සති අන්තයට ඔබ හදන රස කෑම කන්න ගෙදර හැමෝම හරිම කැමති ඇති. ඉතින් අද රෑට සරල Menu එකක් තමයි අපි අරන් ආවේ.
අද අපි මැකරෝනි හදමු.
Baked Macaroni & Cheese
අවශ්‍ය දේවල් මෙන්න මේවා..
- තම්බාගත් මැකරෝනි
- Fresh milk
- බටර්
- පාන් පිටි මේස හැදි 2
- ලුණු අවශ්‍ය පමණ
- ගම්මිරිස් කුඩු
- ගාගත් චෙඩාර් චීස්
- මිරිස් කුඩු අවශ්‍ය නම්
සාදාගන්නේ මෙහෙමයි.
- මුලින්ම අවන් එක 400°C උෂ්ණත්වයට රත් කර ගන්න.
- Fresh milk මඳක් රත් කර ගන්න.
- භාජනයක මඳ ගින්නේ බටර් දිය කර ගන්න.
- එයට පිටි එකතු කරමින් මිශ්‍රණයක් සාදා ගන්න.
- එයට රත් වූ කිරි එකතු කර ගන්න.
- භාජනයක මඳ ගින්නේබටර් රත් කරන්න. එයට පිටි එක්කර මිශ්‍රණයක් හදා ගන්න.
- එයට රත් වූ කිරි එකතු කරන්න.
- විනාඩි පහක් පමණ පිස ගන්න.
- ලුණු, ගම්මිරිස්, චෙඩාර් චීස් සහ මිරිස් කුඩු ද එකතු කරන්න.
- ඊට පසු මැකරෝනි එකතු කරන්න.
- අවන් ට්‍රේ එකකට මේ මැකරෝනි මිශ්‍රණය දමා උඩින් චීස් ඉස ගන්න.
- 400°C උෂ්ණත්වයේ විනාඩි 20ක් පිස ගන්න.
මැකරෝනි එක හදා ගෙන ඉවරයි.. Fish Salad එකකුත් තිබ්බා නම් හොඳයි නේද?
Fish Salad
අවශ්‍ය වෙන්නේ මේවා…
- තලපත් මාළු
- විනාකිරි මේස හැදි 2
- අබ ක්‍රීම් තේ හැදි 1
- ලුණු
- කහ
- ගොරකා පොඩ්ඩක්
- කැමති වර්ගයක සෝස්
- ලූණු
- අමු මිරිස්
- තක්කාලි
- ගම්මිරිස්
මේ විදියට හදා ගමු..
- මාළු හොඳින් සෝදා එයට ලුණු, කහ, ගොරකා, විනාකිරි හා අබ ක්‍රීම් දමා කලවම් කර මැටි හට්ටියකට දමා එයට වතුර එක් කර හොඳින් තම්බා ගන්න.
- සිහින්ව කපා ගත් ලූණු, අමු මිරිස්, තක්කාලි භාජනයකට දමා කවලම් කර එයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා සෝස් දමන්න.
- තම්බාගත් මාලු කෑලි වල වතුර පෙරා එක් කරන්න.
ආහාර වේල සම්පූර්ණ වෙන්න Drink එකක් හදා ගමු.
Virgin Mojito
අවශ්‍ය දේවල් තමයි මේ..
- සිහින්ව කපාගත් මින්චි කොළ
- කපාගත් ලෙමන් ගෙඩි 2
- සීනි මේස හැඳි 2
- ස්ප්‍රයිට් 400ml
- අයිස් කැට
හදාගන්නේ මෙහෙමයි..
- මුලින්ම කපාගත් මින්චි කොළ හා ලෙමන් කැබලි ජෝගුවකට දමා ගන්න.
- සීනි එකතු කරන්න.
- ලෙමන් හොඳින් පොඩි කර ගන්න.
- ස්ප්‍රයිට් සහ අයිස් දමා කලවම් කරන්න.
එච්චරයි! හැබැයි හරිම රසවත් Drink එකක් වේවි .
අද ආහාර වේලත් පවුලේ හැමෝගෙම ආදරය දිනා ගන්න සමත් වෙනවා සහතිකයි. ලබන සතියෙත් අපි ආයෙම මුණ ගැහෙමු.