Little Chef – රාබු චිප්ස් හදමු..

රාබු චිප්ස්.

රාබු කන්න පොඩිත්තන් ඒ හැටි මනාප නෑ.ඉතින් නිවාඩු දවසේ එයාලත් එක්කම රාබු වලින් චිප්ස් හදලා බලමු ද. පොඩිත්තෝ පොටැටෝ චිප්ස් වලට තරමටම රාබු චිප්ස් කන්නත් ආසා වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • රාබු අල 2
  • පොල්තෙල් මේස හැඳි 1
  • ලුණු අවශ්‍ය පමණ
  • ගම්මිරිස් අවශ්‍ය පමණ
  • මිරිස් කුඩු අවශ්‍ය පමණ

මෙන්න මේ විදියට හදා ගනිමු..

  • රාබු කැමති හැඩේට ඒත් හීනියට කපාගන්න. ලුණු වතුරේ විනාඩි 15ක් පමණ තියලා ඇල් වතුරින් සෝදන්න. 
  • රාබු පෙති ටිකට ලුණු, ගම්මිරිස්, මිරිස් සහ තෙල් හැන්ද දමා පොඩ්ඩක් මැරිනේට් වෙන්න තියන්න. 
  • ඊට පස්සේ ප්‍රීහීට් අවන් එකේ සෙල්සියස් 200 උෂ්ණත්වයට විනාඩි 10ක් උඩ කොයිල් එකෙනුත් 10ක් යට කොයිල් එකෙනුත් වෙන විදියට බේක් කරගන්න.

එයාලම හදා ගත්තු නිසා පොඩිත්තන් ආසාවෙන් රස බලාවි.

Related Articles

Don't Miss


Latest Articles