රසවත් පාන් පුඩිං හදන්නේ මෙහෙමයි..

ගෙනාපු පාන් ඉතුරු වුණාද? අහක දාන්නෙ නැතිව හදල බලන්න මේ රසවත් අතුරුපස.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 8
  • කිරි කෝප්ප 1
  • බිත්තර 2
  • සිනි 100g
  • තිබෙනවා නම් කුරුඳු පවුඩර් ස්වල්පයක්, වියළි මිදි අහුරක් සහ වැනිලා

සාදාගන්නා ආකාරය

  • පළමුවෙන්ම කැරමල් හදාගන්න සීනි තේ හැඳි 2කට වතුර තේ හැඳි 2ක් එකතු කරලා ගින්දර ටිකක් වැඩි කරලා හැදිගාන්න.
  • සීනි ටික තද දුඹරු පාටට එනවිට එය පුඩින් එක හදන භාජනයට දමාගන්න.
  • පාන් වල කරවූ වාටි කපා ඉවත් කර, පොඩි කැබලි වලට කපලා කිරි වල පොගවා ගන්න.
  • බිත්තර, සීනි, වියළි මිදි සහ වැනිලා හොඳින් මිශ්‍ර කරගන්න.
  • කිරි පෙඟවූ පාන් ටික මත එම මිශ්‍රණය එක්කරගන්න.
  • ඉන්පසු  එම මිශ්‍රණය සීනි කැරමල් කර දැමු භාජනයට දමාගන්න. මතක ඇතිව කැරමල් දමා ගත් බාජනේට බටර් ටිකක් තවරන්න.
  • විනාඩි 45ක් පමණ මිශ්‍රණය ස්ටීම් කරගන්න. කැමතිනම් බේක් කරගන්නත් පුළුවන්. උණුවෙන්ම හෝ ශිතකරණයේ තබා කෑමට ගන්න.

ආහාර වර්ණකයකින් පැහැය වෙනස්කරගන්නත් පුළුවන්. එහෙම නැතිනම් චොකලට් පවුඩර් ටිකක් එකතුකරත් රසයෙන් අඩුවක් නෑ. මෙම පුඩිම අතුරුපසක් විදිහට පමණක් නෙමෙයි උදෑසන ආහාරවේලකටත් කදිමයි. ඔබ කැමතිම පලතුරු වර්ගයක් හෝ අයිස් ක්‍රීම් සමඟ පිලිගන්වන්න

Related Articles

Don't Miss


Latest Articles