"මේ අංකල් තමා මාව හොස්පිටල් එකට එක්ක ආවේ."
සුගත් අංකල්ව මිතුරියන්ට පෙන්වා කියද්දී මගේ දෑස් දිලිසිණ.දියණියක දකින්නට එන තාත්තා කෙනෙකු සේ අතින් කටින් එල්ලාගෙන ආ ඔහු දෙස මිතුරියන් බැලුවේ පුදුමයෙනි.
"ඔයාව හැප්පුවෙත් මෙයාද දන් නෑ.."
උසස්පෙළ විද්‍යා විෂයන් හැදෑරූ නමුත් ඉන් සරසවි යන්නට ප්‍රතිඵල නොලැබෙන බව නිතරම කියවන නීතිය හදාරන්නට සිහින දකින...
"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."
මා දකින්නට ආ යෙත්මී පැවසුවේ කෝපයෙන් ය.ඇගේ හඬ සැබෑ කෝපයක් තැවරී තිබිණි.
"ගෙයින් එළියට බැහැලා ගියේ කොහේ යන්න හිතාගෙනද දන් නෑ.."
උවනි ඇයට එක් වූවා ය.පාසල් කාලයේ දී ඔවුන්ගේ ගැටළු විසඳුවේ මා ය.සමාන්තර...
"මම්මේ…."
රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි මම්මා මා දෙස බැලුවේ විමසුම් නෙතිනි.
"අම්මටයි සුගත් අංකල්ටයි මොකද උනේ?"
මම්මා පිළිතුරක් නොදී තාවර වූවා ය.අම්මාගේ රහස් දියණියට හෙළි කිරීම අකටයුත්තක් බව ඈ සිතන බව මට දැනිණ.ඇය ඇගේ ප්‍රථම සහ අවසන් ප්‍රේමය...
මට ඒ රෝහලේ ඉන්නට ලැබුණේ පසුවදා වන තුරු පමණි.අම්මා බලහත්කාරයෙන් මා රෝහලෙන් පිටකරගත්තේ ඇගේ තනි කැමැත්තට ය.මගේ කැනියුලා ඉවත් කරන්නට ආ හෙදිය අපුරු ප්‍රශ්නයක් නැගුවා ය.ඊයේ දවසේ සිට ඇය අම්මාගේ රවුම් ගෙරවුම් දුටු නිසාම මේ කතාව ඇගේ ආකාරයට කියවාගෙන ඇතැයි මට පැහැදිලි ය.කරනට දෙයක් ඇත්තේ ද නැත.මේවා අම්මා විහින්...
අම්මා වාට්ටුවට පැමිණියා නොව කඩා වැදුණා ය.දෙනෙත් නිසා මා කෙරෙහි කෝපයෙන් සිටි ඇය මට අනතුරක් වේයැයි භීතියටත් වේදනාවටත් පත්ව ඇතැයි මට දැනුණේ සතුටකි.මම වෙළුම් පටිවලින් වෙලා තිබූ අතත් කකුලත් දෙස සන්තෝසදායක බැල්මක් හෙලුවෙමි.
"අවසිහියෙන් පාරේ යනවා. මොනවා හරි වුනානම් මං අර මනුස්සයාට මොනවද කියන්නේ?"
අම්මා පැවසුවේ ඒ වචන ය.මීට සුළු මොහොතකට...
අපහැදිලි ඡායාවන් ද නොදන්නා මිනිසුන්ගේ හඬ ධ බෙහෙත් ගන්ධය ධ මට තෝරා ගත නොහැකි තරමට පැටලවිලි ලෝකයක් මවා තිබිණ.පාදයක සහ අතක දැඩි රිදුමක් දැනේ.දෑස් හැර බලද්දී හිඳින්නේ රෝහලක බව මට වැටහිණ.එය බොහෝ වෙලා තිස්සේ තේරුම් ගන්නට දෙයක් ද නොවේ. තද බෙහෙත් ගන්ධය මට ඒ බව වටහා දුන්නේ එතරම් කාලයක්...
මම දුරකථනය විසන්ධි කළෙමි.දෙනෙත්ගේ කර්කශ වචන දරා ගන්නට සවියක් මා තුළ ඉතිරි නැත.මට මා ඇවිලවූ ගින්නෙන් මා දැවී යන බව දැනේ.උසුළාගත නොහැකි වේදනාව ද ලැජ්ජාව ද මා අසරණ කරමින් තිබිණ.
"දෙනෙත් කියන එකා හසරැලිව කඳුලැලි කරනවා.."
යෙත්මිගේ වචන මට දෙසවන් හි දෝකාංර නැගේ.මම මාවත දිග ඉදිරියටම ඇවිද ගියෙමි.යෙත්මිට හෝ උවනිට අමතා...
"ඔලුව අවුල් වෙලාද හසරැලි.."
ඔහු දුරකථනය විසන්ධි කර දමා පණිවිඩයක් එවී ය.එය එසේ වී අවසන් ය.ඔහු මගේ හිත සහමුලින් ම අවුල් කර දමා ඇත.
ආදරය අතරමඟ අතැර යන යෞවනයන් ද ආදරයේ නාමයෙන් ප්‍රේමවන්තියන් රවටන ආදරවන්තයන් ගැනද මම අප්‍රමාණව අසා ඇත්තෙමි.ඒවා මිනිසෙකු අතින් සිදුවිය හැකි වැරදි බව මම විශ්වාස කරමි. ඕනෑම කතාවකට...
"මට ඔයාලගෙ අම්මා කතා කරා.."
දෙනෙත් මට එසේ වට්ස් ඇප් පණිවිඩයක් එවා තිබුණි.මම කිසිවක් නොකියා සිටියෙමි.ගින්න ඇවිලී තියේ.මට ඒ ගැන සිහින් සතුටක් දැනෙන්නට පටන් ගත්තේ ය.
"මං ඔයා එක්ක යාළු කවදා ඉඳන්ද?"
ඔහු අසා එවී ය.මම එයට ද පිළිවදන් නොදීමි.දෙනෙත්ට කැළඹෙන්නට සිදු වීම ගැන සිහින් ශෝකයක් මට නොදැනුණා ද නොවේ.නමුත් ඔහුට මා...
"අම්මා තාමත් ඒ කාලේ මතක් කරන්නේ ලස්සනටම හිනා වෙවී.."
මම එසේ පැවසුවේ අයියා සමඟ ය.හදිසියේ ම මා ඔහුගෙන් දුරස්ව ඇති බවත් වැදගත්ම කාරණා පවා ඔහුගෙන් සඟවමින් හිඳින බවත් මට සිහි වූයේ ඊයේ රාත්‍රියේ ය.බස් රියේ සිටි අසංවර මිනිසාගෙන් ඇරඹුණු කතාව මට පිහිට වූ කාරුණිකයා ගැනත් ඔහුගේ අතීත ගැලපීම ගැනත් මම...