තත්පර කිහිපයකට විශ්ව ක්‍රියාකාරීත්වය නතර වූවා වන් නිශ්චලත්වයක් ඇති විය. සුළඟක් හමනා හඬක් වුව ඇසුණේ නැත. නමුත් සිය ශරීරයේ ඇතුළේ ඍතුමය වෙනස්කමක් සිදු වෙනවා වන් කැළඹීමක් ආරාධනා ට දැනිණ. ඒ කැළඹීම වුව නිශ්චිතව කවරක් දැයි ඇය නො දත්තා ය. රළ නගන සයුරක් ද අව පීඩන කලාපීය සුළඟක් ද වලාකුළු...
කාවින්දි ගජධීර සිටියේ හිතේ සැනසුමකින් නොවේ. තාරා වෙතින් දැන ගන්නට ලැබුණ පුවත ඇය වියවුල් කොට තිබිණ. කිසිදු වැඩක් සන්සුන් මනසකින් කර ගත හැකි වූයේ නැත. තාරා කියනා පරිදි ආරාධනා ගේ හා දරුවන් දෙදෙනා ගේ භාරකාරත්වය කවීශ්වර විසින් භාර ගනු ලබනවා කියන්නේ එතැන ඇති වූ විශාල අර්බුධයක් ගේ ඇතුළේ ම...
ආරාධනා ට තේ ටික පිටි උගුරේ ගියේ ය. ඉඟුරු සැර නිසා ඉහ මොළ දැවිල්ල ගති. ඇය හොඳට ම කැස්සා ය. තාරා ඇගේ පිටට තට්ටු කරමින් ඒ අපහසුතාවෙන් මිදෙන්නට උදව් කළා ය.
"මොනාද මන්දා මේකි කරන්නෙ...පොඩ්ඩක් කට වහං ඉන්නවකො. තාම ගෙට ගොඩ වුණා විතරයි. දික්කසාදෙ හරියට හම්බුණෙත් නැතුව කසාද ගැන කතා...
ආරාධනා සේනාසිංහ උසාවියේ සාක්ෂි කූඩුවට නැග ගත්තේ සංසාරයක් තරම් සිතිවිලි හදවත තුළ සරැළි නගත්දී ය. වසර අට නවයක් අතීතයට හිත දිව ගොස් නතර වූයේ ඇය පෝරුවට නැග ගත් මොහොත මත ය. එදා තැබූ පියවරත්, අද තැබූ පියවරත් අතර අහසට පොළොව තරම් වෙනසක් තිබේ. සාක්ෂි කූඩුවේ වැට අල්වා ගත් ගමන්...
හිරි පොද වැස්ස චිරි චිරි ගා වැටෙමින් තිබිණ. ආරාධනා හිඳ සිටියේ වැරැන්ඩාවෙන් මිදුලට පිවිසෙන දිග පඩි පෙළෙහි ගුලි ගැසී ය. එතැනටත් සුළඟ එක්ක හිරිකඩ වැස්ස හමයි. නමුත් ඕ නො නැගිට සිටියා ය. මේ වැහි සීතලේ ග්ලැසියරයක් ව මිදී යන්නට තිබුණා නම් කියා ඇයට සිතේ. සිද්ධ වෙන දේවල් ඒ තරමට...
තාප්පය පුරා වැවී තිබුණ බහුමානියා මල් වැල, රෝලර් ගේට්ටුවට මත්තෙන් ද කවාකාර ලෙස ඇදී ගොස් තැඹිලි පාට මල් පොකුරු වලින් ගහන ය. ඒ මල් පොකුරු බර වී බිම බලා ගෙන සිටියේ ලැජ්ජාවට රක්ත වර්ණ වූ කොපුල් වලින් යුතු යුවතියන් සමූහයක් සේ ය. ඒ මල් පොකුරු දිගේ ඇද ගෙන ආ...
කවීශ්වර ගේ ඇස් කෙවෙනි මුල ලා රත් පැහැති පැල්ලමක් ඇති වූයේ ය. හුස්ම වැටෙනා වේගය ක්ෂණික ව වැඩි වී තිබිණ. උගුර කට වියළී ගිය බවක් ඔහු අත්වින්දේ ය. කවීශ්වර ගේ අත් දෙක ම බර වී තිබුණේ ස්ටියරින් වීල් එකට ය. වැලමිට සන්ධිය තෙක් නැවූ කොටු කමිස අතින් නිරාවරණය වූ...
කණාමැදිරි තිත් ගොන්නක් සරි ව විදුලි පහන් දැල්වුණ නගරය දෙස, මහල් පහළවක් ඉහළ සිට සෞභාග්‍යා බලා සිටියා ය. පසෙකින් රළ නගනා මහා සාගරය දිස් වේ. වෙරළේ සිට බලත්දී සේ නොව මේ ඉහළ මහලේ සිට බලත්දී සාගරය වෙනස් ය. රළ නැගීම ද වර්ණය ද වෙනස් ය. කාමරය දෙසින් කාශ්‍යප ගේ...
කවීශ්වර ගජධීර සිටියේ සිතිවිලි ලෝකයක ය. ඔහු ගේ දෙතොල් මත්තේ ඔහු ට ම නො දැනුණු හසරැල් රේඛාවක් වූයේ ය. බිඟුනි ගේ පාසලේ දෙමාපිය රැස්වීමට ගිහින් එන ගමන් ආරාධනා කියූ ඇතැම් දේවල් තවමත් ඔහු ගේ මනස තුළ පිළිරැව් දේ.
"කෙනෙක්ගෙන් තව කෙනෙක්ව දකින්න උත්සාහ කරන්න නරකයි කවීශ්වර. කෙනෙක්ගෙන් තව කෙනෙක්ව හොයන්නත්...
පෙර කිසි දා ක නො දැනුණ විදිහේ ආත්ම ශක්තියකින් ආරාධනා පිරීතිරී යමින් සිටියා ය. කාශ්‍යප ව යළි සිය ජීවිතයේ හතර මායිමට වද්දා නො ගන්නට ගත් තීරණය, ඇයට ඇය කවුරුන්දැයි හඳුන්වා දීමක් සරි විය. ආරාධනා සේනාසිංහ වූ කලී පිරිමියෙකු ගේ වාරුවක් නොමැතිව සිට ගත නො හැකි ගැහැනියක නොවන බව ඇය...