Novels

නිස්කලංක සති අන්තයක හවස් වරුවේ හිමංගි සිටියේ ගෙඋද්‍යානයේ මල් සිටුවමිනි.කොළඹින් එපිට පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක සති අන්ත විශේෂ දේශනයකට යන්නට නියම වූ රහල් නිවසේ සිටියේ නැත.මන්දාරා එදින දහවලේ තේජන සමඟ පිටතට ගොස් නිවසට පැමිණ සුළු මොහොතකි.සෝමදාස හා එක්ව ගෙඋද්‍යානය සකසන අතර හිමංගි ඉහළ මාලයේ සදැල්ල දෙස බැලුවේ මන්දාරාගේ සූ...
මල්ෂා ගේ ඉකි බිඳුම් හඬ මගේ සවනෙන් රිංගා ඇතුළාන්තයට කිඳා බැස, සංවේදී සෛල උත්තේජනය කරන්නට වූයේ ය. "මල්ෂා...අනේ නංගි ඇයි මේ අඬන්නෙ..." අම්මා ත්, කෑම මේසයේ අඩු වැඩිය සපයමින් උන් නීලා ත් දෙදෙන ම එක වර මදෙස බැලූහ. "අක්කී...බලන්නකො...සංකල්ප කියනව එයා ආදරේ කරන කෙනෙක් ඉන්නවලු. ඒ මං නෙවෙයිලු" "දරුවො...ඉතිං ඒකට අඬල වැඩක් නෑ...
වේගයෙන් දොරකඩ නතර වූ රිය නිසා සිරිමා බමුණුසිංහ කලබල වූවා ය.එවැනි වේගයෙන් කඩාපාත් වන්නී ලංකා බව සිරිමා මහත්මිය දන්නී ය. ලංකා එන්නේ හදිසි පණිවිඩ රැගෙන නොවේ.කුමක් හෝ ගැටළුවක් රැගෙන ය.ලංකා සැබෑ වේගයකින් දුව ආ එකම දිනය මන්දාරා මල්වර වූ දා ය.එය ද තම දියණිය තවදුරටත් ළපටි කෙල්ලක නොව යෞවනියක...
රෑ මැදියමේ අරඹුණ වැස්ස උදේ මා අවදි වෙත්දීත් වහිමින් තිබුණේ ය. ජනේල තිර රෙදි අතරින් පෙනුණ අහස මුළුමනින් මන්දාරම් ව තිබිණි. තව ටිකක් ඇඳේ ගුලි ගැසී ගෙන මම ඇස් පියා ගතිමි. ඒ වුණත් මට සංකල්ප ගේ රුව පෙනුණේ ය. ඊයේ නින්දට පෙර දුරකතනය මට මුමුණා කී ඔහු ගේ කතාව...
"මට පුංචි බලාපොරොත්තුවක් තිබුණ කිරියම්මා අන්තිම වතාවට බලන්න අම්මා එයි කියලත්.." මානසිකව ද ශාරීරිකව ද වෙහෙසකර දින දෙකකට පසු නිවසට ආ හිමංගි රහල් සමඟ පැවසී ය.ඔහු කිසිත් නොකියා ඇගේ හිස පිරි මැද්දේ ය. "ඒ ගැන මට තිබ්බ අන්තිම බලාපොරොත්තුව ඒ.ආයේ මට එයාව දකින්න නැති බව මම දන්නවා.." ඇගේ නෙත් අගින් ගලා ගිය...
දැඩි තීරණයක් ගැනීමේ හැකියාව මට තිබුණේ ය. අයියා ට ඕන දෙයක් කර ගන්න යයි කියා, රියට නැගී පිට ව රත්නපුරයෙන් නවතින්නට බැරි කමක් මට නැත. නමුත් සිතිය යුතු වූයේ ඉන් පසු උදා විය හැකි තත්වයන් ගැනයි. අම්මා දැන් හදවත් රෝගියෙකි. අප අතරේ ඇති වන සුළු ප්‍රශ්නයක් මත වුව ඇය...
නොනවත්වා නාද වන දුරකථනය අතට ගත් සුනෙත් ඒ ඉම හිඳින්නේ මන්දාරා බව හැඳින්නේ ය.ඔහු කලබල වූයේ මැදියම ළඟා වෙමින් පැවති නිසා ය.රහල් හදිසි රෝගී තත්ත්වයකදැයි සැකයෙන් ඔහු වහා දුරකථනය ඇමතී ය. "අංකල් නිදි නේද?" මන්දාරා අසන්නේ සමාව අයදින හඬකිනි. "නෑ පුතා! මම පොතක් කියව කියව හිටියේ.ඇයි මේ රෑ?" මන්දාරා තමන් හිඳින්නේ හිමංගිගේ ගම්මානයේ...
අම්මා බලන්න ට සංකල්ප රෝහලට ආවේ ය. ඔහු දුටු අම්මා ගේ වත ලස්සන සිනහවකින් පිපිණි. ඔහු ආ එක ගැන ඇය සතුටු වන බවට ඒ සිනහව මැනවින් සාක්ෂි දැරුවේ ය. දින කිහිපයකින් ඔහු නොදුටු මගේ දෑස් කෙතරම් විඩා පත් ව සිටින්නට ඇත්ද කියා මා තේරුම් ගත්තේ ත් ඔහු දුටු මතින්...
"ඔයාලට මහන්සී..මං කිව්වා නේද මම තනියම එන්නම් කියලත්." හිමංගි එසේ ඇසුවේ ගම්බද අවමඟුලක ඇති කලබලය සහ කටයුතු දෙස නෙත් අලවා බලා හුන් මන්දාරාගෙනි.තේජන සහ මෙවන් සිටියේ හිමංගිගේ ඥාති සහෝදරයන්ට එක් වීගෙන ය. "මට තනියක් නෑ හිමා.ඔයා වැඩක් කියන්නෙත් නෑ මට.." මන්දාරා එසේ කියමින් හිමංගි ඈ අසලින් හිඳුවා ගත්තා ය. "කරන්න තරම් වැඩක් නෑ.මේ...
කෑම මේසය සූදානම් වෙන තුරු අපි තිදෙන බරාඳයට වී කතා කරමින් සිටියෙමු. තිදෙනා කීවාට වැඩිපුර කතා කළේ අම්මා හා සංකල්ප ය. මා නිහඬ ව අසා සිටියා පමණකි. ඔවුන් වැඩිපුර කතා කළේ රත්නපුරයේ පරණ අසල්වැසියන් ගැන ය. අම්මා ගේ අතීත මතක අස් කොන් පාදා සංකල්ප ඒවා අලුත් කර දුන්නේ ය....