ඉන්දියන් ආහාර වලට අපි බොහෝ දෙනෙක් හරිම කැමතියි. ඉතින් ඉක්මනින් සහ පහසුවෙන් Indian Spaghetti හදා ගන්න හැටි තමයි මේ
අවශ්‍ය දේවල්
- ස්පැගටි
- තෙල් මේස හැඳි 4
- සුදු ළූණු
- තක්කාලි සහ ඉඟුරු
- සූදුරු
- අමු මිරිස්
- ලුණු
- සීනි
- ගම්මිරිස්
- කොත්තමල්ලි කොළ
- සෝස්
හදන්නේ මෙහෙමයි.
- ස්පැගටි තම්බා පසෙකින් තබා ගන්
- භාජනයක් ලිප තබා තෙල් රත් කර ගන්න.
- කුඩාවට කැපූ සුදු ළූණු, තක්කාලි සහ ඉඟුරු එයට එක් කර බැද ගන්න.
- හොඳින් බැදගත් පසු සූදුරු හා වතුර ටිකක් එකතු කරන්න.
- කුඩාවට කැපූ අමුමිරිස් එකතු කරන්න.
- අවශ්‍ය තරමට ලුණු ද එකතු කරන්න.
- සීනි, ගම්මිරිස් කුඩු සහ කුඩාවට කැපූ කොත්තමල්ලි කොළ එකතු කරන්න.
- ලිපේ ගින්දර අඩු කර තම්බාගත් ස්පැගටි එකතු කරන්න.
- තක්කාලි සෝස් ද දමා ගන්න.