කොළඹ දිස්ත්රික්කය තුළ පිහිටි ග්රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ මිතුරා ගේ ගේ පිටුපසිනි. ගෙදරත් ඇලත් අතරේ වන භූමි භාගයේ ගෙට ආසන්න කොටස දඹල, මෑ, බණ්ඩක්කා හා වම්බටු වැනි එළවළු පාත්ති කිහිපයකින් ද කිරි අල හා දන්දිල...
තද කුස ගින්නක් දැනෙමින් තිබි නිසා අපරාජිතා ඉක්මනට ඒ නූඩ්ලස් එකෙන් අඩකට වඩා හිස් කළා ය. අත සෝදා ගෙන සසංක ට 'තැන්කූ' යනුවෙන් වට්සැප් පණිවිඩයක් තැබුවා ය. එය බලාපොරොත්තුවෙන් ම නිදි වර්ජිත ව චිත්රපටයක් බලමින් උන් සසංක ට ක්ෂණික සිනහවක් නැගුණේ ය. නමුත් ඔහු ප්රශ්නාර්ථ ලකුණක් යැව්වේ නැත. ඒ...
"ඔයා ඉක්මන් වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද පුතේ..."
අපරාජිතා උගුර යටින්, දෙදරා ගිය හඬකින් ඇසුවා ය. අනන්යා සිනහ වන්නට පටන් ගත්තා ය.
"ඔයා තාම චූටියිනෙ"
අපරාජිතා ඒ සිනහවට යටින්, ඇගේ හද දෙදරීමට මත්තෙන්, යළිදු වතාවක් බිඳුණු ස්වරයෙන් කීවා ය.
"මට වඩා චූටි අම්මි. ඒකයි අම්මි ඔහොම කලබල වෙලා තියෙන්නෙ. බී කාම් අම්මි. මේක...
කටුක කර්කෂ වියළි කාලයේ දී ඝණ පොත්තක් ඇතුළේ බීජයක් වී ආරක්ෂිත ව කාල තරණය කරන්නා වූ බීජ, වස්සානය ඇවිත් මිහි තලය වැහි දියෙන් පොඟවන්නට පටන් ගත් කල, අර ඝණ පොත්ත බිඳී, දෙපියවිලි මතු වී පැළයක් ව වැඩෙන්නට පටන් ගනී. බීජෞෂණ සමයේ උන් අපරාජිතා එහෙන් මෙහෙන් එකතු කර ගෙන විත්...
දේශිකා සසංක ගේ දොරකඩ ට එන විට ඔහු සිටියේ දෙපා ස්ටූලය මත දිග හැර ගෙන සෝෆාවට වී ඉංග්රීසි චිත්රපටයක් බලමිනි. චිත්රපට බැලීම දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අනවරත ව කර ගෙන යන සසංක ගේ හිතේ කාලයක් තිස්සේ එහෙ මෙහෙ වෙමින් පවත්නා චංචල රූප රැසකි. කාලයෙන් කාලයට ඒවායේ ප්රබලත්වය වෙනස්...
අපරාජිතා නැගී සිටියේ මුළු ආත්මය ම කලම්බා ගෙන නැගී ආ සුළි සුළඟක දැවැන්ත බලපෑමට ලක් වූ නිසා ය. ඇය යහන මත ම හිඳ ගෙන වේගවත් හුස්ම දෙක තුනක් ගත්තා ය. ළඟ පාතක විණි නම් අරවින්ද ගේ බොටුවෙන් අල්ලා සෙලවිය හැකි තරම් ආවේගයක් ඈ වෙව්ළුවන්නට විය.
"මොකද්ද ඒ කතාවෙ තේරුම...ආ...තමුන්ගෙන් දරුවව...
අපරාජිතා මතු මහලට නැගුණේ කේන්තියෙන් පුපුරමිනි. ගෙට ගිය ගමන් ඕ යහන මත හිඳ දේශිකා ට ඇමතුමක් ගත්තා ය. ඒ වෙලාවේත් ඇගේ හුස්ම කෙටි වූයේ ය. රුධිර සංසරණය වේගවත් වී ඇය සියුම් හතියක් අත්විඳිමින් සිටියා ය.
"ඕ කියනව"
"හැබැයි අරූ මගෙන් කොයි වෙලාවක හරි කනව හොඳේ"
තත්පර කිහිපයක් ගත වන තුරු දේශිකා සිටියේ...
බටහිර අහස තැඹිලි හා ගිනි රතු වර්ණ වලින් අලංකෘත ව තිබුණේ බැස යන හිරුගේ සතුටට ඉඩ දෙමිනි. අපරාජිතා අවන් හලේ කෙළවර මේසයක හිඳ ඒ මනරම් දසුන දෙස බලා ගෙන සිටියා ය. ඇගේ හිත ප්රමුදිත ය. අලුත් සතුටක් වාං දමනා සෙයක් දැනේ. දේශිකා මග එනවා කී හින්දා ඇය තේ සහ...
සසංක එහෙම ම රැහැන් දුරකතනය ඔස්සේ නාලිකා ප්රධානියා ට ඇමතුමක් ගත්තේ ය. ඔහු ගේ දෑස් තව දුරටත් නතර ව තිබුණේ ජංගම දුරකතන තිරයේ වන ටෙරාරියම් සැකැස්මෙහි ය. හරිත පෙදෙසක ඉන්නා සිහිල් හැඟීම, එදෙස බලා හිඳියදී දෑස් අත්විඳී.
මොහොතකින් එහා ඉම කතා කළේ ය.
"හෙලොව්..."
" සංජය..මං සසංක"
"ආ ඔව් සසංක..ඇයි මොකක් හරි අවුලක්ද...
දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා ය. අපරාජිතා පිටුපසිනි.
"මන්න පාරක් හරි ඉස්සරහිං යන මටනෙ. එයා බේරිල"
සමහර වෙලාවට, අපරාජිතා ඇය ව ඉස්සරහට තල්ලු කරන විට දේශිකා ගතු කියයි. ඒ වුණත් ඇය යෙහෙළිය වෙනුවෙන් නො...