සැහැල්ලු නමුත් සුන්දර ලෙස ඇදුම් අදින්න කැමති යුවතියන් අතර ජනප්‍රිය විලාසිතාවක් තමයි ලෙගින් කියන්නේ.ඒ වගේම සිරුරේ හැඩය ඉස්මතු කරල ආකර්ෂණීය පෙනුමක් ගන්න කැමති තරුණියන්ටත් මනාව ගැලපෙන විලාසිතාවක් තමයි ලෙගින් කියන්නේ. ඇඟට තදට තිබුණත් ඩෙනිම් වලට වඩා පහසුවෙන් ඇඳ සිටීමේ හැකියාව නිසා ලෙගින් කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක්.
නමුත් මුලින්ම ලෙගින් නිර්මාණය වෙන්නේ සයික්ලින් ෂෝට්ස් කියලා. සාක්කු මොකුත් නැති ඇඟට ඇලුණු මේ කලිසම කපු රෙදිවලින් තමයි මුලින් මැහුවේ ක්‍රීඩාව වෙනුවෙන්. පසු කාලීනව විලාසිතාවක් වුණු ලෙගින්ස් බටහිර රටවල අඳින්නේ නම් සීත කාලයට හම ආරක්ෂා කරගන්න.
ලෙගින්ස් සිනිඳු හා ඇඳීමට පහසු වන අතර කාන්තාවගේ පෙනුම හැඩකාර සහ සරාගී ලෙස පෙන්වන්න විශාල වශයෙන් දායක වෙනවා. ඒ වගේම විලාසිතා ලෝකයේ පරණ නොවන විලාසිතාවක් තමයි ලෙගින් කියන්නේ.
ඔබට ගැළපෙන ලෙගින්ස් වර්ගය තෝරා ගැනීමේ දී නම් ඔබ සැලකිලිමත් වෙන්න ඕන.
ගැළපෙන ලෙගින්ස් තෝරා ගන්නේ කොහොමද?


ඔයාට තියෙන්නේ මහත සිරුරක් නම් ඔයාගේ ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න High-waisted වර්ගයේ ලෙගින් එකක් ඇඳීම සුදුසුයි. මොකද එයින් ඔයාගේ ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්.
ඒ වගේම ඔබ ගොඩක් කෙට්ටු නම් ලෙගින් එක ඒ තරමට ගැළපෙන ඇඳුමක් වෙන එකක් නෑ. මොකද කකුලටම ඇලිලා තියන නිසා ඔබට කෙට්ටු පෙනුමක් ලබා දෙන නිසා. දිගට අඳින කුර්තා හෝ ඩ්‍රෙස් ටයිප් බ්ලවුස් එකක් එක්ක තමයි ලෙගින් එක ඔබට ගැළපෙන්නේ.
මේ අවුරුද්දේ ජනප්‍රිය ලෙගින්ස් වර්ග.
Standard Black Leggings

Textured Leggings

Coated Leggings

Animal-Print Leggings.

Colorful Leggings

සාමාන්‍යයෙන් ලෙගින්ස් කියන්නේ ඕනෑම තැනකට ගැළපෙන විලාසිතාවක් වීම විශේෂම කාරණාවක්. නමුත් ඒ සදහා ගැලපෙන ටොප් එකක් තෝරා ගැනීම නම් ඉතාම වැදගත්.
ප්‍රෙග්නන්ට් අයට ලෙගින්ස් ගැළපෙනවා ද?

ඉතාම හොඳින් ගැළපෙනවා.ෂිප් සහ බොත්තම් නැති නිසා ඔබට කුසේ තදවීමක් ඇති වන්නේ නෑ. ඒ නිසා ලෙගින් එකක් සහ බැගී ටී ෂර්ට් එකක් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙකුට අපූරුවට ගැළපෙන පහසු ඇඳුමක්.
Office Ladies ලාට ලෙගින්ස් ගැළපෙනවා ද?

බ්ලේසර් එකක් සහිතව හෝ ෂර්ට් බ්ලවුස් එකකට ඔබට ඔෆිස් අඳින්නත් ලෙගින්ස් ඇත්තටම ගැළපෙනවා. නමුත් ප්‍රින්ටඩ් වර්ගයේ ඒවා අඳින්න එපා. කළු හෝ තද නිල් වඩා සුදුසුයි.
ඇත්තටම විනෝද චාරිකාවක් යන විට පහසුවෙන් සැරසී යා හැකි ඇඳුමක් ලෙසත් ලෙගින් ඔබට තෝරා ගන්න පුලුවන්.
නමුත් ඇඟටම ඇලීම නිසා ඔබේ සිරුරේ පෙනුම හොඳින් ඉස්මතු කෙරෙන නිසා ආගමික ස්ථාන වැනි තැන් වලට ලෙගින් අදින විට දිග ටොප් එකක් ඇඳීමට ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෑ.
මොනවද ලෙගින්ස් එක්ක අඳින්න ගැලපෙන්නේ?
දිගු ෂර්ට් බ්ලවුස්

Tunics

Asymmetrical Tops

Sweaters

Maxi Tunics

Baggy Tops

ඉහත රූප වල ආකාරයට ඔබට මේ ඇඳුම් මැච් කරලා අඳින්න පුලුවන්.
ලෙගින්ස් වලට ගැළපෙන Shoes වර්ග මොනවා ද?
Heels

Ankle Boots

Combat Boots

Sneakers

Sandals

Converse Shoes

දැන් ඔබට පැහැදිලි ඇති ලෙගින්ස් එක්ක ඔබට බොහෝ ස්ටයිල්ස් කරන්න පුලුවන් කියලා.
ඉතින් මේ හැම රූපයකම තියනවා වගේ ලස්සනට අඳින්න. ගැළපෙන්න අඳින්න.
ඔබව ලස්සනට සහ ස්මාර්ට් පෙනුමට ඉඳීවි!