ළමා මනස සතුටින් පුරවන කතන්දර

මං  ඔයාලට  පුංචි කතාවක්  කියන්නද? ඔන්න එකමත් එක  රටක  හිටියා  කියල  නෙමේ, එහෙම  කතා  අපි පොඩි  කාලේ ඇති  වෙන්නම  අහල  තියෙනවනේ  නේද? මම  කියන්න යන්නේ එදා  අපිට  වගේ කතන්දර  අහන්න  නොලැබෙන,ඒත් කතන්දර අහන්න  ආසාවෙන්  සිටින  ඔයාගේ  පුංචි  පැටව්  ගැන  සමහර  වෙලාවට  ඔවුන්ගේ  ඒ  ආසාවන්  ඉටු  කරන  ඒ  ගැන  දන්නා  කාන්තාවක්  වියහැකියි  ඔයත්, ඒත්  මා  දන්නා  බොහෝ  අය එවැන්නන්  නොවන  නිසා  මම  මේ  කතාව  පටන්  ගන්නම්.

කතන්දර  කියන්නේ  පොඩි  දරුවන්ට මහා  අනගි  උත්තේජකයක්  ඔවුන්ගේ  පරිකල්පනය  ඉහළ නංවන  ප්‍රධානම  දෙයක්  තමා  කතන්දර ,අපි  දරුවාගේ  පෝෂණය  ගැන උවමනාවටත්  වඩා  කරදර වෙනවා නේද ?එත්  දරුවාගේ  මනසේ  පෝෂණය  ගැන  අපි කොතරම්  සැලකිල්ලක්  දක්වනවාදකියල  අපි  හිතනවාද ? සමහර  විදේශ  රටවල  මාස  හයෙන්  ඉහල  දරුවන්  වෙනුවෙන්  කතන්දර  වැඩමුළු  නොමිලේ  පවත්වනවා ,අනිවාර්යයෙන්ම  දරුවන්  එයට  රැගෙන  එනවාද  කියාඔවුන්  සොයා  බලනවා

කතන්දර  ළදරුවාගේ  සිට  වැඩිමහල් දරුවන්  දක්වා  සියල්ලන්ටම  මහත්  ප්‍රතිලාභ  රැසක්  උරුම  කර  දෙනවා  පමණක්  නෙමේ  අනාගතයේදී  රටට  දායාද  වන්නේ  මානසික  මෙන්ම  ශාරීරික  නිරෝගිතාවෙන්ද  යුතු  යහපත්  නිර්මාණශීලි  පුරවැසියෙක්.

මාස  තුනේ  සිටම  දරුවන්ට  සුදුසු  ලෙස නිර්මාණය  කල  කතන්දර  පොත්  වෙළඳ  පොලේ  තිබෙනවා. ඔවුන්ගේ  වයස්  කාණ්ඩ වලට  ගැළපෙන පොත්  තෝරා  ගැනීමට  දෙමාපියන්  දැනුවත්  වී සිටියා යුතුයි  අකුරු  කියවිය  නොහැකි දරුවන්  සඳහා  පින්තුර  කතන්දර  පොත්  තිබෙනවා  මෙහි  අකුරු  කුඩාවට  සටහන්  කර  ඇත්තේ  ඒවා  දෙමාපියන්  විසින්  දරුවන්ට  කියවන  ඒවා  නිසයි, මාස  තුනේ  පමණ  කුඩා  දරුවන්ට  රෙදි  වලින්  නිමවූ  පින්තූර කතන්දර  පොත්  තිබෙනවා  දරුවාට පොතක  අත්  දැකීමපළමුව  උරුම  කර  දීමට  සුදුසුම  කාලය  වන  මාස  තුනක  වයසේදී ලබා දෙන  මේ රෙදි  පොත්  නිසා  දරුවා ඉතා  ඉක්මනින්  පින්තූර බැලීම ,පිටු පෙරලීම, වර්ණ  හැඩතල  හඳුනා  ගැනීම  ආදී  ක්‍රියාකාරකම්  සඳහා  හුරුවනවා, ඉතින්  බුද්ධිමත්  කාන්තාවක  ලෙස  ස්මාර්ට්  ලේඩි සමඟ  අත්වැල්  බැඳගෙන  සිටින  ඔයා  වෙනුවෙන් ඉදිරියේදී  තව  දුරටත්  කතන්දර  ගැනත්  කතන්දර  පොත් පිළිබඳවත්  අපි කතා  කරමු, වෙළඳ  පොලේ  අපගේ  දරුවන්ගේ  වයස්  කාණ්ඩයන්ට ගැළපෙන පොත්  තෝරා  ගැනීම  පිලිබඳ  දැනුවත්  වෙමු.

ඒ  වගේම  මේ  සියල්ල  අතරේ  ඉඩ  ලැබෙන  හැම  වෙලාවකම  දරුවන්ට  කතන්දර  කියා  දෙන්නට  කාලයක් ඔයා  සොයා ගනියි  කියල  අප  සිතනවා, පළමුව  පුංචි  පුංචි  කතන්දර  ඔබ  සොයාගෙන  රසවිඳින්න, නැත්තම්  ඔයාටම  නිර්මාණය  කරගන්නත් පුළුවන්, පසුව  සුදුසු වෙලාවක  මේ  කතන්දර  දරුවාට  කියා  දෙන්න, හැමදාම  මේ  සඳහා  වෙලාවක්  වෙන්කර  ගන්නවානම්  වඩාත්ම  සුදුසුයි. මේ සඳහා  ඔයා  කතන්දර  පොතක්  තෝරා ගන්නවානම්  මුලින්ම  පොතේ  පින්තූර  රසවිඳින්න  දරුවාට  අවස්ථාව  දෙන්න, චරිත  හඳුන්වා  දෙන්න ,දැන්  කටන්දරය  කියා දෙන්න, ඔහු  හෝ  ඇය  ඉතා ඉක්මනින්ම  කතාව  තේරුම්  ගනීවි, ඉතින්  ඊලඟ  ලිපියෙන්  ඔබේ  දරුවාට  කියවීමට  සුදුසු  කතා  පොතක්  අරගෙන  ඒ  ගැන  කතාවකින්ම අපේ  සංවාදය  පටන්  ගනිමු.

කතන්දර  වලින් පිරුණු රසවත්  සතියකට  සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles