සීනි වලට බයවෙන්නේ නැතිව සීනි වැඩි ලෙඩේ ගැන විස්තර දැනගන්න

මොකද්ද මේ දියවැඩියාව කියන්නේ..?

හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා.

ශරීරයට සීනි ලැබෙන්නේ කොහොමද ?

අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වී එය ග්ලුකෝස් නමැති සරල සීනි බවට පත්වී රුධිරයට උරා ගැනීමෙන් සීනි නිපදවීම සිදුවෙනවා.

සිරුරට සීනි අවශ්‍ය ඇයි ?

සිරුරට ශක්තිය ලැබෙන්නේ සීනි වලින්.

රුධිරයෙහි සීනි මට්ටම ඉහළ යන්නේ ඇයි ?

රුධිරයේ වන සීනි සෛල වලට ඇතුළු කිරීමට ඉන්සියුලින් අවශ්‍ය වෙනවා.ඉන්සියුලින් කියන්නේ සීනි අංශු සෛල තුළට ඇතුළුවීමට සැලැස්වීම සඳහා පසුබිම සකසා දෙන දොරටු යතුර. ඉන්සියුලින් නොමැතිව සීනි සෛල තුළට ඇතුළු වන්නේ නැතුව රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා.

දියවැඩියාවේ රෝග ලක්ෂණ

අධික මුත්‍රා පිටවීම,අධික පිපාසය,අධික තෙහෙට්ටුව,අප්‍රාණික බව,නිදිමත ගතිය,සිරුර කෙට්ටු වීම,

දියවැඩියාව වර්ග තුනක් තිබෙනවා !

පළමු වර්ගය

මෙහිදී අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හෝ එය ක්‍රියාකාරී නොවීම සිදුවිය හැකියි.බොහෝවිට කුඩා දරුවන් සහ තරුණ අයට ඇතිවිය හැකි මෙම ආබාධයේදී සිරුරට ඉන්සියුලින් සැපයීම පිටතින් සිදු කල යුතු වනවා.

දෙවන වර්ගය

මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුණත් ඒවා සෛල මඟින් භාවිතා නොකිරීමයි.මෙම තත්වයට ආහාර පාලනය මඟින් හෝ ඖෂධ මඟින් ප්‍රතිකාර කළ හැකි අතර සමහර විට ඉන්සියුලින් පිටතින් සැපයීම අවශ්‍ය වනවා.

තෙවන වර්ගය

මෙය ගර්භනිතාව හේතුකොටගෙන සැදෙනවා.

දියවැඩියාව නිසා ඇතිවිය හැකි දිගුකාලීන බලපෑම්

හර්ද රෝග ,දෙපාවලට සැපයෙන රුධිර ගමනයෙහි දුර්වලතා ඇතිවීම,ස්නායු පද්ධතිය අක්‍රියවීම නිසා ඇතිවන සංකුලතා ,අංශභාගය වැළඳීම,ඇස් ආශ්‍රිත ආබාධ,මුත්‍රා ආසාධන,වකුගඩු ක්‍රියාවිරහිත වීම,

රෝග අවදානමෙන් මිදෙන්නේ කෙසේද ?

  • රුධිරයේ සීනි පාලනය කරගැනීම
  • රුධිර පීඩනය පාලනය කරගැනීම
  • කොලොස්ටරෝල් මට්ටම පාලනය කරගැනීම
  • දුම්,මත්පැන් පානයෙන් වැලකීම
  • ක්‍රමවත් ව්‍යායාම වල යෙදීම
  • උසට සරිලන බර පවත්වා ගැනීම

දෙපා ගැන මනාව සැළකිලිමත් වන්න !

  • කුඩා තුවාලයක් හෝ සම මතුපිට මෝදුවේනම් එය හොඳින් සෝදා පිරිසුදු කර වෛද්‍යවරයෙකු හමුවීමට යනතුරු ගෝස් කැබැල්ලකින් වසා තබන්න.
  • දිනපතා දෙපා මඳ උණුසුම් වතුරෙන් සෝදා හොඳින් වියලන්න.හොඳින් වියලාගන්න.
  • නියපොතු දිගට වවන්න එපා.
  • නියපොතු කැපීමේදී ඇතුලට රවුම් නොකරන්න.
  • පාවහන් රහිතව එළිමහනේ ඇවිදීමෙන් වළකින්න.
  • කපු මේස් පළඳින්න.
  • හැකිනම් පැය දෙකකට වරක්වත් සපත්තු මේස් ඉවත්කර දෙපා නිදහස්ව තබන්න.
  • අධික උණුසුම සහ සීතල රැඳී බිම් මතුපිට පාවහන් නොදමා ඇවිදීමෙන් වළකින්න.

ඉතින් මේ විස්තර ඔබට දියවැඩියාව රෝගය ගැන පැහැදිලි අදහසක් ලබා දෙන්න සමත් වෙන්න ඇති කියලා අප හිතනවා.ඒ නිසා සීනි වලට බය නොවී සීනි වලට මුහුණ දෙන්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles