මේවා එක දිගට මාසයක් කෑවොත් කොණ්ඩෙ යන එක නවතින්නෙ සදහටමයි.

හිසකෙස් ගැලවී යාම සහ හිසකෙස් වර්ධනය ප්‍රමාදවීම කියන්නේ බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවක්.මේවා සඳහා විවිධ විටමින් වර්ග , විවිධ රූපලාවණ්‍ය සත්කාර සහ නිෂ්පාදන තිබුනත් බොහෝ දෙනකුට ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල අත් වන්නේ නැහැ.නමුත් ඔබ පරිභෝජනය කරන ආහාර මඟින් ඔබේ හිසකෙස් කැඩී යාම සහ හිස කෙස් වර්ධනය උත්තේජනය කර ගන්නට ඔබට හැකියාව තිබෙනවා. එවැනි ආහාර වර්ග මොනවාද කියලා මේ ලිපියෙන් අපි ඔබට කියන්නම්. 

කුකුළු මස්

ප්‍රෝටීන් , විටමින් සහ ඛනිජ ලවණ අඩංගු විශිෂ්ට ප්‍රභවයක් ලෙස කුකුළු මස් සැලකෙනවා.මේවා හිසකෙස් පෝෂණය කිරීමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයි.විශේෂයෙන්ම ප්‍රෝටීන් ඌනතාවය හිසකෙස් ව්‍යුහයට සහ හිසකෙස් වර්ධනයට බලපාන බව චර්ම රෝග විශේෂඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

මාලු

මාළු වල අඩංගු වන ප්‍රෝටීන් සහ ඔමේගා 3 මේද අම්ල මගින් හිසකෙස් සෞඛ්‍යය වැඩි දියුණු කරනවා.අධ්‍යයන වලින් පෙන්නුම් කර ඇති ආකාරයට මැකරල් මාළු තෙල් සමේ පැපිලා සෛල උත්තේජනය කරන අතර ඇනජන් (හිසකෙස් චක්‍රයේ වර්ධන අවධිය) මාර්ග සක්‍රීය කිරීමෙන් හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරනවා.

තවත් අධ්‍යයන වලින් පෙන්නුම් කර ඇති ආකාරයට ඔමේගා-3 මේද අම්ල වලින් පොහොසත් මාළු තෙල් අතිරේකය හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරන අතර හිසකෙස් තුනී වීමද අඩු කරනවා. 

හරක් මස් 

හරක් මස් යකඩ, සින්ක්, සෙලේනියම්, විටමින් සහ ජීව විද්‍යාත්මකව ප්‍රයෝජනවත් ප්‍රෝටීන වලින් පොහොසත් වන අතර ඒවා මගින් නිරෝගී හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරමින් හිසකෙස් ගැලවී යාම අඩු කරන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. 

ආමන්ඩ් 

ආමන්ඩ් මැග්නීසියම්, සෙලේනියම්, ප්රෝටීන්, අසංතෘප්ත මේද අම්ල සහ විටමින් වලින් පොහොසත් වනවා. අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ මැග්නීසියම් හිසකෙස් උත්තේජනය කරන විවිධ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල සම-සාධකයක් ලෙස ක්‍රියා කරන බවයි. හිසකෙස් ශක්තිමත් කිරීමට සහ නිරෝගී හිසකෙස් වර්ධනයක් පවත්වා ගැනීමට දිනපතා පොඟවා ගත් ආමන්ඩ් 4-5ක් පරිභෝජනය කිරීම සුදුසු බව වෛද්‍යවරුන්ගේ මතයයි

නිවිති 

නිවිති යනු කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, ෆෝලික් අම්ලය සහ විටමින් ( 30 ) වලින් පොහොසත් කොළ පැහැති එළවළු වර්ගයකි. නිරෝගී හිසකෙස් වර්ධනය සඳහා මෙම පෝෂ්‍ය පදාර්ථ අත්‍යවශ්‍ය වනවා. නිවිතිවල ඇති ඉහළ කැල්සියම් මට්ටම් විටමින් ඩී අවශෝෂණයට පහසුකම් සපයන අතර එය හිසකෙස් ගැලවී යාම වැදගත් විටමින් වර්ගයකි .නිරෝගී හිසකෙස් වර්ධනය සඳහා හිස් කබලට ඔක්සිජන් සැපයුම වැඩි දියුණු කරන යකඩ වලින් ද නිවිති පොහොසත් වන බව සැලකෙනවා.

බතල

බතලවල තඹ, යකඩ, සින්ක් සහ ප්‍රෝටීන් අඩංගු වන අතර ඒවා හිසකෙස් ගැලවී යාමට එරෙහිව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා. ඊට අමතරව විටමින් A,  වලින්ද බතල පොහොසත් වන නිසා එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් හිසකෙස් ගැලවී යාම සහ හිසකෙස් දුර්වල වීම  අවම කරනවා.

බෙල් පෙපර් 

 පෙපර් යනු විටමින් සී වලින් පොහොසත්ම ප්‍රභවයකි . ඒවා මගින් හිසකෙස් කැඩීම සහ හිසකෙස් වල ඇති වියළි බව වළක්වා ගැනීමට උපකාරී වෙනවා.ඊට අමතරව විටමින් C යකඩ අවශෝෂණයට සහය වීම සහ හිසකෙස් තුනී වීම වළක්වනවා. එපමණක්ද නොව, බෙල් පෙපර් යනු හිසකෙස් ගැලවී යාමට ප්‍රතිකාර කිරීමට උපකාරී වන විවිධ විටමින් සහ ඛනිජ වල බලාගාරයකි.

දොඩම්

දොඩම් වල විටමින් C බහුල වන අතර එය හිසකෙස් වර්ධනයට බෙහෙවින් උපකාරී වනවා. ඒවායේ ප්‍රතිඔක්සිකාරක, ෆ්ලේවනොයිඩ්, බීටා-කැරොටින්, මැග්නීසියම් සහ තන්තු ද අඩංගු වන නිසා, දොඩම් යුෂ පරිභෝජනය හිසකෙස් සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට හේතු වනවා.

බාර්ලි 

බාර්ලි තන්තු, ප්‍රෝටීන්, ප්‍රතිඔක්සිකාරක සහ විටමින් E  වලින් පොහොසත් ය.අධ්‍යයනයකින් හෙළි වී ඇති ආකාරයට ටොකොට්‍රියෙනෝල් (විටමින් E ව්‍යුත්පන්නය) අතිරේකය හිස්කබලේ ඔක්සිකාරක ආතතිය අඩු කරනවා. අකලට හිසකෙස් නැතිවීමට ප්‍රධාන හේතුවක්  ලෙස හිස් කබලේ ඔක්සිකාරක ආතතිය සැලකෙන නිසා බාර්ලි පරිභෝජනයට ගැනීම මගින් හිසකෙස් සම්බන්ධව ඇතිවිය හැකි ගැටලු බොහෝ දුරට මඟ හරවා ගැනීමට හැකි වෙනවා 

ග්‍රීක යෝගට්

ග්‍රීක යෝගට් යනු බඩවැල්වල සෞඛ්‍ය වැඩිදියුණු කරන සහ නිරෝගී හිසකෙස් ප්‍රවර්ධනය කරන probiotic වලින් පොහොසත් ප්‍රභවයකි.අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට ප්‍රෝබයෝටික් වලින් පොහොසත් යෝගට් පරිභෝජනයට ගැනීම මගින් හිසකෙස් වර්ධනය වැඩි දියුණු කරන අතර හිසකෙස් ගැලවී යාමට ප්‍රමාද කරනවා. 

කුරුඳු 

ඔබ පානය කරන තේ කෝප්පයට , ආහාර වලට කුරුඳු එකතු කිරීම මගින් ඔබේ රුධිර සංසරණය වැඩිදියුණු කරනවා. එමගින් ඔබේ හිසකෙස් වලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස සැපයීම සිදු වීම මගින් ඔබේ හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට හැකියාව ලැබෙනවා

අලිගැටපේර 

සෞඛ්‍ය සම්පන්න මේද සහ බයෝටීන් වලින් අලිගැටපේර පොහොසත් වන අතර හිසකෙස් සම්බන්ධව නිවසේදීම කළ හැකි බොහෝ ප්‍රතිකාර වලට යොදා ගන්න ජනප්‍රිය අමුද්‍රව්‍යයක් ලෙස අලිගැටපේර හැඳින්විය හැකියි.කෙස් පෝෂණය කරන ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් E අලිගැට පේර වල අඩංගු වනවා. මධ්‍යම ප්‍රමාණයේ අලිගැට පේර ගෙඩියකින් දෛනික විටමින් E අවශ්‍යතාවයෙන් 28%ක් පමණ ඔබට ලබා ගත හැකි වනවා. එය හිස කෙස් ඔක්සිකාරක ආතතියෙන් සහ හානිවලින් ආරක්ෂා කරනවා

මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ හිසකෙස් ගැලවී යාම වළක්වමින් හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කිරීමට හැකි ආහාර වලින් කිහිපයක් පමණයි. මේවාට අමතරව නිරෝගී හිසකෙස් වලට හේතුවන බොහෝ පලතුරු වර්ග සහ එළවළු වර්ග තිබෙනවා. එවැනි ආහාර පරිභෝජනය කරන අතර ඔබේ හිසකෙස් වලට හොඳ රැකවරනයක් ලබා දීමත් වැදගත්. හිසකෙස් පිරිසිදු කිරීම සඳහා ඉතා හොඳ ප්‍රමිතියකින් යුතු ශැම්පු වර්ගයක් භාවිතා කිරීමටත් , නිවසේදිම කලහැකි තෙල් සත්කාර කිරීමටත් ඔබ සැලකිලිමත් වනවා නම් හිසකෙස් සම්බන්ධව ඔබට ගැටළු බොහෝමයකට විසඳුම් ලබාගත හැකි වෙන බවට සැකයක් නැහැ.

Related Articles

Don't Miss


Latest Articles