ගම්මිරිස් ගැන ඔබ නොදත් රහසක්

ගම්මිරිස් බොහෝ අයට නැතිවම බැරි රසවත් කුළුබඩුවක්.විශේෂයෙන්ම කුළුබඩු අඩුවෙන්ම භාවිතා කරන විදේශකයින් අතර පවා ගම්මිරිස් ජනප්‍රිය වී තිබෙන්නේ එයටම ආවේණික රසය නිසාවෙන්.ඒත් මේ ලොව පරසිඳු ආහාරය ගැන සිදු කල මෑත කාලින පර්යේෂණවල ප්‍රතිපල වලින් අනාවරණය වන්නේ එතරම් සුබදායි තොරතුරක් නෙවෙයි.

පර්යේෂකයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ ගම්මිරිස් මඟින් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි.එහෙත් එලෙස අනාවරණය වී තිබියදී පවා ගම්මිරිස් පරිභෝජනය ඉහළ ගියා මිස පහළ ගියේ නැහැ.එහි තේරුම අවදානම මැද වූවත් සිය රසවත් කුළුබඩුව ඉවත් කරන්නට මිනිසුන් සුදානම් නැති බවයි.එබැවින් පර්යේෂකයන්ගේ ඊළඟ පියවර වුවේ එහි පිළිකා අවදානම අවම කරගත හැකි ක්‍රම තිබේද යන්න සොයාබැලීමයි.

ඉතින් පර්යේෂකයන්ගේ අවධානය යොමු වූවේඅත්තම්මලාගේ කෑම වට්ටෝරු සඳහායි.ඔවුන් නිතරම ගම්මිරිස් සමඟ ඉඟුරු මිශ්‍ර කිරීමට පෙළඹී තිබුණා.එවිට ඔවුනට නිතරම පෙනී ගියේ ගම්මිරිස් සමඟ ඉඟුරු ආහාරයට ගන්නා අයට ආන්ත්‍රික හෝ පෙනහළු පිළිකා ඇති වී නොතිබූ බවයි.අඩුම වශයෙන් පිළිකා අවධානම අඩු වන්නට හෝ එය හේතු වී තිබුණා.මීයන් යොදාගෙන කළ පර්යේෂණයන්ගෙන් මෙය තවත් තහවුරු කර ගැනීමට පර්යේෂකයන්ට හැකි වුණා.

ඉතින් මේ පර්යේෂණ ප්‍රතිපල අපට නොසලකා සිටිය නොහැකි තරම් විශේෂ වැදගත්කමක් ගන්නේ ගම්මිරිස් අප කාටත් නැතිව බැරි කුලුබඩුවක් වී තිබෙන නිසයි.ඒ නිසා මීට පසු ගම්මිරිස් භාවිතා කිරීම ගැන දෙවරක් සිතන්නට අපට සිදුවනවා.එහෙම නැත්තම් ආරක්ෂාවට ඉඟුරු යොදා ගන්න හෝ සිදුවන්නේ ආදරණිය අම්මා කෙනෙක්,බිරිඳක් ලෙස ඔබේ ආදරනීයයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ වගකීම් රැසක් ඔබට ඇති නිසාවෙන්.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles