"මිස්ට සහස් ඇවිත් ඔයා අහනවා."
කාර්යාලීය යුවතියක එසේ අසද්දී භාග්‍යා අහසට විසි වූවා ය. සහස් ඇයව විමසයි. එය මොනතරමට ආනන්දජනක ප්‍රවෘත්තියක් ද? ඇගේ "ක්‍රෂ් එක" සහස් බව මේ කාර්යාලයේ බිත්ති පවා දන්නා කාරණාවකි. විහස්ට වඩා හැඩ කොල්ලා සහස් බවත් ඔහු ආකර්ෂණීය බවත් කියමින් ඇය දාහක් කතන්දර කියද්දී බිත්ති වලට පවා...
නිවසක කිරි සුවඳ පැතිරෙන්නට ගත් විට ඒ නිවස ආදරයෙන් පිරී යන්නට පටන් ගන්නා වග දුලන්‍යා දැන ගත්තේ සිඟිත්තිය හන්දා ය. ජීවිතය ආදරයෙන් සහ ප්‍රීතියෙන් පිරී යමින් තිබිණ. බිළිඳිය හඬද්දී දිව යන්නට කිහිප දෙනෙකුම ඉන්නා ගෙදරක ආදරය ගැන අලුත් පාඩම් ඉගෙන ගන්නට හැකි බව ඇයට සිතිණ.සෑම මොහොතකම ඈ වටා කැරකුණු...
අමුතු පන්නයේ ඕපාදූපයක් ලැබුණු විට එය ආරක්ෂා කරගන්නට සමහර ගැහැනුන්ට අපහසු ය. භාග්‍යා ඒ මොහොත පසුකරමින් සිටියා ය. නොදන්නා අලුත් අම්මා මල් පොකුරක් යැවීමේ සිට ඇගේ දරුවාට රන් ආභරණ තෑගි කිරීම දක්වා අමුතුම දේ සිදු වෙමින් තිබේ. මෙතැන රැකියාවට පැමිණි දා පටන් ප්‍රධානියාගේ අනියම් සම්බන්ධතා ගැන අසන්නට නොලැබුණු බව...
"මෙයා කොහොමද අක්කා ප්‍රෙග්නන්ට් කියලා දන්නේ?"
සඳරැස්ගේ ආවේගශීලි කටහඬ කාමරය පුරා පැතිර ගියේ ය. ඔහු මල් කළඹ දුලන්‍යාගෙන් ලබා ගත්තේ උදුරාගෙන මෙනි. එහි ඇති වචන කියවන්නට ඇයට සිතුණේ ඒ මොහොතේදී ය.
එය එවන්නට ඇත්තේ ඔහුගේ පැරණි පෙම්වතියක් ද? ඒ සිතුවිල්ල දුලන්‍යාගේ හදවත පාරවන්නට විය. නැත! ඔහුට එක එක කෙල්ලන් සමීප වන්නට...
"කතා කරන්න ඕනෑ."
කමල් විජේවර්ධන කාමරයට පැමිණීම ම පුදුමයක් බව සහස් සිතී ය. ඔහුට විහස් සමඟ ව්‍යාපාර ගැන කතා තිබේ. විහස්ට දේශපාලන ගැටලු සම්බන්ධයෙන් පවා තාත්තා සමග කතා කරන්නට ඕනෑ තරම් දේ තිබුණත් සහස් එවැනි කතාබහට අකමැති ය.
"ලොක්කා ඉන්නේ මහ පොළොවෙ නෙවෙයි. මගෙ ළමයා පොඩ්ඩා."
කමල් එසේ කියද්දී චාන්දනී කිසිවක් ම...
ඇයට ඇති වනතුරු හඬන්නට කඳුළු තිබිණ. මේ විසි හතර වසරකට ආසන්න කාලයක් හෙළන්නට අතපසූ වී තිබූ කඳුළු ය. හිත තද කර ගනිමින් නොහෙළා ඉන්නට හිත හදා ගත් කඳුළු ය. ප්‍රේමය වෙනුවෙන් අත හළ ජීවිතයක සැඟවුණු කඳුළු ය.
එහෙත් චාන්දනී මේ මොහොතේ දිය වී යමින් සිටියා ය.
තාරකා මවක් වී තිබේ. ජීවිතයේ...
චාන්දනී පුතුගේ කාමරයේ දොරට සන් කළා ය. ඇගේ "ලොකූ" කවදත් හිඳින්නට කැමති කාමරයේ දොර වසාගෙන ය.නිහඬව ය. "පොඩී" ට ජාතික රගර් කණ්ඩායමට බැඳෙන, සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියා වී දිගු දුරක් යන සිහින වේ. ඔහු කොණ්ඩය උරහිසට වවාගත් කමල්ගේ ව්‍යාපාරවලට හැකි ලෙස උදව් වෙන සෙල්ලක්කාරයෙකි. එහෙත් ලොකූට ඒවා අවශ්‍ය...
"උඹ මගේ ජීවිතේ පළවෙනි වටින දේ උදුරා ගත්තා. දෙවැනි දේ තමයි අන්තිම දේ. මං ඒකට ඉඩ තියන් නෑ."
සඳරැස් සිතන්නේ ආවේගයෙනි. ඒ ආවේගය එතරමට ඔහුට දැනේ. අම්මා කියන්නේ ජීවිතයට ඕනෑ කරන කෙනෙකු නොවන බව සිතා සිටිය ද සත්‍යය එය නොවේ. ඔහුට මහත් දුකක් ද පාළුවක් ද දැනුණු තැන් අපමණ ය.
"සම්පූර්ණ...
කියන්නට හිතෙන හැමදෙයක්ම ඒ මොහොතේම කියන්නට අවශ්‍ය නැති බව සඳරැස් ඉනික්බිතිව සිතී ය. අද අපූරු දවසකි. ඒ අපූරු දවසේ සතුට මේ ආකාරයට ඉතිරි වී තිබීම ම සෑහේ.ඇතැම්විට හිතේ ඇති ආදරය ඇයට කියන්නට යාමම අද දවසේ සන්තෝසය උදුරා ගන්නට හේතුවක් වන්නට පුළුවන.
"ඇත්තටම ඇයි ඒ රිලේෂන්ශිප් එක නැති වුණේ?"
දුලන්‍යා අසන්නේ උනන්දුවෙනි....
"ඔයා ඉන්නේ නම් වීරයා වගේනෙ"
දුලන්‍යාට එසේ කියන්නට සිතිණ. බිරිඳකට සැමියා ඕනෑම වන මොහොතේ එසේ මඟ හරින්නට බැරි වග කියා ඇය ඉන් අනතුරුව තර්ක කරන්නට පටන් ගත්තා ය.එහෙත් ඔහු හෝ ඇය එසේ තර්ක කරන්නේ කිසිම හේතුවක් රහිතව වග ඇයට අමතක ව තිබුණි. අඩුම තරමේ ඔහුට පෙම්වතියකවත් නැත. සිටියත් වෙනත් යුවතියක...