Mini Stories

දිවිල්ල

0
මේනකා තේ එක හදාගෙන සාලෙට එනකොට තිනුලිට මේසෙ උඩම නින්ද ගිහින් " තිනූ.. මොකද මේ නිදි ? නැගිටිනවා " මේනකා අවුරුදු අටක් වයසැති දියණියගේ අතින් අල්ලලා හෙල්ලුවා.තිනූලි අවදි වුනේ ගැස්සිලා " ඔය poem එක පාඩම් කරන හැටි ද ? පාඩම් කරන්න කිවුවහම තමයි මේ ළමයට ඔක්කොම අමාරුකම් එන්නෙ. මෙන්න මේ තේක බීලා...

සුරපුරය

0
අයේශා කෑම මේසෙ ගාවට ඇවිත් වහල තිබුන දීසි එකින් එක ඇරලා බැලුවා.තමන් තිබ්බ විදිහටම කෑම ටික තියෙන නිසා සමීර කෑම කාලා නැහැ කියලා අයේශාට තේරුනා.වැඩ ඇරිල ගෙදර ආව සමීර ආපහු එලියට ගිහින් දැන් පැයකටත් වැඩියි.අයේශා කල්පනා කර කර ඉන්නකොට ම සමීර ගෙට ඇතුලු වුණා. " කොහෙද ගියේ සමීර ?" ඇය ඇහුවේ...
ගයානි පරිප්පු කරියේ ලුණු බැලුවේ හිත බර කරගෙන.කුස්සියේ කිසිම දෙයක් නෑ.ඉතුරු වෙලා තිබුණු එකම එක බිත්තරයෙන් ඔම්ලට් එකක් දාලා නාගන්න ගියෙත් කල්පනා කර කර.එන මාසේ වැටුප් ගන්න තව දවස් එහෙමමයි.ඒත් සල්ලි ඉවර වෙලා ටික දවසක්. "මොනවද චාමර ඔච්චර ණය?" ගයානි එහෙම අහනකොට අර බිස්නස් එක කරන්න මේ බිස්නස් එක කරන්න ණය...
'සිරකරුවෝ ද මනුෂ්‍යයෝය…' වැලිකඩ බන්ධනාගාර විශාල ගේට්ටුවෙන් එලියට ආ තාරකා  මීලඟට කල යුත්තේ කුමක්දැයි කල්පනා කලා. ඇය කීපවරක්ම එම වැකිය කියෙව්වා. ඇයගේ මුහුණට ආ සිනහවේ තිබුණේ මඳ සමච්චල්කමකී. "හැමෝම මනුස්සයෝනම් මෙහෙම වුණේ කොහොමද…?" අවුරුදු හතරක් තිස්සේ තාරකා එයට පිළිතුරක් හෙව්වත් එයට පිළිතුරක් ඇයට ලැබුණේ නැහැ.තාරකා අසළ තිබූ කමිනිකේෂන් එකකින් දුරකථන ඇමතුමක් ලබා...
උත්තරා වෙනදා පුරුද්දටම පාන්දර හය වෙද්දි ඇහැරුනා.විදේශ වෙබ් අඩවියක සේවය කරපු උත්තරා වැඩකළේ ගෙදර ඉදං වුණත් ඇගේ සැමියා වුණ කවිඳු හැමදාම පෞද්ගලික ආයතනයක රැකියාවට ගියා.විවාහ වෙලා හයවෙනි මාසය පසු කරමින් හිටපු ඔවුන් දෙන්නා තවමත් ඉන්නේ අද ඊයෙක විවාහ වුණා වගේ " අද සෙනසුරාදනේ උත්තරා. ටිකක් නිදා නිදා ගන්න. හැමදාම පාන්දර...
"ඇත්තටම ඇයි ඔයා මට අකමැති.." පහන්ගේ ප්‍රශ්නයට කාව්‍යා හිනා වුණේ හරිම සන්සුන්ව.කාව්‍යා ජීවිතය දිහා බලන හැටි වෙනස් බව පහන් දන්නවා.ඒ සමහර හේතු නිසා කෙළවරක් නැති රණ්ඩු ඇති වෙන වෙලාවල් නැතුවා නෙවෙයි. "මං කොහෙද අකමැති.මං කැමතිම මනුස්සයෙක් තමයි ඔයා.." කාව්‍යා කියන්නේ හිනා වෙන ගමන්.පහන් ඒ හිනාවට අකමැතියි.කාව්‍යා මේ හදන්නේ ප්‍රශ්නය මඟ අරින්න. "මම කියන්නේ...
කෝසලා ගුරු විවේකාගාරයට ඇවිත් වාඩි උනේ අතේ තිබුන පොත් කන්ද මේසේ උඩට අතාරින ගමන්. " දැන් ඉතිං මේ ඔක්කොම බලන්න එපැයි " ඇගේ හිත කිව්වා.අපිළිවෙල සාරි පොටින් මූනේ තැවරුණ දාඩිය බිඳු පිස ගත්ත කෝසලා කාලසටහන දිහා බැලුවා. සාමාන්‍ය පෙළ පන්තියක කාලච්ඡේද දෙකක් ඊළඟට ඇයට වෙන්වෙලා තිබුණා. " කෝසලා ඔයා අසනීපෙන්ද ?" ඉගැන්වීම් කටයුත්තක්...
"වෙලාව නවයත් පහු වෙලා.යසයි ගෑනු ළමයි නිදා ගන්න තරම්.." නැන්දම්මාගේ කෑගැහිල්ල ඇහුණු මධූ මල්වලට වතුර දාන ගමන් ගේ ඇතුළට එබුණා.මේ ගෙදරට එන්න කලින් නිවාඩු දවසට ටිකක් දවල් වෙනකන් නිදාගත්තු දවස් ඇයට දැන් හීනයක් වගේ.නැන්දම්මා ඔහොම කෑගහන්න ගත්තු නිසා දැන් මධූ ඉන්නේ නැන්දම්මාට ඕනෑ හැටියට.එක අතකට මේවා රදීෂ්ගෙත් වැරදි! මධූව මෙහෙ...
නතාශා කණ්නාඩිය ඉස්සරහට වෙලා සුදු සාරියේ රැළි හැදුවා.වෙනදට තමන් කොච්චර නම් මේ කණ්නාඩිය ඉස්සරහ හැඩ වෙනවද ? ඒත් අද යන ගමන ගැන නතාශාට තිබුනේ හිස් හැඟීමක් " අම්මා. අද තාත්තා එනවද ? " අවුරුදු හතර සම්පූර්ණ කරපු නිවුන් දියණියන් දෙන්නා කාමරේ දොර ගාව හිටගෙන හිටියා " මම යන්නේ තාත්තාව හම්බ වෙන්න තමයි...
"චාරුනී අක්කලා කෑම එවලා.බෙදාගෙන එන්නං.." උත්පලා ගේට්ටුවෙන් එළියේ තිබුණු පුටුව උඩ තිබුණු මල්ලත් අරන් එන ගමන් කසුන්ට කිව්වා.කාමරයේ ඉන්න කසුන් ඔලුව වනනකොට උත්පලාට දුකයි.ඒ වගේම බයත් නැතුවාම නෙවෙයි. "ඔයාට අමාරුවක් නෑ නේද?" කසුන් එහෙම අහලා මැසේජස් කීයක්නම් එවනවද? වසංගතයක් කරපු හරියක්! ගේ ඇතුළේ ඉන්න වෙන්නෙත් වෙනම.නොදන්න මිනිස්සු වගේ. "ඔයාටනෙ අමාරුවක් නැති වෙන්න ඕන.." කසුන්ගේ...