Mini Stories

"අපේ ගෙදර අය ඔක්කොමල දැන් එකට මුණගැහෙන්නෙ රෑට පවර් කට් එකක් වුණොත් විතරයි. නැත්තං තම තමන්ගෙ කාමර වල තම තමන්ගෙ ලෝක වල" අම්මගෙ හිතවතෙක් එහෙම කියල හිනා වුණා දුවේ. ඒත් ඒ හිනාව යට තිබුණේ මොන තරං අසරණ කමක් ද, මොන තරං දුක් ගොඩක් ද, කොච්චර සීතල කඳුළක් ද කියල මට...
"කියන තරම් ලොකු ගාණක් යන එකක් නෑ නාරද වැඩේට…" ජයනි එහෙම කිව්වේ නිවසේ සැලැස්ම අතේ තියාගෙන.ගෘහ නිර්මාණ ශිල්පියාගේ දාහක් යෝජනා එක්ක එකඟ වෙනවට වඩා ජයනි කළේ එයාගේ අදහස් කියන එක.ඒත් ජයනිට ඕනෑ කරන විදියට ගේ අලුත්වැඩියා කරනවට වඩා අලුත්ම ගෙයක් හදන එක ලාබයි කියලා නාරදටත් නොහිතුණා නෙවෙයි. "අර මිදුලෙ තියන ලොකු...
සුභාෂ් කුස්සියට දුවගෙන ආවේ බයේ ගැහෙමින්.ඔහු හෙව්වෙ මල්ෂාව.උදෙන්ම ඇහැරුණු මල්ෂා ඒ වෙද්දි උයන්න පටන් අරගෙන තිබුණා. " මල්.. මං බයවුනා " සුභාෂ්, මල්ෂාගේ ඔඩොක්කුවේ තිබුන එළවළු කපන ලෑල්ලත් පිහියත් අතට ගත්තා. " ඔයාට තිබුනනෙ මට කතා කරන්න .ඔයා මේවා තනියම කරන්න ඕනේ නැහැ " " මට මේවා තනියම කරන්න පුළුවන් සුභාෂ් " එහෙම කියපු...
"ටීච…" ටියුෂන් පන්තිය ඉවර කරලා ගේ ඇතුලට යන්න ආව මට හීන් හඬක් ඇහුණේ පන්තිය මුල්ලකින්.මං හැරිලා බැලුවේ ඒ නිසා.සනායා බලාගෙන ඉන්නේ ඇඬුම්බර මුහුණකින්.අටේ පන්තියේ පුංචි කෙල්ලෙකුට ඇඬුම්බර මුහුණක් එන්න විවිධ හේතු තියෙන්න පුලුවන් නිසා මං සනායාට කිට්ටු වුණේ ප්‍රවේසමෙන්. "ඇයි දූ..ප්‍රශ්නයක්ද?" සනායා මං ළඟට ආවේ රොබෝ කෙනෙක් වගේ.ඊටත් පස්සේ එයාගේ කම්මුල් දිගේ...
පනස් තුන්වන දිගහැරුම , හෂාන් ඩුබායි පැමිණි විට මා සහ මගේ මිතුරියන් එක්ව ඔහු සමඟ සාද පැවැත්වූ අතර සියලු දෙනාම එක්ව විනෝදයෙන් කාලය ගත කළෙමු .හෂාන් නැවත ලංකාවට පැමිණෙන විට මා ද නිවාඩු ලබාගෙන ඔහු සමගම ලංකාවට පැමිණියෙමි.මා සහ මගේ පවුලේ නුවරඑළිය බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ වලට විනෝද චාරිකාවක් ගිය අතර...
"මට වතුර ටිකක්.." හාත්පස අඳුරු ලෝකයකින් දෑස් විවර කළ මම මිමිණුවෙමි.මගේ හිස තදබල ලෙස රිදුම් දෙන අතර සිරුර ඇති බවක් නොවැටහේ. "වතුර ටිකක්.." මා සැබෑවටම ජීවත් වෙනවාදැයි සිතමින් මම නැවතත් මිමිණුවෙමි.ඇතැම්විට මා මිය ගොස් වන්නට ඇත.එහෙත් එය එසේ නොවන බව පැහැදිලි කරමින් නොදන්නා හඬක් මතු විණ. "ඔයාට ඔපරේෂන් කීපයක්ම කරා ලීසා.වතුර බොන්න බෑ...

දෙවෙනි කසාදේ.

0
"හපෝ නිපුනි ආයේ මැරි කරන්න යනවලු.." කෞෂි කාර්යාල විවේකාගාරයට ආවේ මුහුණ අමුතු කරගෙන.හැමෝම එයා වටේ රැස් වුණේ රස කෑමකට වට වෙන කපුටෝ රංචුවක් වගේ. "කාවද අනේ.." උරේෂා අහන්නේ පුදුමාකාර උනන්දුවකින්.නිපුනි දවස් කිහිපයක් කාර්යාලයට ආවේ නැති බව හැමෝටම මතක් වුණේ ඊට පස්සේ.කෞෂි ෆේස්බුක් ඇප් එක දිගෑරගෙන හැමෝටම පෙන්නුවේ ලංකාවේ ජනප්‍රියම ඡායාරූප ශිල්පියෙකුගෙ ෆේස්බුක්...

සුවඳ මල

0
මදාරා ඔෆිස් ඇරිලා ගෙදර යන්න ලැහැස්ති වුනේ ලහිලහියේ.හවස පහමාර කිට්ටු වෙනකොට ඒක හැමෝටම සුපුරුදු දර්ශනයක් " අනේ අපේ කෙල්ල බලාගෙන ඉන්නවා මම එනකන් .ආයම්මා එක්ක ඉන්න එයා එච්චර කැමති නැහැ " " ඔයා හැමදාම ඔෆිස් යන එන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි මදාරා. මේ දවස්වල රටේ තත්වය එච්චර හොඳ නැහැනේ...

රැවටීම්.

0
"ආශා,අර ජනිත් නේද?" ඔෆිස් ඇරිලා බස් එකක් එනකම් බස් නැවතුමේ ඉන්නකොට ආශා කැළඹුණේ ඇගේ මිතුරිය වුණු පාරමීගේ හඬට.අද රෑ වෙනතුරු ඔෆිස් එකෙන් හෙල්ලෙන්න බෑ කියපු ජනිත් ට්‍රැෆික් එකේ කාර් එක නවත්තගෙන ඉන්නේ හිනා වෙමින්.ඒ හිනාවට අනිත් අසුනේ ඉන්න ලස්සන ගෑනු ළමයත් එකතු වෙලා. "මීටින් එකකට අනිත් බ්‍රාන්ච් එකට යනව ඇති පාරමී.." ආශා...
"කුමුදි, මේ මොකද මේ" අලුතින් ට්‍රයි කරපු කේක් එක අවන් එකෙන් එළියට ගන්න ගමන් ඒ සුවඳින් මත් වෙලා හිටපු කුමුදි බැලුවේ තිගැස්සිලා.රශ්මි,කුමුදිගේ පාසල් කාලයේ මිතුරිය ඇය දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ. "ඔයා මෙතන කේක් හදනවද? ඇයි ඒ? දිලුම් ඔයාව ඩිවෝස් කරාද?" කාලෙකට පස්සේ මුණ ගැහුණු රශ්මි සැප දුක අහන්නත් කලින් අහපු ඒ...