එළවළු වැඩිපුර කපලා, දිගටම ගබඩා කරලා තියාගන්නකොට සමහර vitamins සහ පෝෂණ කොටස් අඩු වීමක් වෙන්න පුළුවන්.
ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට, හැකි තරම් ලොකු කෑලිවලින් තියාගෙන, අවශ්‍ය වෙලාවට සකස් කරන එක ප්‍රයෝජනවත්.
ඒ වගේම vegetables, meat, fish වගේ ආහාර වෙන වෙනම, හොඳින් වහගන්න පුළුවන් food-grade containers වල තියාගන්න.
Busy Life එකකදි මේක ඇත්තටම වටින පුරුද්දක්
අපි හැමෝටම හැමදාම fresh meal එකක් මුල ඉඳන් හදන්න වෙලාව තියෙනවා නම් මරු. හැබැයි ඇත්ත ජීවිතේ එච්චර ලේසි නෑනෙ.
Office වැඩ තියෙනවා. ළමයින්ගේ වැඩ තියෙනවා. ගමන් බිමන් තියෙනවා.ඒ අතරේ හැමදාම පැය ගණන් කුස්සියේ ඉන්න එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඒ නිසා meal preparation කරලා, කෑම හරියට fridge එකේ හරි freezer එකේ හරි ගබඩා කරලා, අවශ්‍ය ප්‍රමාණය විතරක් එළියට අරගෙන රත් කරගන්න එක කාලය ඉතුරු කරගන්නත්, ආහාර නාස්තිය අඩු කරගන්නත්, කාර්යබහුල ජීවිතේදී හොඳ ආහාර රටාවක් පවත්වාගන්නත් උදව් වෙන practical ක්‍රමයක්.
අන්තිමට මතක තියාගන්න ඕන එකම දේ මේකයි.
Fridge එකේ තිබ්බා කියලා විතරක් කෑම safe වෙන්නෙ නෑ. හරියට ගබඩා කළාම තමයි safe වෙන්නේ.
උයලා ඉක්මනින් chill කරන්න. හොඳින් වහන්න පුළුවන් containers පාවිච්චි කරන්න. අවශ්‍ය portion එක විතරක් එළියට ගන්න. ආයෙ ආයෙත් මුළු කෑම එකම රත් කරන්න එපා. ඉක්මනින් භාවිත කරන්න බැරි නම් freeze කරන්න.
එතකොට අද උයපු කෑම හෙට කන එක ගැන අනවශ්‍ය බයක් තියාගන්න ඕන නෑ.
කාර්යබහුල ජීවිතේදී හොඳට කන්න නම්, හැමදාම අලුතින් උයන්නම ඕන නෑ.
උයපු දේ හරියට රැකගන්න දැනගන්න එකත් හොඳටම ඇති!











