Smart Me

අප සිරුර පවත්වාගෙන යාමේදී අවශ්‍ය වන ශක්තිය සහ ජවය අපට ලබා දෙන්නේ පෝෂ්‍යදායක ආහාර වලින්. කොල්ලු ඒ අතර පෙරමුණේම රැඳෙන ආහාරයක්. ඉතින් ඉතා පහසුවෙන් ලබාගත හැකි කොල්ලු ගැන අපි ටිකක් හොයල බලමු. බොහො දෙනෙක් හිතන්නෙ කොල්ලු කියන්නෙ අශ්වයන්ට පමණක් දෙන ආහාරයක් කියලා. මොනවද මේ කොල්ලු ? කොල්ලු කියන්නෙ මුං ඇට,කව්පි...
ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා.. සාමාන්‍යයෙන් ඔබ දවසකට පොල් ගෙඩි කීයක් භාවිතා කරනවද? Meal plan තිබුණත් ඉඳහිට පිටිකළ පොල් කිරි භාවිතා කළත් දවසක පොල් ගෙඩියක්වත් ඔබේ උයමනට උවමනා ඇති. පොල් වතුර සින්ක් එක දිගේ යවන කෙනෙක් නම් ඔන්න ඔබට මේ ලිපිය කියවන්නම වෙනවා. ඔබ නොහිතුවත් ඔබ මේ ඉවත දාන්නේ පෝෂණීය පානයක්. ලෝක් සෞඛ්‍ය...
ඔබට ඔසප් දිනවලට යම් වේදනාවක් දැනීමත් විවිධ අපහසුතා ඇතිවීමත් පුරුදු ඇති. නමුත් එය අධික වේදනාවක් නම් එය සාමාන්‍ය දෙයක් වන්නේ නැහැ. ඒ වේදනාව නිසා ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වෙනවා නම් හෝ වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට සිදුවේ නම් ඔබ මේ ගැන අවධානයක් දිය යුතුයි. ඔසප් වීම නිසා...
මේ නම අප කවුරුත් දන්නවා වගේම එහි අපහසුවත් නොදන්නා කෙනෙක් ඉන්නවානම් ඉතාමත්ම කලාතුරකින් වෙන්න පුලුවන්. මෙහිදී සිදුවන්නේ ඉතාමත්ම අපහසුවෙන් මලපහ කිරීමට සිදුවීමයි. මල බද්ධය ට හේතු කුසට සරිලන  ලෙස ප්‍රමානවත්  ආහාරයක් නොගැනීම. පලතුරුවර්ග අඩුවෙන් ආහාරයට ගැනීම. අඩුවෙන් ජලය පානය කිරීම. අන්ත්‍ර, ගුද මාර්ගයේ හටගන්නා කුඩා ගැටිති නිසා. නිතර වාඩිවී සිටීම නිසා. වේගයෙන් යන වාහනවල අසුන්ගෙන යාම. ගුද මාර්ගයේ කෙලවර නාඩි තෙරපීමකට ලක් වීම. වැසිකිලි යාමට උවමනා වුවත් විවිධ වැඩ නිසා එය කල් දැමීම නිසා. මානසික හේතූන් නිසා. රෝගීන්ට අහිතකර ආහාර වර්ග කෝලි කුට්ටු, අලු කෙසෙල්, චොක්ලට් කුඩු සහිත කිරි පැකට්, කෝපි, තේ, චොක්ලට් අඩංගු පාන වර්ග, චොක්ලට් කේක් සහ බිස්කට් බෙහෙත් වලින් තොරව  වලක්වා ගන්නා ක්‍රම වැල, වරකා, කොහිල දලු, කොහිල අල, ගස්ලබු, ඇඹුල් කෙසෙල්, කතුරු මුරුන්ගා, කන්කුන්, සියඹලා,...
