කොස් මැල්ලුම වගේම දෙල් මැල්ලුම කියන්නෙත් කරවල හොද්දක් එක්ක දවල් බතට කැපෙන ව්‍යාංජනයක්. මේ කියන්නේ රසවත් දෙල් මැල්ලුමක් හදා ගන්න ආකාරයයි.
මේවා තමයි හදා ගන්න අවශ්‍ය දේවල්..
- බාගෙට පැසුණු දෙල් ගෙඩි 1
- ගා ගත් පොල් 100 g
- සුදුළූණු
- අමු මිරිස් කරල්
- රතුළූණු ගෙඩි
- ගම්මිරිස් කුඩු
- කුරුඳු කැබැල්ලක්
- කහ තේ හැඳි 1
- සිහින්ව කපා ගත් කරපිංචා
- ලුණු අවශ්‍ය
මේ විදියට හදා ගනිමු..
- පළමුව දෙල් ගෙඩිය සුද්ද කර සිහින්ව ලියා ගන්න. ඉන්පසුව කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදා ගන්න. සෝදාගත් දෙල් භාජනයක දමා ලුණු ස්වල්පයක් සහ වතුර එක්කර මද ගින්නේ තැම්බෙන්නට තබන්න.
- දැන් සුදුළූණු, අමු මිරිස්, ලියාගත් කරපිංචා, කුරුඳු සහ ළූණු දමා කොටන්න. එයට ගා ගත් පොල් ටික ද එකතු කර කොටා ගන්න.
- එයට ගම්මිරිස් කුඩු එක්කර හොඳින් අනාගන්න.
- ලිප තබා ගත් දෙල් තැම්බී වතුර සිදීගෙන එනවිට සාදා ගත් පොල් මැල්ලුම දමා කූරු ගා ගන්න.
- ටික වේලාවක් ලිපේ තබා ඉවතට ගෙන දෙහි යුෂ එක්කර කළවම් කරගන්න
ඔන්න ඔහොමයි රසවත් දෙල් මැල්ලුමක් හදා ගන්නේ..