හසරැලි වැස්සේ -36

“මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට..”

මා දකින්නට ආ යෙත්මී පැවසුවේ කෝපයෙන් ය.ඇගේ හඬ සැබෑ කෝපයක් තැවරී තිබිණි.

“ගෙයින් එළියට බැහැලා ගියේ කොහේ යන්න හිතාගෙනද දන් නෑ..”

උවනි ඇයට එක් වූවා ය.පාසල් කාලයේ දී ඔවුන්ගේ ගැටළු විසඳුවේ මා ය.සමාන්තර පන්ති අතර ඇතිවන ගැටලු, ප්‍රේමවන්තයන් නිසා හිත රිදවා ගෙන පාඩම් කටයුතු මඟ හැරීම්,ගුරුතුමියන් සමග සමඟ ඇතිකරගන්නා රණ්ඩු,ශිෂ්‍ය නායිකා අක්කලාට ඇද කියන්නට ගොස් දමා ගන්නා බාල්දි වලදී ඔවුන් සමඟ සිටියේ මා ය.එකල හදවත සියුම්ව කොනිති ගැසූ ඒක පාර්ශවික ආදරය පසුකාලීනව සැබෑ කර ගන්නා සිහිනයක් පමණක් මට තිබිණ.එනිසා මා කළේ ඉගෙනීම පමණි.ඉගෙන ගැනීම මඳකට නවතා දමන සංක්‍රාන්ති කාලයක් පැමිණි විට මා අසල ඇති සියලුම ප්‍රශ්න මට පෙනෙන්නට පටන්ගෙන ඇත.

“ඔයා ගෙදර ගිය ගමන් ආන්ටි නඩු අහන්න පටන් ගන්නවා..”

සුරතල් කතා කියමින් මා සැනසීම වෙනුවට උවනි යථාර්ථය පැවසුවා ය.

“මං කියනවා දෙනෙත් කියන්නේ බොරු කියලා..”

මගේ පිළිතුරට උවනි මට තදබල රැවුමක් ලබා දුන්නා ය.

“ඔයා කරන වැඩ වලින් ලැජ්ජා වෙන්නේ හසරැල් අයියා මිසක් ඔයා නෙමෙයි…”

ඇය තරහින් පවසන්නී ය.

“අයියාට ලැජ්ජ වෙන්න දෙයක් නෑ.මේ ප්‍රශ්නෙ ඇති කරේ දෙනෙත්…”

මා කෙරෙහි ප්‍රේමයක් ඇති බව දැනෙන්නට හැර ඒ බව පැවසීම ප්‍රමාද කර අනතුරුව මා සහමුලින්ම අවුල් කර දැමීමේ වගකීම දෙනෙත්ට මිස කිසිවෙකුට අයත් නොවිය යුතු බව මම සිතමි.ඒ වැරදි සිතුවිල්ලක් දැයි සිතන්නට වත් මට උවමනා නැත.

“අපි මේ මුළු කතාවම ආන්ටිට කියන්න ඕනෑ..”

යෙත්මි අවසන් තීන්දුව ලබා දුන්නා ය.මම ඇඳ මත කෙලින් වී වාඩි ගතිමි.මා දෙනෙත් ට ආදරය ප්‍රකාශ කළ බවත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත් අනතුරුව මා උමතු වෙසකින් හැසිරෙන බවත් අම්මා දැනගතහොත් මොනවායින් මොනවා සිදුවේදැයි මට සිතා ගත නොහැකි ය.

“ඔයාලගේ අම්මලා ඔයාලගේ හොඳම යාළුවො වෙන්න ඇති.ඒ උනාට අපේ අම්මා එහෙම නෑ.එයාට මාව තවත් එපා කරන්නැතුව ඉන්නවද? ඔයාලා එයාට වචනයක් හරි කියලා තිබ්බොත් මම මැරෙන එක මැරෙනවාමයි.”

තමන්ගේ දරුවන් වගකීමක් ලෙස දරා ගැනීම මිස ඔවුන්ට ආදරය කළ යුතු බව බිඳුවකුදු නොසිතන මගේ අම්මා ඇයගේම ප්‍රශ්නයක තවම සිරවී හිඳින්නී ය.ඉන් එතෙර වෙන මඟක් පනස් විය පිරී ගිය ද තවම නොසිතන ඇය මගේ ප්‍රශ්නයට ආදරණීය විසඳුමක් ලබා දේ යැයි මම සිතන්නේ ද නැත.

“මෙච්චර දේවල් වෙලා ඔයා තවම දෙනෙත්ට ආදරේද? බොරු කියන්න ඕනෙ නෑනේ,එයා ප්‍රෙටල් බෝතලෙයි ගිනි පෙට්ටියයි අරගෙන ඔයාලගේ ගෙදර ගිහින් තියපු ගින්නට පස්සේ ඔයා කරපු කියපු සේරම අපි එයාට කිව්වා..”

උවනි නැවතත් ආදරණීය මිතුරියගේ වේශය ලබා ගත්තා ය.ඇය දැන් කතා කරන්නේ ප්‍රවේශමෙනි.

“ඒ වගේ උන් ඇත්තටම ජීවත් වෙලා වැඩක් නෑ කියලා ඒ යකා කිව්වා..”

උවනි තරමට නොඉවසන යෙත්මි වහවහා පැවසුවා ය.මගේ නෙත් කොනින් කඳුළක් රූරා ආවේ ය.නමුත් ඒ ආදරය නිසා උපන් කඳුළක් නොවන බව මට විශ්වාස ය.

“මම දැන් දෙනෙත්ට ආදරේ නෑ.ඒත් මම පලි ගන්නව.”

ආදරය සහ වෛරය අතර ඇත්තේ ඉතා සුළු වෙනසක් බව මම සාහිත්‍ය නිර්මාණ වලින් දැන සිටියෙමි.සමහර ප්‍රවෘත්ති වලින් එහි සැබෑ තත්ත්වය අත් වින්දෙමි.මේ මොහොතේ මාද ඒ කෙස්ගසේ සීමාව පැන ඇති බව පමණක් මට පැහැදිලි ය.

“ලස්සනට ඉන්න පුළුවන් ජීවිතයක් ඔයා මේ විනාස කර ගන්න හදන්නේ.. “

උවනි දිගු දේශනයකට සැරසුණා ය.එහෙත් අමුත්තෙකු මා දකින්නට ආවේ ඒ දේශනයට ඉඩ නොතබා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content