Mini Stories

අතුල වෑන් රථයෙන් බැහැලා ඇවිත් ගෙට ගොඩවුනා.ප්‍රියංකා ඉස්සරහට ගිහින් ඔහුව පිළිගත්තේ පුරුද්දට " පේන්ට් ෂොප් එකේ වැඩ වලින් අද ඉඳන් මම නිදහස් ප්‍රියංකා " " ඒ කිව්වේ ? " " අපේ ගමේ අර සපුමල් මතකද ? අපි ගියාම පොල් එහෙම කඩලා ගෙනත් දෙන්නේ ?" " ඔව් මතකයි " " මිනිහා අද කොළඹ ආවානේ.මම...
Teen girl and sister
"මොකද ඔය හැමවෙලේම නිදි..මඟුල් විසේනෙ හිත පුරා තියෙන්නෙ.හීන දැක දැක නිදි ඉතින්.." ලතිකා උඩ ගියේ තල් අත්තට බොරළු වැටෙනවා වගේ ඇහුණු සද්දෙට.මදැයි නිවාඩු දවසේ නිදා ගන්න හැදුවා.කෑගහන්නේ අම්මා නොවන බවනම් ලතිකා දන්නවා.මේ වෙඩින් එක කට උඩ තියන් ඉන්න ලතිකාට මඟුල් විසේ ගැන කෑගහන්න අම්මාට පිස්සුයැ.ඒත් ඒ සද්දෙට හොල්මන් වුණු ලතිකා...
Couple in trouble
මාධවී ගෙදර දොර වහලා ඇවිත් වාහනයට නැග්ගා.සුදේශ් එක්ක කතා නොකර මේ ගෙවෙන්නෙ දෙවනි දවස.තමන්ට නොකියා යාලුවන් එක්ක සාදයක් පවත්වපු එකයි මාධවීගේ තරහට හේතුව උනේ. " අදත් තරහ වෙලා යන්න එපා මැණිකේ.ඒක දැන් ඉවරයිනේ " සුදේශ්ගේ කෙටි පණිවිඩය කියවලා මාධවී කට කොණකට හිනාවක් නගා ගත්තා.සුදේශ් එහෙම බැගෑපත් වෙන එකත් , ආයේ ආයෙත්...
Scared girl covering face
"මේ..ඔයා දැක්කද මේක?" මල්මි එහෙම ඇහුවේ අනුපමාගෙන්.අනුපමා පෙන්නන්නේ ෆේස්බුක් එකේ පෝස්ට් එක සහ කමෙන්ට් තීරුවක්."වැඩියෙන්ම බය මොකටද" කියලා අහපු පෝස්ට් එකේ එක එක අය තමතමන්ගේ ජීවිතේ වැඩියෙන්ම බය දේ ලියලා තිබ්බා. "නෙතුකිගේ කමෙන්ට් එක." මල්මි හිනා වෙන්න පටන් ගත්තා.නෙතුකි සර්පයන්ට පුදුමාකාර බයක් දක්වන බවක් ඇය ලියලා තියෙනවා.නෙතුකි කාර්යාලයට ඇවිත් තාම වැඩි දවසක්...
Couple in love
හසාරා බෑග්ස් වල තිබුණු එළවළු අරගෙන ශීතකරණයෙන් අහුරන්න පටන් ගත්තේ සෑහෙන වෙලාවක ඉඳලා.පිළිවෙළකට අහුරාගත්තේ නැත්‍නම් එළවළු පළතුරු ඉක්මනින් නාස්ති වෙනවා.මේ එහෙම නාස්ති කරන්න කාලයක් නෙවෙයි.අනිත් එක ලෝකේ පුරා කන්න බොන්න නැති මිනිස්සු ඕනතරම් ඉන්න හන්දා අපි කන බොන දේවල් නාස්ති කරන්න හොඳ නෑ කියලා අම්මා හසාරාට උගන්නලා සෑහෙන කාලයක්. "අම්මි,...
උදාරි මල් පැළ වලට වතුර දාන්න පටන් ගත්තේ බොහොම සතුටින්.තමන්ගේම කියලා නිවසක අර්ජුන එක්ක ජීවත් වෙන එක ඇය දැක්ක හීනයක් නිසා අලුත් නිවසට ඇය ගොඩක් ආදරේ කලා. " නංගී " ගේට්ටුවෙන් එබුණේ කුසුමා.උදාරි ට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් දුවෙක් ඉන්න කුසුමා තමන්ට නංගි කියලා අමතන එක උදාරිට හිනාවක් ගෙනාවා. " අපේ...
New born child with mother
නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන බිම බලාගත්තේ නාලිකාව අවුස්සා ගන්නේ මොකටද කියලා හිතුණ නිසා.අද බදාදා;මහජන දිනය.සමහරවිට මේ කේන්තියට හේතුව ඒක වෙන්න ඇති. "නාලිකා අක්කගෙන් වැඩක් කරව ගන්නවට වඩා මිනිස්සුන්ට සූර පප්පා කාටුන් එකේ...
අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා. " පයින් ද ආවේ ?" " නෑ අම්මෙ සුරේෂ් මාව පාර ගාවින් දාගෙන ගියේ " මිල මුදල් යහමින් ඇති බෑනා ගැන කල්‍යාණි ආයෙ ආයෙත් ආඩම්බර උනා. " කෝ නංගි නැද්ද ? " " යාළුවෙක්ගෙ වෙඩින් එකකට සාරි...