අපේ පොඩිත්තෝ පැණි රස කන්න හරිම මනාපයි. ඒත් කෘතිම රසකාරක අඩංගු, අධික සීනි ප්‍රමාණයක් ඇති වෙළඳපොලේ ටොෆි වර්ග දරුවන්‍ට දෙන්න අපි ඒතරම් කැමති නෑ. ඒ නිසා ගෙදර හදපු විවිධ රස ටොෆි පොඩිත්තන්ට දෙන්න මේ රෙසිපි අපිට උදව් වෙයි.
අල ටොෆි
අවශ්‍ය දේවල්
- ටින්කිරි කුඩා ප්‍රමාණයේ ටින් එකක්
- සීනි 750g
- තම්බා පොඩි කර ගත් අර්තාපල් 500g
- වැනිලා එසන්ස් තේ හැඳි
- කජු කෑලි
- බටර් මේස හැදි 2ක්
සාදා ගන්නා ආකාරය
- තම්බා පොඩි කරගත් අල සහ සීනි බඳුනකට දමා අඩු ගින්දරේ ලිප තබා සීනි දියවෙන තෙක් හැඳි ගාමින් රත් කරන්න.
- සීනි දියවූ පසු එයට ටින්කිරි එකතු කරන්න.
- පැය බාගයක් පමණ හැඳි ගාන්න.
- මිශ්‍රණය උකු වූ පසු වැනිලා එසන්ස් සහ කජු කැබැලි එකතු කරන්න.
- මිශ්‍රණය ගුලියක් වන තෙක් හැඳි ගාන්න.
- ගුලියක් වූ පසු එයට බටර් එක් කර ගන්න.
- තැටියක බටර් ගා මිශ්‍රණය එහි දමා අවශ්‍ය ගණකම එනතෙක් තුනී කරගන්න.
- විනාඩි විස්සකට පමණ පසු කැබලි කපා ගන්න පුලුවන්.
කිරි ටොපි
අවශ්‍ය දේවල්
- මිල්ක්මේඩ් ටින් 1 ( 39
- සීනි මිල්ක්මේඩ් ටින් එකෙන් -1
- වැනිලා තේ හැදි 1 1/2
- බටර් මේස හැදි 1
- කුඩාවට කැපූ කපා ගත් කජු ටිකක්
සාදාගන්නා ආකාරය
- භාජනයක් ගෙන මිල්ක්මේඩ් සහ සීනි දමා කලවම් කර අඩු ගින්දරේ ලිප තබන්න.
- මිශ්‍රණය උකු වන තුරු හැඳි ගාන්න.
- උකු වෙද්දී බටර් ටිකක්, කජු සහ වැනිලා එක් කරන්න.
- තැටියක බටර් ටිකක් ගා ගන්න.
- කිරි ටොපි මිශ්‍රණය ගුලි ගැසී එන තෙක් හැඳි ගා ගුලි ගැසුණු විට මිශ්‍රණය ට්‍රේ එකේ හොඳින් තුනී කර ගන්න.
- ඉන්පසු නිවෙන්නට හැර කැබලි කපා ගන්න.
පොල් ටොෆි
අවශ්‍ය දේවල්
- සිහින්ව ගා ගත් පොල් 450g
- සීනි 600g
- වතුර 150ml
- රෝස් වෝටර් තේ හැඳි 1/2
- කලරින්
- මිල්ක් පවුඩර් මේස හැඳි 2
- බටර් ගා ගත් තැටියක්
සාදාගන්නා ආකාරය:
- අඩු ගින්දර සහිතව කබලක පොල් බැඳ ගන්න.
- වියළි ගතියට පැමිණි පසු ඒ පොල් නිවෙන්නට හැර බ්ලෙන්ඩර් කරන්න
- සීනි සහ වතුර බඳුනකට දමා හොඳින් උණු කරන්න.
- එයට රෝස් වෝටර් සහ කලරින් ද එක් කරන්න.
- ඉන්පසු බ්ලෙන්ඩ් කර පොල් එකතු කරන්න.
- වතුර හිඳී යද්දී මිල්ක් පවුඩර් එකතු කරන්න.
- මිශ්‍රණය ගුලි වන ගතියටඑන විට තැටියේ තුනී කර කෑලි කපා ගන්න.