හසරැලි වැස්සේ -28

“අම්මා තාමත් ඒ කාලේ මතක් කරන්නේ ලස්සනටම හිනා වෙවී..”

මම එසේ පැවසුවේ අයියා සමඟ ය.හදිසියේ ම මා ඔහුගෙන් දුරස්ව ඇති බවත් වැදගත්ම කාරණා පවා ඔහුගෙන් සඟවමින් හිඳින බවත් මට සිහි වූයේ ඊයේ රාත්‍රියේ ය.බස් රියේ සිටි අසංවර මිනිසාගෙන් ඇරඹුණු කතාව මට පිහිට වූ කාරුණිකයා ගැනත් ඔහුගේ අතීත ගැලපීම ගැනත් මම අයියාට හෙළි කළෙමි.මම අයියාගෙන් දිගු කතාවක් සඟවාගෙන සිට ඇතැයි මට සිතිණ.

“අයියේ අහන්නකො..අද අපේ සයන්ස් ටීච..”

“අයියේ,ඊයේ අපේ මියුසික් ක්ලාස් එකේදී ජයත්මාට මාර වැඩක් වුණානෙ..”

“මේ හලෝ අයියේ අපේ කවින්දි..අර ඔයාලගෙ ගුවන්තට කැමතියිලු.කියන්න එපා ඈ..”

“අද මම්මා මාළු අංකල්ට බැන්නා බැනිල්ලක්…”

සියළුම වර්ගයේ ඕපාදුප අයියාගේ කනේ තැබූ සූකිරියා මුලින්ම ඔහුගෙන් සැඟවූ රහස දෙනෙත් කෙරෙහි ප්‍රේමය ය.ඉනික්බිති සාමාන්‍ය සිදුවීම් පවා කියන්නට මඟ හැරෙන තරමට අපි එකිනෙකාගෙන් දුරස් වී ඇතැයි මට සිතේ.අයියා නිර්මාණි අක්කා නිසා මගෙන් එසේ දුරස් නොවී ය.ඔහු කළේ අක්කාව මට වඩවඩාත් සමීප කිරීම ය.

“අම්මා මෙච්චර සැර ඒක වෙන්නැති අයියේ..”

සුගත් අංකල් ගැන සියල්ල පවසා මම වේදනාත්මක හඬින් පැවසීමි.අයියා සුසුමක් හෙළුවේ ය.

“මිනිස්සු ආදරේ කරන්න ඕන.වෙන් වෙන්න ඉඩ තියෙන්නත් ඕන.හැබැයි සූකිරි ඒ වෙන්වීම හරියට කරන්න ඕන.”

අයියා කියන්නේ සිතුවිල්ලේ ය.කටුවක් ගලවා දැමීමේ දී එය මුලිනුපුටා නොදැමුවහොත් සදාකාලික වේදනා ඉතිරි වේ.ප්‍රේමයක් ද එසේ ය.අම්මා තාත්තා හා විවාහ වන්නට ඇත්තේ ද අප බිහි කරන්නට ඇත්තේ ද ඒ ප්‍රේමය සිතේ දරා ගෙන ය.ඇය අපට අත්‍යන්තයෙන් ආදරය නොකරන්නේ එනිසා වන්නට ඇතැයි මට සිතේ.සුගත් අංකල් තාත්තාට සමාන කරමින් ඈ තවම ළතැවීම මට ගෙන ආවේ ශෝකයකි.

ආදරය එතරමටම වේදනාවක් බව මට දැනෙන්නේ අම්මා නිසා ය.

“සූකිරි,”

අයියාගේ හඬ ගැඹුරුව ඇසිණ.මම එවෙලෙහි තාරකා නොමැතිව අඳුරු වූ අහසට ඇස අලවා සිටියේ ඔහු කියන්නට යන දේ වැටහී ගිය බැවිනි.

“අම්ම වගේ වෙන්නෙපා..”

ඔහු සරල සිංහලෙන් මට පැවසී ය.

“අම්මා ඉන්නේ එයා එක්කම සටනක.සුගත් අංකල් අමතක කරගන්න බැරුව වෙන කෙනෙක් බැඳලා එයා හස්බන්ඩ්ට කැමතිත් නෑ.දරුවොත් එයාට වෙලාවකට කරදරයක්.මං ඔයාට කියන්නෙත් ඒක.අම්මා වගේ වෙන්න එපා..”

සෑම අම්මා කෙනෙකුම ගෙදර බුදුන් නොවන බවත් එසේ අරුත් ගැන්විය නොහැකි බවත් ජනප්‍රිය සමාජ ක්‍රියාකාරියෙකු ලියූ සටහනකට මගේ සමහර මිතුරියන් සාප දුන් අයුරු මට එවෙලේ සිහි විණ.දරුවෙකු දරා ඇති දැඩි කරමින් හොඳම භෞතික සම්පත් ලබා දුන්න ද ආදරය සහ වටහා ගැනීම ලබා නොදෙන තාක් අම්මාට බුද්ධත්වය ඇත්තේ සෑහෙන දුරක බව මට එදින ද නොසිතුණා නොවේ.

“දෙනෙත්ව මෙතනින් අමතක කරන්න.තව අවුරුදු පහ හයකින් අපි ඔයාව පෝරුවක නග්ගන්න ඕන..”

අයියාගේ හඬ ගලා ආවේ නියෝගයක වේශයෙනි.

“ආදරේ කරන්න එපා කියල මම ඔයාට කියන්නෙ නෑ.ඔයා දැන් දැනුම් තේරුම් තියන ළමයෙක්.තව ටික දවසකින් කැම්පස් ගියාම ලෝකේ තවත් ලොකුයි කියල ඔයාට තේරුම් යාවි.ඒ ලෝකේ පුරාම දෙනෙත්ව දකින එක දැන් නවත්තන්න..”

ඔහු මට ආදරය කළා නම් අයියා දෙනෙත්ව පිළි ගන්නේදැයි අසන්නට මට සිතිණ.

“ඔව්!”

අයියා එසේ කියා මගේ හිස් මුදුන පිරි මැද්දේ ය.

“ඒ සම්බන්දෙ කසාදයක් දක්වා යන්න තියන ඉඩ අඩුයි කියල මම දන්නවා..ඒ වුණාට ඌ ඔයාට ආදරේ කරානම් මම අකුල් හෙළන එකක් නෑ.මට මේ මොහොතේ හිතෙන්නේ එහෙම..”

දෙනෙත්, අම්මා සුගත් අංකල් නිසා ඇයට ඇය අහිමි වී අවසන් ය.මට ද ඔබ නිසා එය එසේ වේයැයි සිතෙද්දී වේදනාවෙන් මිරිකී යන බව මට දැනේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content