උදේ ආහාරයට පෝෂණීය කැඳ වර්ගයක් එකතු කර ගැනීම ඔබේ සෞඛ්‍යමත් ජීවන රටාවට හරිම වටින දෙයක්. පහසුවෙන් හදා ගන්න පුලුවන් කැඳ වර්ග ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා.
සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පෝෂණීය කැඳ වර්ග හැකි සෑම විටකම උදෑසන ආහාරයට එකතු කර ගන්න පුරුදු වීම අපි ලෙඩ ගොඩකින් වළක්වනවා.
කොළකැඳ

කොළ කැඳ හදාගන්න නම් අපිට බොහොමයක් කොළ වර්ග ගන්න පුළුවන්. ඒ කියන්නෙ ගොටුකොළ,වැල්පෙනෙල, කරපිංචා, පාස්ලි, නීරමුල්ලිය ආදී කොල වර්ගයි.
අවශ්‍ය දේවල්
- කැමති කොළ වර්ගයක්
- සුදු හෝ රතු හාල් මිටක්
- සුදුළූණු බික් 5-6ක්
- ගාගත් පොල් කෝප්ප 2
- රස අනුව ලුණු
හදාගන්නේ මෙහෙමයි..
- මුලින්ම කොළ ටික හොඳට සෝදා මෝරපු දඬු ඉවත් කරගන්න.
- දැන් කොළ ටික පොඩියට කඩා පොල් කෝප්ප භාගයක් හා වතුර ටිකක් සමග බ්ලෙන්ඩ් කරන්න.
- වෙනම භාජනයක් රැගෙන හාල් ටික හා සුදුළූණු දා තැම්බෙන්නට තබන්න .
- හාල් තැම්බුණු පසු හදාගත් යුෂ ටික මිරිකා දමා ගන්න.
- මිටිකිරි රැගෙන එයත් දාගන්න.
- හොඳට හැඳි ගා,රස අනුව ලුණු දාගන්න.
මුංඇට කැඳ

අවශ්‍ය දේවල්
- තම්බාගත් මුං ඇට කෝප්ප 1
- පොල්කිරි කෝප්ප 2
- චොප්කරගත් සුදුළූණු බික් 2
- ලුණු රස අනුව
- චොප්කරගත් ඉඟුරු ටිකක්
අවශ්‍ය දේවල්
- තම්බාගත් මුං ඇට භාජනයකට දමා හැන්දකින් පොඩි කරගන්න.
- ඒ ටික පොඩි වූ විට සුදුළූණු හා ඉඟුරු ටික දමා ලිපේ තබන්න .
- පොල් කිරි ටික දමා හැඳි ගාන්න.
- රස අනුව ලුණු එකතු කර ගන්න.