ගැබිණි සමයේ සිටින මවුවරුන් නිතර නගන චෝදනාවක් තමා මේ කෙණ්ඩා පෙරලීම. එය ඉතාමත්ම අනාරක්ෂිතයි. ඒ වගේම වේදනාකාරියි. පොදුවේ සියලු දෙනාටම බලපාන මේ ආපහසුතාවය ගැන අපි පොඩ්ඩක් දැනුවත් වෙමු නේද ? මොකද්ද මේ රෝගය ? මෙය මාංශ පේශි හරහා එන වේදනාත්මක තත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම රුධිර සංයුතියේ සිදුවන වෙනස්කම සහ රුධිරය එක තැනකට එකතුවීම සහ එහි...
මේ රස්නේ කාලේ අපි ලෙඩ රෝග බොහොමයකට ලක් වෙන්න පටන් අරන්. ඒ අතරින් සුලබ රෝගයක් තමයි මුත්‍රා ආසාදන සහ මුත්‍රා දැවිල්ල. ගෙදර කාට වුණත් හිටි හැටියේ හැදෙන්න පුලුවන් මේ අසනීපෙට ඔබත් සූදානම් ශරීරෙන් සිටීම වටිනවා. මුත්‍රා ආසාදන වලට ගොදුරු නොවී ඉන්න හොඳින් වතුර බොන එක අනිවාර්යය දෙයක්. මුත්‍රාශයේ ඇතිවන විෂබීජ ආසාදනයක්...
කට ගඳ ගැසීම නිසා ඔබ බොහෝ පීඩාවෙන් ද? කාන්තාවකගේ ස්මාට් බව හොඳටම අඩු කරන හේතුවක් හැටියටත් කට ගඳ ගැසීම හඳුන්වන්න පුලුවන්. ඔබ මොනතරම් ලස්සන වුණත්, ලස්සනට ඇඳුම් අඳින කෙනෙක් වුණත් මේ කාරණාව ඔබව සම්පූර්ණයෙන් පහතට ඇද දමාවි. මේ කරදරයට ඔබව ලක් වීමට ප්‍රධානම හේතු මෙන්න මේවා වෙන්න පුලුවන්. ආහාර පුරුදු...
එක දිගටම කිඹුහුම් යවන කිසිවෙකු ඔබ නොදැක තියෙන්නට නම් බැහැ. පීනස නම් රෝගී තත්වය එතරම්ම සුලබ රෝගයක්. ලොකු රෝගයක් කියලා ගණන් ගන්නේ නැති එහෙත් ඉතාමත් අපහසු තත්වයක් පීනස නිසා ඇති වෙනවා. මොකද්ද මේ පීනස කියන්නේ? පීනස කියලා හඳුන්වන්නේ කෝටාර ප්‍රදාහයයි. කම්මුල් ඇට තුළ සහ නළලේ ඇස් බැමිවල ඉහළ කොටස් තමයි කෝටර හෙවත් කුහර ලෙස...
කායම් හොද්ද මේ මොකද්ද මේ? ඔබ තරමක් පුදුමයට පත් වී ඇතිවාට සැකයක් නැහැ. එහෙත් අපේ ඉපැරැණි නිවෙස් වල ඇත්තන්ට නම් මෙහි අරුමයක් නැහැ. ඒ ඔවුන්ගේ ආහාර වේල නිතරම ඔසු ගුණයෙන් පිරිපුන් වූ නිසා. මොකද්ද මේ කායම් හොද්ද ? කායම් හොද්දට මිරිස් භාවිතා කරන්නේ නැහැ.ඒ සඳහා මිශ්‍ර කරන්නේ කුලුබඩු බෝග පමණයි. සූදුරු, කුරුඳු පොතු,...
මේ දවස්වල රට පුරාම දැඩි උෂ්ණාධික කාලගුණයක් නිසා ඔබත් පීඩාවෙන් ඇති. ලංකාව වගේ රටකට දැඩි හිරු රශ්මිය නුපුරුදු දෙයක් නොවුණත් අවුරුද්දේ සමහර කාලවල දැඩි උණුසුම දරන්න ටිකක් අපහසුයි. මේ කාලයේ උණුසුම ගැන අවධානය වැඩියෙන්ම යොමු කරන්න ඕනෑ පිරිසක් ඉන්නවා. 1. ළදරුවන් හා කුඩා දරුවන් 2. වයෝවෘද්ධ පුද්ගලයන් 3. අධික ස්ථුල අය 4. කය වෙහෙසා...