Novels

"අද ඉඳන් තරිඳි ෂූටින් එනවනෙ.." ටෙලි නාට්‍යයේ රූගත කිරීමට යන අතර ඉඳුවරට ආරංචියක් ලැබිණ.එක්වරක් දුටු යෞවනිය දැක ගැනීමේ ආශාවකින් ඔහු පිරී ගියේ ය.බොහෝ යුවතියන්ගේ ප්‍රේමාරධානා ඔහු උසුලන්නේ සිනාවකිනි.ඒ එක් දෑසක්වත් ඔහුව කළඹන්නට සමත් වී නැත. "උඹට කෙල්ලක් හිටියේ නෑ කියන්නෙ මහම මහ බොරුවක්.ආදරයක් තාම දැනිලා නෑ කියලා පත්තරවලට බොරු ඉන්ටර්විව් දෙන්න...
විවාහ ලියාපදිංචියක් හා දික්කසාද නඩුවක් අතර වන්නේ අහසට පොළොව තරම් පරතරය කි. එය වටහා ගන්නට නම් දික්කසාද නො වුණත්, නඩුවක් ඇසෙන උසාවියක ඒ අත්දැකීම විඳ ගත යුතු ය. කාලයක් තිස්සේ එක් ව ජීවත් වූ අඹු සැමියන් ඔවුන් ගෙන් වෙන් වීම පතා, මහ පිරිසක් ඉදිරියේ ඉදිරිපත් කරනා හේතු, අසා සිටින්නට...
අමන්දී ගල් ගැසිණ.එපා යැයි වළකන්නට තරම් වෙලාවක් නැත.අදීෂ දුරකථනය තැබුවේ ඉඳුවර අත බව ඈ දැන සිටියා ය.ඇයට ඇමතුම විසන්ධි කරන්නට ඕනෑ විය.නමුත් ඒ ඉඳුවර කෝපයට පත් කිරීමකි.නැතහොත් ඔහුට තමා කියවා ගැනීමට ඉඩ දීමකි. "ඉඳුවර..කොහොමද ඔයාගේ ඩ්‍රාමා එක අපි හැමදාම බලනවා.." කටපාඩම් කරගත් අන්දමේ ඒ වචන කිහිපය ඉඳුවරට ගෙනාවේ අපහසුවකි. වෙලාවට ආහාර...
දික්කසාද නඩුව ඇසෙන්නට ගත්තේ ය. දික්කසාදය ලබා දීමට නම් ඔහු ට වූ අවමානය වෙනුවෙන් මංජුල අති විශාල වන්දියක් ඉල්ලා සිටියේ ය. එය නො ගෙවන්නේ වී නම් කිසි සේත් දික්කසාදය ලබා දිය නො හැකි බව ඔහු කීවේ ය. "ඔය තරං සල්ලියක් කොහෙන්ද නිකී දැං අපි ළඟ...ඔයා හොඳට ම දන්නවනෙ පප්ප අන්තිමට...
අදීෂ බොහෝ කාලයකට පසු ඉඳුවර මුණ ගැසෙන්නට ආවේ ය.තරු තරගයේ අතරමගකින් ඉවත් වන්නට සිදු වූ පසු ඔහු රූපවාහිනි නාලිකාවල කටයුතුවලට එතරම් සහභාගී වූයේ නැත.සරසවියේ කථිකාචාර්යවරයකු වූ දා සිට ඔහුට කටයුතු අධික විණි. ඉඳුවර අවදි වූයේ ද අදීෂ පැමිණි පසු ය.අතීතයේ නේවාසිකාගාරයේ කාමරයක ගෙවූ ජීවිතය අදීෂට සිහිව ආවේ ය.ඔහු ඉඳුවරගේ නිවහන...
නිකිනි ව ගෙනැවිත් තිබුණේ මංජුලගේ ගේ නිවසට ය. ඇය කේන්තියෙන් ද පිළිකුළෙන් ද දැවුණා ය. නමුත් මංජුල ඒ ස්වරූපය දෙස බලා උන්නේ සිනහ වෙවී ය. "ඔයාට මං හොඳින් කිව්වනෙ ගෙදර එන්න කියල. හොඳින් බැරිනං නරකින් හරි මං මට ඕන දේ කරනව කියල ඔයා දන්නවනෙ...නේ..." "ඔහේ මහ ජරා මිනිහෙක්. තිරිසන් සතෙක්ටත් වඩා...
ඉඳුවර අමන්දී ආදර කතාව
මල් පිපී ගෙන එත්දී වසන්තය දෝතින් ම වැළඳ ගන්නට සිතෙන්නේ ය. නිකිනි සිටියේ ඇගේ ජීවිත වසන්තයෙහි මලක් ව පිපෙමින් ද සුවඳක් ව සුවඳවත් වෙමින් ද සමනලියක් ව වසන්තයෙහි සරමින් ද ප්‍රීතියෙනි. ඇයට මෙහෙව් යෞවනයක් තිබුණේ නැත. යෞවනයේ දී ඕ බොහෝ නිහඬ හා නිවුණු ගැහැනු ළමයෙකු වූවා ය. පිරිමින් ළමයින්...
අමන්දී එදින රාත්‍රියේ සඳුනි සමඟ තරු රියැලිටිය බලන්නට හිඳ ගත්තා ය.අවිශ්ක සිටියේ ජංගම දුරකථනයේ ක්‍රීඩාවක නිමග්නව ය.සුරංග පුරුදු කළ ඒ ක්‍රීඩාවට ඔහුගේ ඇති ඇල්ම අමන්දීට සිනා උපදවන සුළු ය.නමුත් හරිහැටි බලද්දී අවිශ්ක කුඩා ලෝකයක් අයත් අහිංසක මිනිසෙකු බව අමන්දීට සිතිණ. "අනේ අන්න ඉඳුවර.." සඳුනි කෑගසන්නට ගත්තා ය.අමන්දී කාලයකට පසු රූපවාහිනී තිරයෙන්...
ඇතැම් වෙලාවට ජීවිතය වූ කලී අදහා ගත නො හැකි මායාවකි. මායාමය ග්‍රහණයන් ට හසු වූ කල සැබෑව කුමක් ද කියා වෙන් කොට හඳුනා ගත නො හැකි තත්වයන් පවා උද්ගත විය හැකි ය. මේ ත් එහෙම නිමේෂයකි. විදත් හා මංජුල යන දෙදෙනා ම පසු වූයේ කිසියම් මායාමය මනෝ භාවයක ය....